බොරැල්ල ප්‍රදේශයේ මෝටර් රථයක් ගිනිගනී
Friday, 15 November 2019 - 8:14 | Views - 477
බොරැල්ල - මොඩ්ල්ෆාම් මංසන්ධියේදී ඊයේ මෝටර් රථයක් ගිනි ගැනීමට ලක්වුණා.
ඊයේ පස්වරු හයට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
මාර්ගයේ ධාවනය වෙමින් තිබියදී එක්වරම මෝටර් රථයෙන් දුමාරයක් පිටවී ඇති අතර, ඒ සමඟම මෝටර් රථය මාර්ගයෙන් ඉවතට කර නතර කර එහි සිටි පිරිස ඉන් ඉවත්ව තිබෙනවා.
කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය ගින්න මැඬපැවැත්වීම සඳහා එම ස්ථානයට කැඳවා ඇති අතර, ගිනි නිවන රථ පැමිණෙන විටත් මෝටර් රථය ගින්නෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.
Share This Article