විදේශ ගුවන් යානා වලින් අය කරන ගාස්තු සංශෝධනයක්
Thursday, 14 November 2019 - 16:24 | Views - 733
වසර 38 කට පසුව ගුවන් මාර්ගස්ථ සංතරන පහසුකම් හා සේවා සැපයීම් ගාස්තු සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව, විදේශ ගුවන් යානාවලින් අය කරන ගාස්තු සියයට 57කින් ඉහළ නංවනු ඇති.
නව ගාස්තු සංශෝධනයත් සමඟ දෛනිකව ලැබෙන මුදල රුපියල් මිලියන 6 දක්වා ඉහළ යනු ඇති බවයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළේ.
ශ්‍රී ලංකා ගුවන් සීමාවේ දෛනිකව පියාසර කරන ගුවන් යානා ගණන 125 ක් වන අතර, මීට පෙර එම ගුවන් යානාවලින් දෛනිකව ලැබුණු මුදල රුපියල් මිලියන 3 යි දශම 9 ක් වනවා.
Share This Article