හෙට සහ අනිද්දා තද වැසි
Thursday, 14 November 2019 - 15:04 | Views - 855
සබරගමුව , මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල , මාතර , සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් හෙට (15) සහ අනිද්දා සවස් කාලයේදි ගිඟුරුම් සහිත වැසි ඇති විමේ ඉහළ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
උතුරු සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇතිවන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව 1.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සබරගමුව , මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල , මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මි 75 – 100 පමණ තරමක වර්ෂාපතනයක් ඇති විය හැකිය.
ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනිමට අවශ්‍ය පියවර ග්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලයි.
Share This Article