දකුණු ඉන්දියාවේ දුම්රිය දෙකක් ගැටෙයි - 10 දෙනෙකුට තුවාල
Monday, 11 November 2019 - 13:25 | Views - 342
දකුණු ඉන්දියාවේ තෙලංගනා ප්‍රාන්තයේ හයිද්‍රාබාද් හිදී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
සංඥා දෝෂයක් හේතුවෙන් හයිද්‍රාබාද් හි කචේගුඩා දුම්රිය ස්ථානයේ නවතා තිබූ සීග්‍රඝාමී දුම්රියක එම මංතීරුවේම ධාවනය වූ මගී දුම්රියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි එරට වාර්තා සඳහන් කළේ.
දුම්රිය ස්ථානය ආසන්නවීම නිසා දුම්රිය අවම වේගයක ධාවනය වී ඇති අතර, ඒ හේතුවෙන් වැඩි හානියක් සිදුවී නැහැ.
Share This Article