මවක් දරුවෙක් මේ ලෝකයට බිහිකරන්නෙ මොනතරම් කැප කිරීමක් වේදනාවක් දරනවාද කියා මා ඇස් දෙකෙන්ම දැක්කා
Monday, 11 November 2019 - 12:31 | Views - 10,160
සෙනෙහේබර පියෙකු ලෙසින් හිස ඔටුනු පැළඳුවත් ඔබ අදටත් පේ‍්‍රක්ෂක ආදරය නොවඩුව ලබනවා නේද?

ඔව්. අපි ඉන්න ක්‍ෂේත‍්‍රයේ ගොඩක් අය විශ්වාස කරන දෙයක් තමයි විවාහය, දරුවන් ලැබීම තම වෘත්තියෙන් ඉදිරියට යන්න බාධාවක් වන බව. නමුත් මා ඒ මතය වෙනස් කළා. පෞද්ගලික ජීවිතය වෘත්තීය ජීවිතයට සම්බන්ධකර නොගෙන වෙන වෙනම ඒවාට වටිනාකමක් දී කටයුතු කරනවා නම් සාර්ථක පවුල් ජීවිතයක් ගතකිරීම, දරුවන් ලැබීම වෘත්තියෙන් ඉදිරියට යෑමට කිසිදු බලපෑමක් ඇති වන්නේ නැහැ. මට හිතෙන්නේ වෘත්තිය වෙනුවෙන් සිදුකරන කැපකිරීමත්, විනය කියන දේ උපරිමයෙන්ම පිළිපැදිමත් කියන කරුණු නිසා පෙරට වඩා ආදරයක්, ගෞරවයක් පේ‍්‍රක්‍ෂකයාගෙන් මම අද ලබනවා කියා. ඒ ගැන සැබෑවටම සතුටුයි. කොහොමටත් මම හිතාගෙන හිටියා විවාහ වුණ ගමන්ම දරුවෝ හදන්න  ඕනේ කියලා.

දරුවෝ ඉන්න පවුලක් කොහොමද ඔබ දකින්නේ.

දරුවෝ පවුලට එකතුවෙනවා කියන්නේ පවුලක් අංගසම්පූර්ණ වෙන්න බලපාන ප‍්‍රධානම දෙයක්. අද මට දරුවෝ දෙන්නෙක් ඉන්නේ. මුළු පවුලම පිරිලා වගෙයි. තව දරුවෝ ගොඩක් හිටියොත් ඒක පවුලට ආලෝකයක් වගේම ශක්තියක්.

දරුවෝ ගැන විස්තර?

ලොකු පුතාට අවුරුදු හයමාරයි. චූටි පුතාට අවුරුදු පහයි.

පුතාලාටද ආසාවෙන් හිටියේ?

ඔව්. මම තරුණ වයසේ ඉඳලාම හිතපු දේ තමයි මට යාළුවෙක් වගේ ආශ‍්‍රය කරන්න පුළුවන් පුතෙක් කවදාහරි ඉන්න  ඕනේ කියලා. මොකද මගේ තාත්තායි, මායි හිටියෙත් යාළුවෝ වගේ.
දරුවෙක් ලැබෙන්න යනවා කියලා පණ්විඩය මුලින්ම කනට ඇසුනාම මොකද හිතුණේ.

අමතක නොවෙන සොඳුරු මතකයක් ඒ මොහොත. එකවර ලොකු සතුටක් ආවා. ඒ එක්කම හිතට දැනුන දේ තමයි ලොකු වගකීමක් ඉදිරියේදී ඉටුකළ යුතුයි කියා. ඉදිරියට ප‍්‍රවේශමෙන් ජීවත්විය යුතුයි කියන අවදානමත් මම තාත්තා කෙනෙක් වෙන්න යනවා කියලා දැනගත්ත මොහොතේම හිතට දැනුණා. ඇත්තම කියනවානම් සතුටත් සමග හිතට හිතන්නට යමක් ඉතුරු කළ කාරණයක්.

දරුවන් ලැබෙන්න ඉද්දි බිරිඳව ආදරෙන් බලාගත්ත විදිහ මතකයේ තිබෙනවාද?

දරුවා ලැබෙන්න සිටි මාස නවයක් පුරාවට වගේම ඇය මගේ ජීවිතයට සම්බන්ධ වූදා සිට අද වෙනකම්ම දින දින අප ආදරේ ලියලා වැඩුනා විනා පසුබෑමක් වුණේ නැහැ. ඇත්තටම දරුවෙක් ලැබෙන්න ඉන්න කාලේදි ආදරෙන්, සෙනෙහසින් බැලූවා මෙන්ම, දරුවන් ලැබුණාට පස්සෙත් ආදරෙන් බලාගන්නවා. මගේ දරුවන්ට අම්මා වුණ ඇය ගැන ආදරය වැඩිවුණා විනා අඩුවෙලා නැහැ.

පිරිමි දරුවන් ලැබීම පරම්පරාව ගෙන යෑමට රුකුලක් නේද?

නැහැ කවදාවත් මම එහෙම හිතලා නැහැ. පරම්පරාව ගෙනියන්න දරුවෝ සිටිය යුතුයි කියා මම කවදාවත් හිතුවේ නැහැ. එහෙම හිතලා ළමයිව හදලත් නැහැ.

දරුවන්ගේ අනාගතය කෙසේ විය යුතුයි කියා ඔබ විශ්වාස කරනවාද?

මම ලොකුවට ඔවුන්ගේ අනාගතය ගැන හිතලා නැහැ. කොටින්ම කියනවානම් ‘‘ඔයා හොඳට ඉගෙන ගන්න  ඕනේ කියලා’’වත් කවදාවත් මම දරුවන්ට අණ කරළාත් නැහැ. පුංචි වුණත් ඔවුන් මා නියැලෙන ක්‍ෂේත‍්‍රයට කැමතියි කියා දැන්මම පේනවා. ලස්සනට සිංදු කියනවා. සංගීත භාණ්ඩ හොඳින් ප්ලේ කරනවා. නමුත් මා කිසිදා සිතා නැහැ පුතුන් දෙදෙනා අනාගතයේදී කලාවට සම්බන්ධ විය යුතුයි කියා.

හැබැයි මම මෙහෙම දෙයක් නිතර හිතනවා, මගේ දරුවෝ දෙන්නාට මම විඳපු දුක කවදාවත් විඳින්න  ලැබෙන්න එපා කියලා. මම ජීවිතේ පටන් ගත්තේ බිංදුවෙන්. ඒ දේවල් කිසිදා දරුවන්ට අත්විඳින්නට නොලැබේවා කියා සිතනවා. පුතාලා දෙන්නෙක් ඉන්න නිසා එයාලත් එයාලා වෙනුවෙන් යමක් කරගත යුතුයි. එසේ නොමැතිව හැමදේම දුන්නොත් දරුවෝ යමක් ඉගෙන ගන්නේ නෑනේ.

ඔබේ ප‍්‍රසිද්ධිය කෙසේද දරුවන් තේරුම් අරං ඉන්නේ?

මා නියැලෙන වෘත්තිය, මා ලබනා ආදරය, ගෞරවය ගැන දරුවන්ට යම් අවබෝධයක් තිබෙනවා. ඔවුන් ඒ ගැන සතුටු වෙනවා. නමුත් මම කවදාවත් ඔවුන්ට මගේ නම පාවිච්චි කරලා අයුතු ප‍්‍රයෝජන ගන්න පෙළඹුණේ නැහැ. උදාහරණයක් ලෙසට වැරදි වැඩක් කරලා මම ශිහාන් මිහිරංගගෙ පුතා කියලා බේරෙන්න දීලා නැහැ. පාසලේ රැුස්වීමට ගියත් මම සාමාන්‍ය තාත්තා කෙනෙක්. කවදාවත් මම ගොඩනගා ගත්ත චරිතයකින් පිම්බෙන්න දරුවන්ට ඉඩතියලා නැහැ. මමත් එහෙම නැහැ. දරුවෝ බිරිඳ එක්ක ජීවත්වෙන සරළ ජීවිතය තුළ මම ප‍්‍රසිද්ධිය විස්තර කරන්න කැමති නැහැ.

පිය සෙනෙහස නිර්වචනය කරන්න කිව්වොත් ඔබ කෙසේද එය නිර්වචනය කරන්නේ?.

පිය සෙනෙහස කියන්නේ කවදාවත් ඇගයීමට ලක් වෙන්නේ නැති දෙයක් ලෙසටයි මම දකින්නේ. ඒ දේ තේරෙන්නේ තාත්තා කෙනෙකු වුණදාට. මමත් මගේ තාත්තාව කවදාවත් ඇගයීමට ලක්කරලා නෑ. ඒක තමයි ඇත්ත.

තාත්තා කියන චරිතය ආසියානු රටවල බොහෝ විට රාමුකර තිබෙන්නේ පවුලේ සියලූ බර දැරිය යුතු නියමුවෙක් ලෙසට. තාත්තා මේක කළ යුතුයි. තාත්තා අරක කළ යුතුයි. එය කෙසේ කරන්නේද කියන එක අදාළ නෑ. තාත්තා වගකීම් දැරිය යුතුයි. වගකීම් සියල්ල නොපිරිහෙලා ඉටුකළත් අවසානයේ ඒවා ලබන පිරිස තෘප්තිමත් වෙනවාද කියන එක ගැටලූවක්.

දරුවන් ලැබුණු විට පියෙකුට දැනෙන හැඟීම කෙබඳුද?

ම්... අනාගතයේ කිසිදාක අපි තනිවෙන එකක් නැහැ. දරුවන් නිසා අපේ මතු ආරක්‍ෂාව සැලසෙයි කියා දරුවන් ඉපදුනාම හිතට දැණුනා. දරුවන් කියන්නේ බලාපොරොත්තුවක් කියලත් කියන්න පුළුවනි. අනාගතය සාර්ථකව ගතකරන්න. සතුටින් ඉන්න, වගේම කවදා හරි දවසක අම්මටයි, තාත්තටයි ශක්තියක් වෙයි කියන එක දැනෙනවා.

දරුවෝ නිසා සංවේදී වුණ අවස්ථාවක් මතකයේ තිබෙනවාද?

එහෙම විශේෂ සිදුවීමක් නැහැ. නමුත් දරුවෝ දෙන්නාම ඉපදෙන වෙලාවේ මම ලේබරූම් එකේ හිටියා. ඒ මොහොතේ මවක් දරුවෙක් මේ ලෝකයට බිහිකරන්නෙ මොනතරම් කැප කිරීමක් වේදනාවක් දරනවාද කියා මා ඇස් දෙකෙන්ම දැක්කා. ඒතරම් ලොකු වේදනාවක් සතුටින් දරන්න මේ ලෝකයේ කිසිම පිරිමියෙකුට බැහැ. මම ඒ සිද්ධිය දැක්කාට පස්සේ හිතුණා මම අම්මාට කොච්චර ණය ගැති ද කියලා. ඉස්සර පුංචි පුංචි දේවල් වලට මම මගේ අම්මා එක්ක කොච්චර රණ්ඩු වෙනවාද? ඒත් මමත් දරුවෝ ඉන්න තාත්තා කෙනෙක් වුණාම, මාගේ බිරිඳත් දරුවන් බිහිකළාම අම්මාගේ අගය ගොඩක් දැනෙන්න පටන්ගත්තා. සැබෑවටම දරුවන් මේ ලෝකයට බිහිකරන්න ගන්න වෙහෙස වෙනුවෙන් තම බිරිඳට ස්වාමියා ගරු කළ යුතුයි.


ඔබ ප‍්‍රසිද්ධ තරුවක්. දරුවන් ලැබීම ඔබේ ගමනට බාධාවක් වූවේ නැද්ද?

නැහැ. පෙරට වඩා ප‍්‍රසිද්ධියක් ගෞරවයක් ආදරයක්  මම අද සමාජයෙන් ලබනවා. සල්ලි වලට  ඕනෑම දෙයක් කරන්න මම කිසිදා නොපෙළඹීමත් මාගේ වටිනාකම වැඩිවෙන්න බලපාපු කරුණක්.

සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන ඔබ ජනප‍්‍රිය පුද්ගලයෙකු වුණේ වාසනාව නිසාද?

සියයට සියයක් ජීවිත සාර්ථකවුණ පුද්ගලයෝ ලෝකයේ කොහෙවත් නෑ. මම  ඇචිව් කරන්නේ අඩුම තරමේ සියයට 75ක උපරිමයකින් එම අගය තියාගන්න. මා පෞද්ගලිකව හිතනවා. මම සාර්ථකයි. ඔබ මගෙන් ඇහැව්වා මට සියල්ල ලැබුණේ වාසනාවට ද කියලා. උත්තරේ තමයි නැහැ. වාසනාව අපිව හොයාගෙන එයි කියලා අපි ඉරහඳ තාරකා විශ්වාස කර කර හිටියානම් සමහර විට ශිහාන් මිහිරංග කියලා කෙනෙක් අද නැති වෙන්න තිබුණා. මට ජනතාව ලබාදුන්න අවස්ථාවෙන් මම උපරිමය දක්වා අද පැමිණ තිබෙනවා. ඒ ජයග‍්‍රහණයට මූලිකම හේතුව කැපකිරීම. අනිත් දේ තමයි නොපසුබස්නා උත්සාහය. මා තුළ තිබූ දින දින වැඩුණු අප‍්‍රතිහත ධෛර්යය. අප තුළ ඇති පුංචි දක්ෂතාවයක්. ඉදිරියට ගෙන යන්න අප තුළ ඇති ධෛර්යයට මේ විශ්වයෙනුත් ලොකු ආශිර්වාදයක් ලැබෙනවා. එයයි මා දන්නා... ඔබට කිව හැකි දියුණුවේ මාර්ගය.

මා අද මෙතන ඉන්නේ පේ‍්‍රක්ෂක ඔබේ ආදරය නොඅඩුව ලැබූ නිසා. එය මා කිසිදා අමතක කරන්නෑ. ඇත්තටම මා ඔබ සැමට සැමදා ආදරෙයි.

අසුන්තා එදිරිසූරිය
Image may contain: 1 person, standing
Share This Article
Hiru Tv Blog
කායවර්ධනය සඳහා මෙන්ම ක්‍රීඩකයන් තමන්ගේ...
Hiru Tv Blog
කොල පැහැති පලා වර්ග එළවළු නිරතුරුව ආහාරයට...
Hiru Tv Blog
ප්‍රශ්නය - පිළිකා රෝගය සුව කිරීමට සහ පැතිරීම...
Hiru Tv Blog
"කළු කපුටා සුදුවන තුරු, මෝල් ගහේ දලු ලන තුරු,...
Hiru Tv Blog
සෑම ආහාර වේලකටම පසු පිරිසුදු වතුරින් කට...
Hiru Tv Blog
කාලෙකට පස්සේ නේද ඔබ නැවැත ටෙලිනාට්‍යයකට සම්බන්ධ වුණේ?අවුරුද්දකට විතර පස්සේ...
Hiru Tv Blog
අද මේ කියන්න හදන කතාව ආරම්භ වෙන්නේ 2000 වර්ෂයේ. එදත් වෙනදා වගේම නැගෙනහිර ආකාසෙන්...
Hiru Tv Blog
ලෝකයේ නිරන්තරයෙන්ම කතාබහකට මෙන්ම දැඩි අවධානයකට ලක්වෙන සුරූපී චරිතයක් තමයි...
Hiru Tv Blog
Saturday, 06 July 2019
Hiru Tv Blog 9,406 Views
1G , 2G, 3G  යන යුග පසු කරමින් වර්තමානයේ අපි ඉන්නේ 4G, 4G LTE  යුගයේ, ඔන්න දැන් 4G LTE  යුගයේත්...
Hiru Tv Blog
පසුගියදා Facebook, Instagram, WhatsApp යන සමාජ මාධ්‍ය ජාලා හදිසියේම කඩාවැටීමකට ලක්වුණා. WhatsApp සහ...
Hiru Tv Blog
Android 4.0.3, IOS 8 හෝ KaiOS 2.5.1 මෙහෙයුම් පද්ධති වලින් ක්‍රියාත්මක වන ජංගම දුරකථන WhatsApp භාවිතය...
Top