දැඩි හිරු රැසින් ඔබේ සම රැකගන්න ආයුර්වේදීය පිළියම්
Wednesday, 06 November 2019 - 12:03 | Views - 1,380
දැඩි හිරු රශ්මියට නිරාවරණය වන්නට සිදු වීම ගැහැනු-පිරිමි, බාල-මහලු කොයි කාටත් පොදුවේ මුහුණ පාන්නට සිදු වන තත්ත්වයක් බවට පත්වෙලා. දැඩි හිරු රශ්මිය සමට සිදු කරන හානි බොහොමයි. මෙයින් ප්‍රධාන වන්නේ සම පිළිස්සීමයි. එමෙන්ම දහදිය අධික ලෙස පිටවීම නිසා සම වියළීම, විජලනය, අධික තෙහෙට්ටුව මෙන්ම මේ හේතු ගණනාව නිසාම ඇතිවන අසහනකාරී බව නිසා නිතර කේන්ති යාමද දකින්නට පුළුවන්.

මේ සියලුම ගැටලු සඳහා ආයුර්වේදයේ ප්‍රතිකර්ම හා සත්කාර බොහොමයක් පවතී.

දරුවන්ට..

සමේ රතු වීම්, බිබිලි දැමීම වැනි දේ කුඩා දරුවන් හා ළදරුවන්ට ඇතිවන තවත් ගැටලුවකි. මේ සඳහා රත්මල් කැකුළු, කොහොඹ, වෙනිවැල්, සමන් පිච්ච තැම්බූ ජලයෙන් ඇඟ සේදීම සුදුසුයි. මෙය වඩාත් සුදුසු වන්නේ ළදරුවන් සඳහා ය. එමෙන්ම නිතර නිතර දියර වර්ග පානයට දීම හා ස්වභාවික පරිසරයේ සිසිල් සුළං වැදීමට සැලැස්වීම ඉතා වැදගත් වේ.

කළ යුතු දේ...

කාන්තාවන්ට විශේෂයෙන් සම පිළිස්සීම අවම කිරීමට සමට ගැළපෙන සන් ක්‍රීම් එකක් භාවිත කිරීමට මතක තබා ගන්න. අනෙකුත් දිනවලට වඩා මේ දිනවල වැඩි ජල ප්‍රමාණයක් පානය කිරීම ඔබගේ සෞඛ්‍යයට මෙන්ම රුව රැක ගැනීමට ද වැදගත් වේ. එමෙන්ම හැකි සෑම අවස්ථාවක ම සිරුර සිසිල් කරන ශාකසාර පාන වර්ග ගැනීම ද මේ දිනවල දී සිරුරේ දාහය නිවීමට මෙන්ම සෞඛ්‍යයට ද සුදුසු ය.

ඔබ එළිමහනේ වැඩ කරන විට හෝ ගමන් බිමන් යන විට හිරු රැසින් ආවරණය වීම සඳහා කුඩයක්, හිස් වැසුමක් වැනි දේ භාවිත කිරීමට පුරුදු වන්න.

සම සිසිල් කිරීමට...

බාහිරව සම සිසිල් කිරීම සඳහා හොඳ ස්ක්‍රබ් එකක්කර සමට හොඳ පැක් එකක් යෙදීම කළ යුතුයි. ඒ සඳහා කොහොඹ පොතු කුඩු, සදු හඳුන් කුඩු, වෙනිවැල් කුඩු, දේවදාර කුඩු, අගිල් කුඩු, එළකිරි හා පිපිඤ්ඤා යුෂ, කෝමාරිකා යුෂ සමඟ හොඳින් මිශ්‍රකර පැය විසිහතරක් තිබෙන්නට හරින්න. පසුව සිරුර කොහොඹ සහ කහ තැම්බූ වතුරෙන් සෝදා ඉහතින් සඳහන් කළ ආලේපය ගල්වා හොඳින් ස්ක්‍රබ්කර මඳ වේලාවක් සිරුරට උරා ගැනීමට තබන්න. මෙම ආලේපනය සිරුරේ වියළුණාට පසුව සෝදා හරින්න.

ඉන්පසු නෙල්ලි කුඩු, නාමල් රේණු, ලොත් සුඹුල්, මුංඇට පිටි, ඕලු පිටි, කෝමාරිකා යුෂ, පිපිඤ්ඤා යුෂ හා පොල් වතුර සමඟ හොඳින් මිශ්‍රකරගන්න. මෙම ආලේපනය සිරුරේ ආලේප කොට වියළුණාට පසුව සෝදා හරින්න.

දහදිය දුගඳට..

එමෙන්ම දහදිය දුඟද ද මේ දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයේ තවත් එක් අතුරු අපහසුතාවකි. දහදිය දැමීම හැමටම සිදු වුවද ඇතැම් අයගේ දහදිය ඉතා දුර්ගන්ධයෙන් යුක්තයි. එමනිසා පොදු ස්ථානවල දී මෙන්ම පොදු ප්‍රවාහන සේවාවල දී පමණක් නොව ඇතැම්විට නිවෙසේ දී පවා අපහසුතාවට පත්වන්නට සිදු වේ. එම නිසා පහතින් සඳහන් ප්‍රතිකර්මය සිදු කිරීමෙන් ඔබට පහසුවෙන් ම දහදිය දුර්ගන්ධයෙන් මිදීමට හැකියාව ලැබේවි.

බෙලි කොළ, කොලං කොළ, සැවැන්දරා මුල්, දෙහි පොතු කුඩු, අගිල්, සුවඳ කොට්ටං හොඳින් කුඩුකර (පවුඩර් මෙන්) දහදිය එකතුවන කිහිළි වැනි ස්ථානවල ආලේප කරන්න. මඳ වේලාවක් තබා සෝදා හරින්න.

රැයක් පෙඟෙන්නට තැබූ දුරු වතුර පානය කිරීම ද දහදිය දුර්ගන්ධයෙන් මිදීමට ප්‍රතිකර්මයකි.

මේ දිනවල කපු රෙදි හා දහදිය උරා ගන්නා රෙදිවලින් මැසූ ඇඳුම් තෝරා ගැනීම මඟින් වැඩි පහසුවක් ලබා ගත හැකියි. එමෙන්ම හැකි සෑම විටකම ස්වාභාවික සුළං රැල්ලක පහස විඳීමට කාල වේලාවක් යොදා ගන්න.

අව්රැසට පිළිස්සුණ මුහුණට...

අව් රශ්මියට පිළිස්සුණ මුහුණේ සම සඳහා කහ පැහැති දොඩම් ගෙඩියක් ලෙලි ගසා එම පොතු හොඳින් අව්වේ වියළා කුඩුකර ගන්න. මෙයට එළකිරි, මී පැණි, පොල් වතුර ස්වල්පයක් ආදිය මිශ්‍රකර මුහුණේ ආලේප කරන්න. එය වියළුණාට පසුව සෝදා හරින්න.

මේ ප්‍රතිකර්ම සිදු කිරීම මඟින් ඔබට මේ අපහසුකාරී දැඩි හිරු රශ්මිය නිසා සිදුවන අපහසුතාවන් අවමකර ගැනීමට හැකියාව ලැබේවි.
Share This Article
Hiru Tv Blog
බොහෝ කාන්තාවන් රුව ගැන සැලකිලිමත්. ඒත්...
Hiru Tv Blog
අංශභාගය, අධික රුධිර පීඩනය, ආතරයිටීස් සමඟ...
Hiru Tv Blog
දැනට පවතින උණ, කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව...
Hiru Tv Blog
කෑම කෑවට පස්‌සේ නිදිමතක්‌ එනවා. ඒක කොහොමවත්...
Hiru Tv Blog
උදේ අවදි වුණාට පස්සේ දවසේ වැඩ කටයුතු අරඹන්න...
Hiru Tv Blog
ලිංගික අඩත්තේට්ටම් කළේ යැයි සම්මානිත නිළි ඇඩෙල් හයිනල් විසින් එල්ල කළ චෝදනා...
Hiru Tv Blog
ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පිනි සෝනම් කපූර් හැමදාමත් ප්‍රේක්ෂක හදවත්වල රැඳුනු...
Hiru Tv Blog
“මම රුපියල් දාහට දවසෙම BMICH එකේ කොළ බෙදපු ගෑනියෙක්.." - පියුමි ශ්‍රීනායක "ඒ දාපු...
Hiru Tv Blog
පසුගියදා පැවැති RightsCon නමැති ඩිජිටල් යුගයේ මානව හිමිකම් පිළිබඳ වූ සමුළුවේදී කතාබහට...
Hiru Tv Blog
Saturday, 06 July 2019
Hiru Tv Blog 11,091 Views
1G , 2G, 3G  යන යුග පසු කරමින් වර්තමානයේ අපි ඉන්නේ 4G, 4G LTE  යුගයේ, ඔන්න දැන් 4G LTE  යුගයේත්...
Hiru Tv Blog
පසුගියදා Facebook, Instagram, WhatsApp යන සමාජ මාධ්‍ය ජාලා හදිසියේම කඩාවැටීමකට ලක්වුණා. WhatsApp සහ...
Hiru Tv Blog
Thursday, 19 December 2019
Hiru Tv Blog 401 Views
Top