ගොඩාක් ප්‍රශ්නවලට මුහුණදීලා හිටිය කෙනෙක්- ජීවිතය ජය ගෙන හැම හීනයක්ම සැබෑ කරගත්ත දක්ෂ තරුවක්
Tuesday, 05 November 2019 - 9:00 | Views - 537
ඔබට කොහොමද ඉඳුනිල්ව මුණගැහුණේ?

ඔහු රන්සිළු කැසට් ආයතනය කරන දවස්වල තමයි අපි හඳුනා ගත්තේ.

මුණගැහෙනකොට ඔහු?

ගොඩාක් ප්‍රශ්නවලට මුහුණදීලා හිටිය කෙනෙක්.

පෙම්වතා කාලේ ඉඳුනිල්?

ගොඩක් හොඳ, අහිංසක චරිතයක්.

සැමියෙක් විධියට ඔහු?

උපරිමයෙන්ම හොඳ සැමියෙක්, ගෙදර සියලුම වැඩවලට ගොඩාක් ලොකු සහායක් දෙනවා.

ජනප්‍රිය වෙන්න කලින් ඉඳුනිල්?

ජීවිතයේ හරි මාර්ගය මොකද්ද කියලා තෝරගන්න බැරිව සිටිය කෙනෙක්.

ජනප්‍රියත්වයෙන් පසු?

ජීවිතයේ හරි මාර්ගය තෝරගත්ත කෙනෙක්. ජීවිතය ජය ගෙන හැම හීනයක්ම සැබෑ කරගත්ත දක්ෂ තරුවක්.

ඒ ජනප්‍රියත්වය ඔබට බලපාපු විධිය?

හරිම පහසුයි. ඕනෑම තැනකට ගියොත් පහසුවෙන් වැඩක් කරගන්න පුළුවන්.

ජනප්‍රිය වුණාට පස්සේ ආදරයේ වෙනසක් සිදුවුණාද?

අනේ නැහැ.

ගායන භූමිකාව තුළ හිරවුණු ඔහුට පවුල සහ ඔබව මඟ හැරෙන්නෙම නැද්ද?

කොහෙත්ම නැහැ. මොකද ඔහු යන හැම ෂෝ එකකටම අපි තුන්දෙනාම යනවා.

ඔහුට ජීවිතයේ මඟහැරුණු දේවල් තියෙනවද?

නැහැ. හැම හීනයක්ම හැබෑවෙලා තියෙනවා.

වගකීම් දරන්න පුළුවන් කෙනෙක්ද?

අනිවාර්යයෙන්ම ඔව්.

සාමාන්‍ය ජීවිතයේදී කොහොම කෙනෙක්ද?

ඉතාම සරල පුද්ගලයෙක්.

ඔහු ජීවිතය ගැන සැහැල්ලුවට හිතන කෙනෙක්ද?  සීරියස් විදිහට හිතන කෙනෙක්ද?

සීරියස් විධියට හිතන කෙනෙක්.

ඔහු අද ඉන්න තැන ගැන සතුටු වෙනවද?

අනිවාර්යයෙන්ම ඔව්.

දුක හිතුණාම ඔහු?

දුක හිතුණු වෙලාවට නිහඬයි.

තරහ ගියාම කොහොමද හැසිරෙන්නේ?

තරහ ගියාමත් නිහඬයි, ඉවසිලිවන්තයි.

වැඩිපුරම යන්න කැමැති තැන්?

විශේෂ තැනක් නැහැ. ගොඩක්ම කැමැති ගෙදර ඉන්න.

ඔහු වැඩිපුරම ආදරේ මොනවටද?

එයාගේ අරමුණට සහ වගකීම්වලට.

ඔහුට නැතිවම බැරි අය කවුද?

මමයි, බබයි, පවුලේ අයයි.

මොන වගේ විලාසිතාවලටද කැමැති?

බොහෝ විලාසිතා කරන්න කැමැතියි.


ඔහු ගැන අහන්න ලැබුණු සතුටුම ආරංචිය?

සමාජයේ පුද්ගලයන් එයා ගැන හොඳ කියලා ලබාදෙන ප්‍රතිචාර ගැන සතුටුයි.

ඔහු ගැන අහන්න ලැබුණු නරකම ආරංචිය?

ජීවිතයේ සමහර තැන් වරද්දගෙන තියෙනවා. ඒ වගේම ඔහුගේ සමහර වැරදි පුරුදු තමයි නරක ආරංචි විදිහට අහන්න ලැබුණේ.


ජීවිතයේ වැඩිපුරම සතුටු වුණු දවස?

පිරිසක් ඔහුව ජීවිතයෙන් වට්ටනකොට රසිකයෝ ඔහුව ඉහළින්ම තැබූ දවස්.


ජීවිතයේ ජය ගත්ත දේවල්?

බොහෝ පිරිසක් බැහැ කිව්ව දේවල් ඔහු ජය ගෙන තියෙනවා.

ඉඳුනිල් අන්දරමාන කියන චරිතය බොහෝ පිරිසක් අතහැරියා වගේම මඟ හැරියා. ඉඳුනිල් විතරක් දුර්වල චරිතයක්, වැරදිකරුවෙක් විධියට බොහෝ පිරිස් කෑ ගහලා ලෝකයට කියද්දී මමත්, මගේ අම්මයි තාත්තයි දෙන්නත්, රසික ජනතාවත් ඔහුව අතහැරියේ නැහැ. ඒ නිසා තමයි ඉඳුනිල් අද හැම බලාපොරොත්තුවක්ම, හැම හීනයක්ම ජය අරගෙන ඉන්නේ.


ජීවිතයේ ප්‍රධාන තැනක් දෙන දේවල්?

පවුලට සහ සංගීතයට.



ඉඳුනිල්ගේ විනෝදාංශ?

ගෙදර උයන එක තමයි විනෝදාංශය.



ඔහු ඔබට දීලා තියෙන වටිනාම තෑග්ග?

අපේ දුව.


ඔහුගේ ගී අතරින් ඔබ කැමැතිම ගීය?

“මගේ චූටි දූ” ගීතයට මම ගොඩක්ම කැමැතියි.


ඔහු ගැන අපි නොදන්න රහස්?

විශේෂ දක්ෂතා තියෙනවා. ඔහුට කරන්න බැරි වැඩක් නැහැ. ඕනෑම දෙයක් කරන්න පුළුවන්.



ලක්ෂිකා දිව්‍යාංජලී වීරකෝන්
Share This Article
Hiru Tv Blog
කායවර්ධනය සඳහා මෙන්ම ක්‍රීඩකයන් තමන්ගේ...
Hiru Tv Blog
කොල පැහැති පලා වර්ග එළවළු නිරතුරුව ආහාරයට...
Hiru Tv Blog
ප්‍රශ්නය - පිළිකා රෝගය සුව කිරීමට සහ පැතිරීම...
Hiru Tv Blog
"කළු කපුටා සුදුවන තුරු, මෝල් ගහේ දලු ලන තුරු,...
Hiru Tv Blog
සෑම ආහාර වේලකටම පසු පිරිසුදු වතුරින් කට...
Hiru Tv Blog
කාලෙකට පස්සේ නේද ඔබ නැවැත ටෙලිනාට්‍යයකට සම්බන්ධ වුණේ?අවුරුද්දකට විතර පස්සේ...
Hiru Tv Blog
අද මේ කියන්න හදන කතාව ආරම්භ වෙන්නේ 2000 වර්ෂයේ. එදත් වෙනදා වගේම නැගෙනහිර ආකාසෙන්...
Hiru Tv Blog
ලෝකයේ නිරන්තරයෙන්ම කතාබහකට මෙන්ම දැඩි අවධානයකට ලක්වෙන සුරූපී චරිතයක් තමයි...
Hiru Tv Blog
Saturday, 06 July 2019
Hiru Tv Blog 9,406 Views
1G , 2G, 3G  යන යුග පසු කරමින් වර්තමානයේ අපි ඉන්නේ 4G, 4G LTE  යුගයේ, ඔන්න දැන් 4G LTE  යුගයේත්...
Hiru Tv Blog
පසුගියදා Facebook, Instagram, WhatsApp යන සමාජ මාධ්‍ය ජාලා හදිසියේම කඩාවැටීමකට ලක්වුණා. WhatsApp සහ...
Hiru Tv Blog
Android 4.0.3, IOS 8 හෝ KaiOS 2.5.1 මෙහෙයුම් පද්ධති වලින් ක්‍රියාත්මක වන ජංගම දුරකථන WhatsApp භාවිතය...
Top