දිනපතා විවිධ වර්ගයේ ආහාර කෑමට ගන්න
Monday, 04 November 2019 - 11:13 | Views - 1,337
සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබාගැනීමට අවශ්‍ය ආහාර, ආහාර කාණ්ඩ හයකට බෙදා ඇත. එම නිසා සෑම ආහාර කාණ්ඩයකින්ම ආහාර වර්ග දිනපතා කෑමට ගැනීමෙන් ශරීරයට අවශ්‍ය සියලූම පෝෂ්‍ය පදාර්ථ ලබාගත හැක. කිසියම් ආහාර කාණ්ඩයකට අයත් ආහාර නොගැනීමෙන් හෝ සමහර කාණ්ඩවල ආහාර පමණක් වැඩිපුර ගැනීමෙන් ඔබට අවශ්‍ය සමහර පෝෂ්‍ය පදාර්ථ අඩුවීම හෝ වැඩිවීම සිදුවේ.
 
 සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් යනු කුමක්ද?
 
 ආහාර මගින් ශරීරයේ ක‍්‍රියාකාරීත්වයටත්, නිසි මානසික හා කායික වර්ධනයටත් අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලැබේ. සෑම ආහාරයකම පෝෂ්‍ය පදාර්ථ කිහිපයක් ඇති නමුත් එක් ආහාරයක සෑම පෝෂ්‍ය පදාර්ථයක්ම අඩංගු වන්නේ නැත. එබැවින් දිනපතා විවිධ ආහාර ගැනීමෙන් ශරීරයට අත්‍යවශ්‍ය සෑම පෝෂ්‍ය පදාර්ථයක්ම ලබාගත හැක. මෙලෙස සෑම පෝෂ්‍ය පදාර්ථයක්ම අවශ්‍ය ප‍්‍රමාණවලින් අඩංගු ආහාර වේලක්, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලෙස හඳුන්වනු ලබයි.
 
 ආහාර කාණ්ඩ හයටම අයත් ආහාර ගත යුත්තේ ඇයි?
 
 සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබාගැනීමට අවශ්‍ය ආහාර, ආහාර කාණ්ඩ හයකට බෙදා ඇත. එම නිසා සෑම ආහාර කාණ්ඩයකින්ම ආහාර වර්ග දිනපතා කෑමට ගැනීමෙන් ශරීරයට අවශ්‍ය සියලූම පෝෂ්‍ය පදාර්ථ ලබාගත හැක. කිසියම් ආහාර කාණ්ඩයකට අයත් ආහාර නොගැනීමෙන් හෝ සමහර කාණ්ඩවල ආහාර පමණක් වැඩිපුර ගැනීමෙන් ඔබට අවශ්‍ය සමහර පෝෂ්‍ය පදාර්ථ අඩුවීම හෝ වැඩිවීම සිදුවේ. එබැවින් ආහාරවල විවිධත්වයක් ඇතිකර ගැනීම හා නිර්දේශිත ප‍්‍රමාණයන් ගැනීම වැදගත්ය.
 
 ආහාර කාණ්ඩ හය සහ එහි ප‍්‍රධාන කාර්යය
 
 එක් එක් ආහාර කාණ්ඩ, එම කාණ්ඩවලට අයත් ආහාර සහ එම ආහාරවලින් ඉටුවන ප‍්‍රධාන කාර්යය පහත දැක්වේ.
 
 1 කාණ්ඩය
 
 බත්, කුරක්කන්, මෙනේරි, බඩඉරි`ගු ඇතුළු ධාන්‍ය, පාන්, පාන්පිටි සහ සහල් පිටි අඩංගු ආහාර සහ අල, බතල.
 
 ⋆ දෛනික ක‍්‍රියාවන්ට අවශ්‍ය ශක්තිය ලබාදෙයි.
 
 2 කාණ්ඩය
 
 එළවළු සහ පලාවර්ග
 
 ⋆ විටමින් හා ඛනිජ ලවන ලබාදෙයි.
 
 ⋆ ලෙඩ රෝගවලින් ආරක්‍ෂා කරයි.
 
 3 කාණ්ඩය
 
 පලතුරු
 
 ⋆ විටමින් හා ඛනිජ ලවණ ලබාදෙයි.
 
 ⋆ ලෙඩරෝග වලින් ආරක්‍ෂා කරයි.
 
 4 කාණ්ඩය
 
 මාළු, බිත්තර, පියලි හා ඇට වර්ග, රනිල භෝග, මස්, කරවල
 
 ⋆ ප්‍රෝටීන ලබාදෙයි.
 
 ⋆ ශරීරය වර්ධනය සහ පවත්වා ගැනීමට අවශ්‍ය වේ.
 
 5 කාණ්ඩය
 
 කිරි හා කිරි ආහාර
 
 ⋆ ප්‍රෝටීන ලබාදෙයි.
 
 ⋆ කැල්සියම් වැනි අත්‍යවශ්‍ය ඛනිජ ලවන මගින් අස්ථි වර්ධනය කර පවත්වා ගැනීමට උපකාරී වේ.
 
 6 කාණ්ඩය
 
 ⋆ කජු, රටකජු, තල, පොල්, තල තෙල්, පොල් තෙල් ඇතුළු ආහාරයට ගන්නා විවිධ තෙල් වර්ග අඩංගු ආහාර, මාගරින්, බටර්.
 
 ⋆ ශරීරයට අවශ්‍ය ශක්තිය ලබාදෙයි.
 
 ⋆ ශරීරය පවත්වා ගැනීමට හා පරිවෘත්තීය ක‍්‍රියා මනාව සිදුකිරීමට අවශ්‍ය වේ. සෞඛ්‍ය අමාත්‍යංශයේ පෝෂණ අංශය
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව ඝර්ම කලාපයට අයත් රටකි. මේ ඝර්ම...
Hiru Tv Blog
ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (STIs) සහ HIV සම්ප්‍රේෂණය...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ, පැණි රස කෑම ගැන, ඔබත් පැණිරස...
Hiru Tv Blog
කරවිල කිව්ව ගමන් ඉතින් අපිට මතක් වෙන්නේ...
Hiru Tv Blog
උදේ ඉදලා රෑ වෙනතෙක් මහන්සි වෙලා කවුරු කවුරුත්...
Hiru Tv Blog
බලන්නකෝ මේ පුංචි පවුල අලුත් අවුරුද්ද පිළිගෙන තිබුණ හැටි..  එයාලා ඇත්තටම ගොඩක්...
Hiru Tv Blog
සාරංග - දිනක්ෂි කියන්නේ කොයි කවුරුත් ආදරය කරන කලා ක්ශේත්‍රයේ ඉන්න දක්ෂ යුවලක්.ඉතින්...
Hiru Tv Blog
මේ අපි කාගේත් ජීවිතවලට වසන්තය උදා වුණු වසන්ත කාලේ..මාධවී - කසුන් කැදැල්ලටත් ඒ...
Hiru Tv Blog
මේ වසරේ පළමු සූර්යග්‍රහණය ඊයේ(08) දිස්වුණ අයුරු මේ ආකාරයෙන් සටහන් වෙලා තිබුණා.....
Hiru Tv Blog
"යක්ෂයාගේ වල්ගා තරුව" හෙවත් 12P/පොන්ස්-බෲක්ස් යනුවෙන් හඳුන්වන වල්ගා තරුව වසර 71කට...
Hiru Tv Blog
විශ්වයේ උපත සිදුවූ ආකාරය පිළිබඳව විද්‍යාඥයන් අතර විවිධ වූ මතවාද පවතින බව ඔබ...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Hiru Tv Blog
Friday, 19 January 2024
Hiru Tv Blog 640 Views
Top