හිස කෙස් ගැලවී යාම නවතා දමන ඔසුවක්
Wednesday, 23 October 2019 - 11:50 | Views - 4,273
නිරෝගී කෙස් කළඹක් ලබා ගැනීමට අකමැති කවුද?
නමුත් අපි බොහෝ දෙනෙක් නිතර හිසකෙස් ගැලවී යාම නිසා මහත් අපහසුතාවට පත් වෙනවා.වායු දුෂණය, අධික උෂ්ණත්වය, රසායනික ද්‍රව්‍ය භාවිතය වගේ හේතු කාරණා රාශියක් නිසා හිසකෙස් වල සෞඛ්‍ය තත්වයට බාධා ඇති වෙනවා.
නිරෝගී හිසකෙස් යනු නිරෝගී සිරුරක ලක්ෂණයක්.
තවද කෙනෙකුගේ ආත්ම විශ්වාසයට හිසකෙස් වල පෙනුම ලොකු බලපෑමක් එල්ල කරනවා.
නමුත් වර්තමානය වන විට හිසකෙස් අකලට ගැලවී යාම සහ හිසකෙස් තුනී වීම කටත් පොදු ලක්ෂණයක් බවට පත්ව තිබෙනවා.
ආයුර්වේදයේ නම් හිසකෙස් වලට ගුණදායි විවිධ ආලේපන වර්ග සදහන් වෙනවා.
මේවයින් බහුතරයක් වෙලදපොලේ මිලදී ගන්නත් පුළුවන්. මේවා නිශ්පාදනයෙදී විවිධාකාර ස්වභාවික ඖෂධ වර්ග භාවිත කරනවා. එක් උදාහරණයක් බලමු.
අඩංගු දේවල්
පොල්තෙල් – 1 කෝප්පයක්
වේලපු කරපිංචා කොළ – කොළ 10
උළුහාල් ඇට – මේස හැඳි 2
සකසන අයුරු
පොල්තෙල් සාස්පානකට ගන්න. මද ගින්නේ රත් කරගන්න. තෙල් හොදින් රත් වු පසු උළුහාල් ඇට සහ කරපිංචා කොළ එකතු කරන්න.
විනාඩි 10ක් පමණ ලිප මත තිබෙන්නට හැර ලිප නිවා දමන්න. දැන් මේක සිසිල් වෙන්න තියන්න. සිසිල් වූ පසු පෙරා ගන්න. ඔබගේ ආයුර්වේද ආලේපනය සූදානම්.
මෙය දිනපතා හිසේ අලේප කරන්න යොදාගන්න පුළුවන්. හොදම විදිහ තමයි නාන්න පැයකට පමණ පෙර එය හිසේ ගලවන්න.
හොදින් ඔලුව සම්භාහනය කරන්න. පැයකට පසු ස්නානය කර සෝදා හරින්න. මේ මගින් ඔබට ලස්සන කෙස් කලඹකට උරුම කම් කීමට හැකි වෙනවා නිසැකයි.
Share This Article