නිරෝගී දිගු කෙස් කලඹක් ලබා ගන්න ඔබත් කැමතිද?
Monday, 21 October 2019 - 12:04 | Views - 1,697
හැම කාන්තාවක්ම තමන්ගේ කොණ්ඩය ලස්සනට නිරෝගී සහ දිගට තියා ගන්නට උත්සාහ කරනවා. ඔබට සතියකටත් අඩු කාලයකින් දැනට තිබෙන කොණ්ඩය ඉතා හොඳ තත්ත්වයකට පත්කර ගන්න කැමති නම් ඒ සදහා නිවසේදීම කරගන්න පුලුවන් අපූරු ක්‍රමවේද කිහිපයක් අපි පහතින් ගෙන එනු ලබනවා. කාන්තාවට පමණක් නෙවෙයි පිරිමි අයටත් මේවා අත්හදා බලලා තමන්ගේ කොණ්ඩය ලස්සනට හදා ගන්නට අවස්ථාව තියෙනවා.
රෝස වතුර භාවිතය
සමේ පැහැපත් බවට වගේම හිස කෙස් නීරෝගිව තබා ගන්නටත් රෝස වතුරෙන් හොඳ ප්‍රතිඵල ලබාගන්නට පුළුවන්. රෝස පෙති මඳ උණු වතුර ටික වෙලාවක් තියලා ඒ වතුර අරගෙන ෂැම්පු එක්ක කවලම් කරලා ස්නානය කිරීමෙන් හිසකෙස් සුමුදු සහ දිලිසෙන සුළු බවක් ලබා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් කන්ඩිෂනර් එකක් විධියට රෝස වතුර පාවිච්චි කිරීමෙන් හිසකෙස් වලට දීප්තිමත් බවක් සහ මනා සුවඳක් ලබාගන්නට හැකියාව ලැබෙනවා. ඩැමේජ් වෙච්ච හිසකෙස්වලට බේතක් විධියට රෝස වතුර කෝප්පයකට විටමින් ඊ සහ ජොජෝබා තෙල් බිංදු කිහිපයක් එකතු කරලා හොඳින් කවලම් කරලා තෙත කොණ්ඩයෙන් සිටියදී ගල්වා මසාජ් කර විනාඩි දහයක් විතර ඉඳලා සෝදා හරින්න පුළුවන්.
අල තලපය
නමේ හැටියට මේක මේ වැලි තලප, කුරහන් තලප වගේ කන්න පුළුවන් දෙයක් නෙවෙයි. හිසකෙස් වර්ධනය කර ගන්නට හොඳ ප්‍රතිකාර ක්‍රමයක් විතරයි. සුදු ලූනු වලට අකමැති අයට මෙය වඩාත් හොඳින් ගැලපෙනවා. අල ගෙඩි දෙකක් විතර තම්බලා අරගෙන ඒවායේ පොත්ත ඉවත් කරලා හොඳින් තළා ගන්න. ඊට පස්සේ මේ තලපයක් වගේ ආලේපය හිසකෙස් වල හොඳින් ගල්වන්න. හිසකෙස් මූලයේත් ඉතා හොඳින් ගෑවෙන සේ ආලේප කරන්නට අමතක කරන්න එපා.පැයක් විතර මෙහෙම ඉඳලා සෝදා හරින්න.
කෝමාරිකා ප්‍රතිකාරය
කොහොමහරි කකියන්නේ සියවස් ගණනක සිට ම හිසකෙස් වර්ධනය සඳහා ලොව විවිධ රටවල භාවිතා වන ස්වභාවික ප්‍රතිකාර ක්‍රමයක්. මෙය හරහා හිසකෙස්වල වියළි ස්වභාවය නැතිකර දිලිසෙන සුළු තෙත් සහිත බවක් ලබා දෙන්නට හැකියාව ලැබෙනවා. කෝමාරිකා යුෂ වෙන්කරගෙන දෙහි යුෂ දමා විනාඩි විස්සක් පමණ තිබෙන්නට හරින්න. ඉන් අනතුරුව සුළු ප්‍රමාණවලින් පොල්තෙල් සහ පොල්කිරි මිශ්‍ර කර හිසේ ආලේප කරන්න. කෝමාරිකා යුෂ දිනපතා පානය කිරීමෙන් ද හිසකෙස් වර්ධනය සඳහා අවශ්‍ය පෝෂක ශරීරයට ලබා ගන්නටද පුළුවන්.
සුදුළූණු ආලේපය
කේශ කලාපය හොඳින් වර්ධනය කරගන්නට සුදුළූණු ආලේප කිරීමෙන් පුළුවන්. පොඩ්ඩක් ගඳ උහුලගෙන ඉන්න වුණාට ඒ ගත කරන කටුක කාලයෙන් නම් හැබැයි පාඩුවක් වෙන්නේ නැහැ. සුදුළුනු සිහින් කැබලි වලට කපා ගෙන ජලය ටිකක් එක් කර blender කරලා හෝ කොටලා තලපයක් විදියට සකසාගෙන හිසේ සහ හිස කෙස්වල ආලේප කරලා සම්බාහනය කළා ම සුසිනිඳු කෙස් කළඹක් වගේම වර්ධන වේගයත් වැඩි කරගන්නට හැකියාව ලැබෙනවා.
අලිගැටපේර තෙල් ආලේපනය
අපි වැඩිපුර අලිගැටපෙර කන්නට සහ මුහුණේ ගානට පාවිච්චි කරත් ඒවායේ තෙල් ආලේප කිරීමෙන් හිසකෙස් වලට අවශ්‍ය විටමින් ඒ, ඊ සහ ඩී ලබාගත හැකි බව ඔබ දැන සිටියාද? අලිගැටපේරවල ප්‍රදාහ වැළැක්වුම් ගුණය නිසා කැසීම් නිසා හිසෙහි ඇති වූ සීරීම් වැනි දේවල් පවා මෙම ආලේපනය හරහා ඉතා ඉක්මණින් සුව කරගන්නට ද හැකියාව ලැබෙනවා.
අලිගැට පේර ගෙඩි 12ක් පමණ ගෙන ඒවායේ මදය සූරා ජලය ස්වල්පයක් සමඟ blender කරගෙන තලපය අඳුරු පැහැ වන තෙක් මඳ රස්නයේ පිසගන්න. පිස ගන්නා අතරතුරේ නිරතුරුව හැන්දකින් කවලම් කරමින් සෑම කොටසක් ම එක සේ අවපැහැ වන තෙක් සහ ජලය සම්පූර්ණයෙන් වාශ්පවී යන තෙක් සකසා ගන්න. ඉන් පසුව වෙනත් භාජනයකට වෙන්කර ගෙන නිවෙන්නට තබා රෙදි කඩකට අරගෙන එය භාවිතා කරමින් තෙල් නිස්සාරණය කරගන්න.මෙම තෙල් හිසෙහි ගලා පැයක් පමණ තබා සෝදා හරින්න. ඔබට අවශ්‍ය නම් මෙය කන්ඩිශනර් එකක් ලෙසද භාවිතා කරන්නට පුළුවන්.
පොල් තෙල්වලට උළුහාල් එක් කරන්න
ඔබ හිසේ පොල්තෙල් ආලේප කරනවා නම් එයට උළුහාල් එක් කිරීමෙන් එය වඩාත් පෝෂ්‍යදායී කරගන්නට පුළුවන්. බටහිර විද්‍යාව මේවා හොයා ගන්නටත් පෙර තමයි අපේ මුතුන් මිත්තන් පොල් තෙල් හිස ගැල්වීමේදී උළුහාල්නුත් ඊට එක්කර ගත්තේ. ඔබ පොල්තෙල් වලට අකමැති නම් උළුහාල් ඇට කුඩුකර ජලයට මිශ්‍රකර හිසේ ආලේප කිරීමෙන්ද හිසකෙස් වර්ධන වේගය වැඩි කරගන්නට හැකියාව තිබෙනවා. මේ සඳහා උළුහාල් ඉතා ස්වල්ප ප්‍රමාණයක් තිබීම හොඳටම ප්‍රමාණවත්.
හිසකෙස් වලට කිරි පෝෂණය ලබා දෙන්න
හිසකෙස් වලට අවශ්‍ය පෝෂණය හොඳින් ම ලබාගන්න පුළුවන් ක්‍රමයක් තමයි කිරි කියන්නේ. කිරි පිටතින් ආලේප කිරීමෙන් තමයි ඉතා වේගයෙන් හොඳ ප්‍රතිපල ලබාගන්නට හැකියාව තිබෙන්නේ. මේ සඳහා යෝගට් සමඟ බිත්තරයක් මිශ්‍ර කරලා හිසෙහි විනාඩි විස්සක් පමණ ආලේප කර තිබෙන සෝදා හරින්නට පුළුවන්. ඒ වගේම එයට මී පැණි හෝ ඔලිව් තෙල් ස්වල්පයක් මිශ්‍ර කර ගන්නට හැකි නම් ඔබට දීප්තිමත් හිස කෙස් කලඹක් ලබා ගන්නට පුළුවන්. මෙය සතියකට සති දෙකකට වරක් පමණ කිරීමෙන් ඔබට වඩාත් හොඳ ප්‍රතිඵල ලැබේවි.
දවසකට දෙවරක් හිස පීරන් නෑනෝ
දවසට දෙපාරක් දත් මදිනවා වගේ කොන්ඩේ පීරන්න අමතක කරන්න එපා අපිට නිතර සම්බාහනයන් හිසට ලබාදීමට හැකියාව නොමැති නිසා ඉතා පහසුවෙන්ම ලේ ගමනාගමනය සකසා ගන්නට හැකි ක්‍රමයක් තමයි දිනකට දෙවරක්වත් විනාඩි දෙකක් විතර හොඳින් හිසට දැනෙන සේ හිස පීරන එක.නමුත් මෙසේ කිරීමේදී ඉතා මෘදුව කරන්නටත් අමතක කරන්න එපා; මොකද, නැත්නම් දැනට තිබෙන කෙස් ගස් ටිකත් ඔබට අහිමි වෙලා යාවි.
ආහාර වේල ඉතාම වැදගත්
හිස කෙස් සඳහා අවශ්‍ය පෝෂණය ලබා ගැනීමට මෙන්ම අහිතකර ආහාර වලින් වැළකී සිටීමෙන් ආහාර පාලනයද හොඳ කෙස් කළඹක් සඳහා වැදගත් වෙනවා. විටමින් A, B, C, සහ E, සින්ක්, යකඩ, මැග්නීසියම්, තඹ, සහ සෙලීනියම් බහුල ආහාර තමයි අපි මෙහිදී තෝරාගත යුත්තේ. කිරි, ඕට්ස්, යෝගට්, චීස්, බිත්තර, කුකුළු මස්, නිවිති, සැමන්, ගෝවා, අලිගැටපේර මේ සඳහා සුදුසුයි. පාන වර්ග වශයෙන් දොඩම්, කැරට්, බීට්, සලාද යුෂ බොන්න පුළුවන් නම් වඩාත් අගෙයි.
Share This Article