Jennifer Anistonගේ අලුත්ම ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට දින දෙකෙන් මිලියන 9.9ක පිරිසක්
Thursday, 17 October 2019 - 11:02 | Views - 551

Jennifer Aniston කියලා කියන්නේ ලෝකය පුරා අතිශය ජනප්‍රියතාවයක් දිනාගත්ත ඇමරිකානු රංගන ශිල්පිනියක්. චිත්‍රපට නිෂ්පාදිකාවක් වගේම ව්‍යාපාරික කාන්තාවක්. ඉතින් මේ සුපිරි තාරකාවිය පහුගිය දවසක තමන්ට කියලා අලුතින්ම ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමක් ආරම්භ කරලා තිබුනා. ලෝකය පුරාම ඉන්න මේ වගේ ජනප්‍රිය තරු තමන්ගේම එදිනෙදා ජීවිතය ප්‍රේක්ෂකයන් එක්ක හුවමාරු කරගන්න සමාජ මාධ්‍ය යොදාගන්න එක මේ වෙද්දී හරිම සාමාන්‍ය දෙයක්. ඇත්තටම තරු ගුණය පවත්වාගෙන යන්න ඒකෙන් ලොකු පිටුවහලක් ලැබෙනවා කියන එකත් අමතක කරන්න බෑ. 

ඉතින් කොහොම හරි මෙච්චර දවසක් ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමක් නොතිබුණු ජෙනිෆර් මේ විදිහට අලුත් ගිණුමක් ආරම්භ කිරීම ලෝකය පුරා ඉන්න ඇයගේ ප්‍රේක්ෂකයන්ට අතිශය සතුටුදායක ආරංචියක් කියන එක ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. 

ඉතින් පළමු ඡායාරුපය විදිහට ඇයගේ මිතුරන් සහ ජනප්‍රිය රංගන ශිල්පීන් වන කෝර්ටනි කොක්ස්, ලීසා කුඩ්රෝ, ඩේවිඩ් ෂ්විම්මර්, මැතිව් පෙරී සහ මැට් ලෙබ්ලාන්ක් සමඟ ඡායාරූපයක් තමයි පලකරලා තිබුනේ. පුදුමය කියන්නේ එතනින් ගත්ත ආරම්භය නිසාම හිතාගන්නත් බැරි කාලයක් ඇතුලත ජෙනිෆර්ගේ ෆලෝවර්ස්ලා ප්‍රමාණය හිතාගන්නත් බැරි තරම් වේගයෙන් ඉහල නැගල තියනවා. ගිණුම ආරම්භ කරලා දවස් දෙකක් වගේ ගතවෙලා ඊයේ බදාදා දවස වෙද්දී මිලියන 9.9 වගේ රසික පිරිසක් මේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට එකතු වෙලා තියනවා.  

ඉතින් Jennifer Anistonගේ තොරතුරු දැනගන්න ඇයගේ ප්‍රේක්ෂකයන් දැඩි උනන්දුවකින් ඉන්නවා කියන එක දැන් සාක්ෂි සහිතවම ඔප්පු වෙලා තියනවා කියලා තමයි ඉතින් මේකෙන් පේන්න තියෙන්නේ. 

 




Image result for jennifer aniston


Image result for jennifer aniston

Share This Article
Hiru Tv Blog
රට වටේම මුහුදක් තිබුණත් අපේ රටේ මත්ස්‍ය...
Hiru Tv Blog
අපේ සිරුරේ නිසි ක්‍රියාකාරීත්වය සඳහා...
Hiru Tv Blog
ඕනෑම ආකාරයක ව්‍යායාම ක්‍රමයක් සෞඛ්‍යයට...
Hiru Tv Blog
Wednesday, 20 May 2020 - 15:27
Hiru Tv Blog 1,188 Views
පහසුවෙන්ම හොඳ ප්‍රෝටීන් සැපයුමක් ලබාගත...
Hiru Tv Blog
අමතකවීම් වළක්වා, බෝ නොවන රෝග නසා වියපත්...
Hiru Tv Blog
ජනප්‍රිය ඉන්දීය සිනමා නිළියක් වන රාධිකා අප්තේ ‘කොරෝනා’ වෛයිරසය හේතුවෙන්...
Hiru Tv Blog
පීතෘත්වය ලැබීමෙන් පසු සිය මව නැතිවූ මොහොතේ දැනුනු වේදනාකාරී හැගීම් මතකයට නැඟුණු...
Hiru Tv Blog
බොලිවුඩ් හොලිවුඩ් ජනප්‍රිය යුවළක් තමයි ප්‍රියංකා සහ නික් කියන්නේ. මේ දෙන්නා...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top