ඒ අයගේ ගෞරවයත් රැකගෙන තමයි මම මේ ගමන යන්නේ
Thursday, 17 October 2019 - 9:38 | Views - 728
ඩිශ්නි රාජපක්ෂ කියන නම කෙනෙකුට නුහුරු වෙන්න පුළුවන්. නමුත් ඇයගේ රූපය මේ දිනවල නිරන්තරයෙන්ම දකින්න ලැබෙන නිසා බොහෝ දෙනෙකුට ඇය ගැන මතක ඇති. රංගන ශිල්පිණියක් හැටියට වගේම නිරූපණ ශිල්පිණියක් හැටියට කටයුතු කරන ඩිශ්නි පසුගියදා queen of international tourism කියන රූපරාජිණි තරගයට සහභාගී වෙලා ජයග්‍රහණය අත්පත්කරගන්න සමත් වුණා. ඒ ගැන හා ඇය ගැන අලුත්ම තොරතුරු ගැනයි මේ සංවාද සටහන.

ඩිශ්නි queen of international tourism තරගයට සම්බන්ධ වෙලා ජයග්‍රහණය අත්පත්කරගන්න සමත් වුණා. මුලින්ම ඒ ගැන කතා කරමු..?
මේ පැජන්ට් එක තිබ්බේ පිලිපීනයේ. රටවල් 40කට ආසන්න සංඛ්‍යාවක් නියෝජනය කරමින් තමයි මේ පැජන්ට් එක පැවැත්වුණේ. තරගකාරී මට්ටමක හා ප්‍රමිතියකින් යුතුව පැවැත්වුණු මේ තරගයේදී 2nd runner up ස්ථානය හිමිකරගනිමින් කිරුළක් හිස පළදගන්න වාසනාවන්ත වුණා. ඒ ගැන ලොකු සතුටක් තියෙනවා.

ඔබ මිට පෙර ජාත්‍යන්තර පැජන්ට් සදහා සහභාගී වෙලා නැහැ නේද..?
මිස් ශ්‍රී ලංකා වුණාට පස්සේ මිස් වර්ල්ඩ් සදහා තේරී පත් වුණා. ඒ වෙද්දී මම නිරූපණය ගැන කිසිම දෙයක් දැනගෙන හිටපු කෙනෙක් නෙමෙයි. වේදිකාවේ ඇවිදින්නේ කොහොමද කියලාවත් දැනගෙන හිටියේ නැහැ. ජාත්‍යන්තර බියුටි පැජන්ට්වලට ගිහින් තිබුනේ නැහැ. නමුත් මම 2017 වර්ෂයේ රුසියාවේ පැවති ලෝක තරුණ නායකත්ව සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කළා. මේ පැජන්ට් එක තමයි මගේ ජාත්‍යන්තර පළමු අත්දැකීම වෙන්නේ.

අත්දැකීමක් නොතිබුණු නිසා ජයග්‍රහණයක් ගැන හිතන්න නැතිව ඇති..?
මම පැජන්ට් එකට සහභාගී වුණේ තනියම. එහි ජයග්‍රහණය හිමි කරගත් ඉක්වදෝරයේ රූ රැජිණට මේකප් කරන්න කොණ්ඩා විලාසිතා කරන්න වගේම අනෙකුත් සියළුම දේ සදහා 15 දෙනෙක්ගෙන් යුතු කණ්ඩායමක් හිටියා. ඒ නිසා තරගයට සහභාගී වෙද්දී මට ලොකු බයක් දැනුණා. ජාත්‍යන්තර තරගයකදී වේදිකාවේ ඇවිදින ක්‍රමය පවා වෙනස්. මේ පැජන්ට් එකේ නැෂනල් ඩිරෙක්ටර් විදිහට කටයුතු කළේ රුක්මාල් සේනානායක සර්. එතුමා තමයි මට ඒ හැමදේම ඉගැන්නුවේ. ඒ නිසා මුලදී තිබුණු බය ටිකෙන් ටික නැති වෙලා ගියා. රටවල් 12 අතරට ශ්‍රී ලංකාව තෙරෙද්දී මට විශ්වාසයක් තිබුනා මේ ජයග්‍රහණයේ හිමිකාරිනිය මම තමයි කියන එක. ජයගන්න කොතරම් දක්ෂතා තිබ්බත් පිටරට පැජන්ට්වලදී ශ්‍රී ලංකාව ගණනකට ගන්නේ නැහැ. අපිට ලැබෙන්නේ අඩු සැලකිලි. ඒ හේතුව නිසාම මම නිතරම ඒ අයත් එක්ක ගනුදෙනු කරන්න උත්සහ ගත්තා. සමාජශීලි ලෙස හැසිරෙන්න උත්සහ ගත්තා.  අවසානයේ මගේ දක්ෂතාවයට යම් තරමින් හෝ සාධාරණයක් ඉටු වුනා. අත්දැකීම් තිබුනේ නැහැ කියලා මම තරගයේදී පැත්තකට වෙලා හිටියේ නැහැ. උපරිම උත්සහ ගත්තා දිනන්න.

දක්ෂතා වටයේදී එක එක දක්ෂතා දක්වන්න සිදු වෙනවා..?
ඔව්. මම තෝරා ගත්තේ fire dance එකක්. ඒක මට පුහුණු කළේ ලලිත් පැරකුම් සර්. ඒ අයට ඒ ගැන ලොකු දැනුමක් නැහැ. ඒ නිසා මගේ නර්ථනය හැමෝම රසවින්දා වගේම පුදුමයට පත් වුණා. මමත් බයේ හිටියේ වැරදුණොත් එහෙම මගේ සිරුර පිළිස්සෙයි කියලා. මොකද අවසන් මහා තරගය අවසන් වෙලා නොතිබුණු නිසා. ඒ බය නිසාම වතුරත් ලගින් ගෙනත් තියාගෙන හිටියා. හදිස්සියේ හරි ගිනිගත්තොත් වතුර ගහන්න කියලා ලග හිටපු කණ්ඩායමට කිව්වා. ඒ තරගය අතරතුර මගේ තොලත් පිච්චුනා. දියපට්ට පවා දැම්මා. අන්තිමට උණ හැදුණා. අවසන් මහා තරඟයට මුහුණ දෙද්දී ඒ අපහසුතා පෙන්නුවේ නැහැ.

ජාත්‍යන්තර පැජන්ට් එකක් වුවත් බොහෝ දෙනා භාවිතා කරන්නේ ඒ ඒ රටවල මව් භාෂාව. ඔබට භාෂාව ගැටලුවක් වුණේ නැද්ද..?
මේ පැජන්ට් එකේදී හොදට ඉංග්‍රීසි භාෂාව හැසිරුවේ මම තමයි. බොහෝ දෙනෙක්ට භාෂා පරිවර්ථකයින් හිටියා. ප්‍රශ්න උත්තර තරගයේදී විනිශ්චය මණ්ඩලයත් මගේ දැනුම හා භාෂාව ගැන සතුටු වුණා.

නිරූපණ ක්ෂේත්‍රය කියන්නේ ලෝකයේ බොහෝ රටවල පිළිගත් ක්ෂේත්‍රයක්. නමුත් අපේ රටේ හතු පිපෙනවා වගේ පැජන්ට්  පවත්වන්නේ. ඒ නිසා මේ වගේ පැජන්ට් එකකට සම්බන්ධ වෙද්දී ඔබට කැළලක් වෙයි කියලා හිතුණෙ  නැද්ද..?
ප්‍රමිතියකින් තොරව පවත්වන පැජන්ට් ලංකාවේ ඕන තරම් සංවිධානය කරනවා. මටත් ආරාධනා ලැබිලා තියෙනවා ඒ සදහා. ඒවායේ ප්‍රමිතියක් මමත් දැක්කේ නැහැ. මම පුංචි කාලේ ඉදලා හින දැක්කේ ලෝකයට යන්න කොහොම හරි. ඒකට හොදම අවස්ථාව තමයි මේ පැජන්ට් එක කියලා මට හිතුනා. ඒ නිසයි සම්බන්ධ වුණේ.

මෙවැනි කටයුත්තකදී  මුල්‍ය හෝ ලිංගික අල්ලස් ගන්න බවට මතයක් තියෙනවා...?
මේ ක්ෂේත්‍රයේ විතරක් නෙමෙයි ඕනෑම ක්ෂේත්‍රයකදී දැන් මුදල් හෝ ලිංගික අල්ලස් ගන්නවා. යම් ක්ෂේත්‍රයක ඉහළට යන්න නම් ඇතැම් අය ඒ දෙකට යටත් වෙනවා. මම නම් ඒක හොද දෙයක් හැටියට දකින්නේ නැහැ. ඒ මතය බොරුවකුත් නෙමෙයි.

ඔබට ලිංගික අල්ලස් සදහා ආරාධනා ලැබිලා නැහැ කිව්වොත් ඒක බොරුවක්..?
මම කියන කතාව කිසිම කෙනෙක් පිළිගන්න එකක් නැහැ. නමුත් මම කියන්නේ ඇත්ත මට තවම ඒ වගේ ආරාධනා ලැබිලා නැහැ. මම ක්ෂේත්‍රයේ ඉන්න පිළිවෙල නිසා ඒ වගේ ආරාධනාවක් මට කරන්න බය ඇති. නමුත් මම ලගින්ම ඉන්න මගේ යාලුවෝ කිහිප දෙනෙක්ටම ඒ වගේ ආරාධනා ඇවිත් තියෙනවා.

මේ වගේ පසුබිමක් තියෙන ක්ෂේත්‍රයක් තෝරා ගන්නවට දෙමාපියන් විරුද්ධ වුනේ නැද්ද..?
මගේ පවුල හරිම වැදගත් පවුලක්. ඒ නිසා මගේ දෙමාපියන් විරුද්ධ වුනා. නමුත් ඒ මගේ හීනය. ඒ නිසා එයාලට කරදරයක් නොකර ඒ අයගේ ගෞරවයත් රැකගෙන තමයි මම මේ ගමන යන්නේ. ගෙදරින් උපරිම සහයෝගය ලැබෙනවා. මට ඉන්නේ නංගිලා දෙන්නෙක්. ලොකු නංගි ගුවන් සේවිකාවක්. පොඩි නංගි ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලබනවා.

රංගන කටයුතු ගැන කිව්වොත්..?
ටෙලි නාට්‍ය කිහිපයකට සම්බන්ධ වුනා. තවත් දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා. සිනමා නිර්මාණ සදහා වැඩි දායකත්වයක් ලබා දෙන්න තමයි මම කැමැත්තෙන් ඉන්නේ. කලාත්මක හා ප්‍රමිතියෙන් යුතු නිර්මාණ සදහා සම්බන්ධ වෙන්න තමයි මම නිතරම උත්සහ ගන්නේ.

හර්ෂණී වීරරත්න
Image may contain: 1 person, smiling, sitting and shoes
Image may contain: 1 person
Image may contain: 1 person, smilingImage may contain: 1 person, smiling, closeup
Share This Article
Hiru Tv Blog
ඝර්ම කළාපීය රටක් වන ශ්‍රී ලංකාව ඉතාම ප්‍රණීත...
Hiru Tv Blog
අපේ පැරැන්නන් බොහෝ විට ලෙඩ රෝගවලට සැලකුවේ...
Hiru Tv Blog
ශරීරයේ බර අඩුකර ගැනීම තරම් ජනප්‍රිය මාතෘකාවක්...
Hiru Tv Blog
Thursday, 07 November 2019 - 14:21
Hiru Tv Blog 2,000 Views
රෑට නාන්න පුරුදු වෙලා ඉන්න ගොඩක් අය  නොදැණුවත්කම...
Hiru Tv Blog
දැඩි හිරු රශ්මියට නිරාවරණය වන්නට සිදු...
Hiru Tv Blog
ප්‍රසිද්ධ ව්‍යාපාරික අධිපති මුකේෂ් අම්බානිගේ ලේලිය (සහෝදරියගේ දුව) නයනතාරාගේ...
Hiru Tv Blog
වසර 4කට වරක් පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලිය යනු ලෝක කුසලාන ක්‍රිකට් හා...
Hiru Tv Blog
නර්ථන ශිල්පිනියක් ලෙස කලා ලෝකයට පැමිණි ඇය මේ වන විට සිය කලා දිවියේ දශකයද ඉක්මවා...
Hiru Tv Blog
Saturday, 06 July 2019
Hiru Tv Blog 7,873 Views
1G , 2G, 3G  යන යුග පසු කරමින් වර්තමානයේ අපි ඉන්නේ 4G, 4G LTE  යුගයේ, ඔන්න දැන් 4G LTE  යුගයේත්...
Hiru Tv Blog
පසුගියදා Facebook, Instagram, WhatsApp යන සමාජ මාධ්‍ය ජාලා හදිසියේම කඩාවැටීමකට ලක්වුණා. WhatsApp සහ...
Hiru Tv Blog
Android 4.0.3, IOS 8 හෝ KaiOS 2.5.1 මෙහෙයුම් පද්ධති වලින් ක්‍රියාත්මක වන ජංගම දුරකථන WhatsApp භාවිතය...
Top