ඉන්දියාවේ සුපිරි තරඟාවලියට කණ්ඩායම් 5ක් - සුපිරි ක්‍රීඩකයින් 110කගේ කැමැත්ත
Thursday, 17 October 2019 - 9:08 | Views - 5,933
ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් සමුගත් ලොව සුපිරිතම ක‍්‍රිකට් තරු සහභාගී කරවමින් පන්දුවාර විස්සයි විස්ස තරඟාවලියක් පැවැත්වීමට ඉන්දියානු ක‍්‍රිකට් ආයතනයේ අනුමැතිය හිමිව ඇති අතර එම තරඟාවලිය ලබන 2020 වසරේ පෙබරවාරි මාසයේදී පැවැත්වේ.

පෙබරවාරි 2 වැනිදා සිට 16 වැනිදා දක්වා පැවැත්වෙන අදාළ තරඟාවලිය සදහා කණ්ඩායම් පහක් සහභාගී වන අතර එ වෙනුවෙන් තරඟ වැදීමට මේ වන විට ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් සමුගත් සුපිරි ක‍්‍රිකට් තරු 110 දෙනකු කැමැත්ත පළ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටී.

ලොව වැඩිම ටෙස්ට් සහ එක්දින ලකුණු ලාභියා වන සචින් ටෙන්ඩුල්කාර් මෙන්ම ලොව වැඩිම එක්දින සහ ටෙස්ට් කඩුලූ ලාභියා වන මුත්තයියා මුරලිදරන්ද මෙම තරඟාවලියට සහභාගි වීමට කැමැත්ත පළ කර තිබේ. මීට අමතරව බ්‍රෙට් ලී, බ‍්‍රයන් ලාරා, ජැක් කලීස්, විරේන්ද්‍ර ෂෙවාර්ග් සහ ශිවනරීන් චන්ද්‍රපෝල් සහභාගි වන බව දැනටමත් නිවේදනය කර තිබේ.

ටෙස්ට් ක‍්‍රීඩා කළ රටවල විශ‍්‍රාම ගිය ක‍්‍රීඩකයන් පමණක් මෙම තරඟාවලියට සහභාගි වන අතර එහිදී අදාළ කණ්ඩායම් පහ ඉන්දියන් ලෙජන්ඩ්ස් , ඔස්ටේ‍්‍රලියා ලෙජන්ඩ්ස්, දකුණු අප‍්‍රිකා ලෙජන්ඩ්ස්, ශ‍්‍රී ලංකා ලෙජන්ඩ්ස් සහ බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස්යනුවෙන් නම් කර තිබේ.

මෙම තරඟාවලිය සංවිධානය කිරීමේ ප‍්‍රධාන අරමුණ ලෙස සදහන් වන්නේ ඉන්දියාවේ මාර්ග ආරක්ෂාව වෙනුවෙන් කරනු ලබන වැඩ සටහන් වලට ආධාර ලබාදීමය. තරඟාවලිය සංවිධානය කිරීමට මහරාශ්ඨ ප‍්‍රාන්ත මාර්ග ආරක්ෂ කණ්ඩායම සහ තවත් කළමණාකරන ආයතන කිහිපයක් එක්ව සංවිධානය කරනු ලබයි. තරඟාවලිය නියෝජනය කරන විශ‍්‍රාමික ක‍්‍රීඩකයන්ට ගෙවීම් අදාළ කණ්ඩායම්වල අනුග‍්‍රහක ආයතන විසින් දරනු ලබයි.
Share This Article
Hiru Tv Blog
ඝර්ම කළාපීය රටක් වන ශ්‍රී ලංකාව ඉතාම ප්‍රණීත...
Hiru Tv Blog
අපේ පැරැන්නන් බොහෝ විට ලෙඩ රෝගවලට සැලකුවේ...
Hiru Tv Blog
ශරීරයේ බර අඩුකර ගැනීම තරම් ජනප්‍රිය මාතෘකාවක්...
Hiru Tv Blog
Thursday, 07 November 2019 - 14:21
Hiru Tv Blog 2,000 Views
රෑට නාන්න පුරුදු වෙලා ඉන්න ගොඩක් අය  නොදැණුවත්කම...
Hiru Tv Blog
දැඩි හිරු රශ්මියට නිරාවරණය වන්නට සිදු...
Hiru Tv Blog
ප්‍රසිද්ධ ව්‍යාපාරික අධිපති මුකේෂ් අම්බානිගේ ලේලිය (සහෝදරියගේ දුව) නයනතාරාගේ...
Hiru Tv Blog
වසර 4කට වරක් පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලිය යනු ලෝක කුසලාන ක්‍රිකට් හා...
Hiru Tv Blog
නර්ථන ශිල්පිනියක් ලෙස කලා ලෝකයට පැමිණි ඇය මේ වන විට සිය කලා දිවියේ දශකයද ඉක්මවා...
Hiru Tv Blog
Saturday, 06 July 2019
Hiru Tv Blog 7,873 Views
1G , 2G, 3G  යන යුග පසු කරමින් වර්තමානයේ අපි ඉන්නේ 4G, 4G LTE  යුගයේ, ඔන්න දැන් 4G LTE  යුගයේත්...
Hiru Tv Blog
පසුගියදා Facebook, Instagram, WhatsApp යන සමාජ මාධ්‍ය ජාලා හදිසියේම කඩාවැටීමකට ලක්වුණා. WhatsApp සහ...
Hiru Tv Blog
Android 4.0.3, IOS 8 හෝ KaiOS 2.5.1 මෙහෙයුම් පද්ධති වලින් ක්‍රියාත්මක වන ජංගම දුරකථන WhatsApp භාවිතය...
Top