දසුන්ව මේ දවස්වල දකින්න ලැබෙන්නේ ‘හුස්ම’ එක්ක. මොකක්ද මේ හුස්ම එක්ක දසුන්ගේ තිබෙන සම්බන්ධය?
‘හුස්ම’ කියන්නේ වෙනස්ම ආකාරයක ත්‍රිලර් ෆිල්ම් එකක්. එය සුදේශ් වසන්ත පීරිස් අයියගේ අධ්‍යක්ෂණයක්. සුදේශ් අයියගේ මේ වගේ වැඩක් මීට කලින් කවුරුත් දැකලා තිබ්බේ නැහැ. මොකද ඔහු බයිස්කෝප් ගණයේ චිත්‍රපට කළේ. මේක ඔහු කරපු පළමුවැනි කලාත්මක චිත්‍රපටය. මම ඒ චිත්‍රපටයේ ‘කුමාර’ වුණා.
‘හුස්ම’ එක්ක ජීවත් වෙන ‘කුමාර’ ව සමහරුන්ට මුණගැහිලා ඇති. සමහරුන්ට තාමත් මුණගැහිලා නැතිව ඇති. කවුද මේ කුමාර?
කුමාර කියන්නේ සාමාන්‍ය මනුස්සයෙක්. සාමාන්‍ය ආසාවල් ඔහුටත් තියෙනවා. අම්මටත් ආදරය කරන ඔහු ආසාව පස්සේ ගිහින් වෙන දේවල් තමයි ‘හුස්ම’ තුළ තියෙන්නේ.
සුදේශ් වසන්තගේ පළමුවැනි කලාත්මක චිත්‍රපටයට සම්බන්ධ වෙන්න එක පයින් කැමැති වුණාද?
මේ චිත්‍රපටයට මට කතා කරද්දී මුලින් හිතුණා, මේකට ගිහින් මට මොනවා වෙයිද කියලා. නමුත් මේ චිත්‍රපටය රීමේක් එකක්. ඒ තිරපිටපත බැලුවම මේක කළ යුතුයි කියලා මට හිතුණා. ආශාවන් පස්සේ ගිහින් වෙන දේවල් ටිකක් තමයි ‘හුස්ම’ චිත්‍රපටයේ තියෙන්නේ. ‘කුතුහලය’ කියන දේ මේ චිත්‍රපටය පුරාවටම තියෙනවා.
බහුතරයක් නොකරන අභියෝගාත්මක රංගනයක් කරන්න දසුන් බය නැහැ වගේ?
අභියෝග භාරගන්න මම කැමැතියි. ලිංගික දර්ශනයක් වුණත් සමහරුන්ට ඒක අභියෝගයක්. හැබැයි ලිංගික දර්ශනයක් මට අභියෝගයක් නෙවෙයි. නිරුවත සම්බන්ධයෙන් මට ප්‍රශ්නයක් නැහැ. ලංකාවේ ප්‍රේක්ෂකයන්ට සෙක්ස් කියන දේ මාරයිනේ. නමුත් මට මාර නැහැ. සමහරු මගෙන් අහනවා ‘චිත්‍රපටයේ තියෙන ලිංගික දර්ශන ඇත්තටම කළාද’ කියලා. මම නළුවෙක්. ඒ චිත්‍රපටයේ ඉන්නේ මම නෙවෙයි කුමාර. මගේ බිරිය හංසි මගෙන් ප්‍රශ්නයක් අහනවා ‘ඒ චිත්‍රපටයේ ලිංගික දර්ශනවලදී තිබුණ වගේ මූණක් මගෙන් එයා දැකලා නෑ නේ’ කියලා. මම එයාට කිව්වෙත් ඒ ඉන්නේ මම නෙවෙයි කුමාර කියලා. මට වැඩක් කරන්න තියෙනවා නම් මම ඒක ආසාවෙන් හරියට කරනවා.
තනිකඩ කාලේ මෙවැනි රංගනයන් කරන්න තිබ්බ නිදහස විවාහයෙන් පස්සෙත් ලැබෙනවාද?
ඔව්. එයාගෙන් මට වාරණ තිබ්බා නම් මට එයා එක්ක ඉන්න බැරිවෙයි. ආදර ජවනිකා කරනවාට සමහර ගැහැනු අය කැමැති නැහැනේ. නමුත් නළුවෙක් විධියට මට හංසි වගේ කෙනෙක් ලැබීම හොඳ අවස්ථාවක්. එයා රටින් පිට හිටපු නිසාද දන්නේ නැහැ හොඳ තේරුම් ගැනීමක් හංසිට තියෙනවා. එහෙම තේරුම් ගැනීමක් තිබ්බේ නැත්නම් මාව විනාශ කරන්න තිබ්බා. මම දැවෙන විහඟුන් චිත්‍රපටයේ අනෝමා ජිනාදරී එක්ක ලිංගික දර්ශනයකට රඟපෑවේ හංසි එක්ක යාළුවෙලා ඉන්න කාලේ. රඟපාන එක එයාට ප්‍රශ්නයක් නෙවෙයි. ඇත්තටම කළොත් නම් ඒක එයාට ප්‍රශ්නයක්.
මේ වගේ දර්ශනවලට පෙනී හිටියම සමාජයෙන් විවේචන මතුවෙලා නැද්ද?
ගෙදර අයගෙන් ප්‍රශ්නයක් නැත්නම් මට අනෙක් දේවල් අදාළම නැහැ. ‘සයපෙති කුසුම’ චිත්‍රපටය කරද්දීත් සමහරු මට ඒ වගේ දෙයක් කරන්න එපා කිව්වා. කෙල්ලන්ගේ ආදරේ අඩුවෙයි කිව්වා. මම මියුසික් වීඩියෝ කරපු කාලෙක මට කැමැති වෙලා හිටිය ප්‍රේක්ෂක පිරිස ඒ වගේ චිත්‍රපටයක මාව දකින්න කැමැති නොවෙයි කිව්වා. හැබැයි මම ජනප්‍රිය නළුවා කියන තැන නැහැ. මම චරිත කරන්න ආසයි. මම සයපෙති කුසුම’ චිත්‍රපටය රඟපෑවට කවුරුත් මට වෙන නම්වලින් ඇමැතුවේ නැහැ. සමලිංගික චරිතයක් කළාට මාව ඒ විධියට සැලකුවේ නැහැ. හරි එක කරන්නයි මට ඕනෑ.
ලිංගික දර්ශනයක් රඟපාන්න හැමෝම කැමැති නැහැ. දසුන් ඒ වගේ දර්ශන සහිත නිර්මාණවලට වෙන මුදල්මය වටිනාකමකුත් හදාගෙනද තියෙන්නේ?හැමෝටම කැමරාව ඉස්සරහා ඇඳුම් ගලවන්න බෑ. කෙල්ලෙක්ට වුණත් එහෙමයි. චමත්කා වුණත් නිළියක් විධියට ආරක්ෂා කරගන්න ඕන කෙල්ලෙක්. මට මුදල්මය වටිනාකමක් තියෙනවා. හැබැයි මට මුලින්ම පේන්නේ වැඩේ. දෙවැනියට තමයි සල්ලි පේන්නේ. මගේ වටිනාකම මම ගන්නවා. සල්ලි නෑ, තියෙන්නේ මෙච්චරයි කිව්වොත් කණ්ඩායමක් විධියට එකතුවෙලා යාළුකමට කළ වැඩත් තියෙනවා. කොහොම වුණත් වැඩේ තමයි අංක එක.
දසුන් මෙගාවලට විතරක් වාරණ දාගෙන තියෙන්නේ ඇයි?
මෙගා කළොත් තව අවුරුදු පහකින් මට ගෙදරට වෙලා ඉන්න වෙයි. අපි කරන්න උත්සාහ කරපු දේවල් කරන සෙට් එකක් ඉන්නවා. හොඳ නළුවෙක්, නිළියක් වෙන්න පියවරෙන් පියවර යනවා. මෙගා කළොත් චරිතවල ජීවත් වෙන්න අමාරුයි. මෙගා කරලා සල්ලි හම්බ කරන්න තිබ්බා. ඊට පස්සේ අයියගේ චරිත තමයි කරන්න වෙන්නේ.
මෙගා නාට්‍ය නොකර නිර්මාණ කිහිපයක් කරලා පවතින්න අපහසු නැද්ද?
ඇත්තටම හංසි නැත්නම් මට හිඟාකන්න වෙන්නේ. බිරිය නැත්නම් මම ඉවරයි. ලංකාවේ හොඳ නළුවෙක්ට වෙන්න පුළුවන් දේවල් ප්‍රමාණය වැඩියි. කකුලක් කැඩුණත් බලන්න බලු බල්ලෙක් නෑ. හංසි වුණත් රටින් යමු කියලා කතා කරනවා. කතා කළාට තාම යන්න තීරණය කරලා නැහැ. ඉන්නම බැරි වුණොත් රටින් යන්න තීරණයක් ගන්න වෙනවා.
අලුත් නිර්මාණවලට ආරාධනා ලැබිලා තියෙනවාද?
උපාලි ගම්ලත්ගේ චිත්‍රපටයකට සහ තව චිත්‍රපට 2කට කතා කරලා තියෙනවා. ගජමෑන් චිත්‍රපටයත් ඉක්මනින්ම තිරගත වෙයි. තව ටෙලිනාට්‍ය දෙකක් විතර කළා ගොඩක් වැඩ නෑ. එන වැඩ ඇති.
රඟපෑම පැත්තකින් තියමුකෝ. සැමියෙක්ගේ, පියෙක්ගේ භූමිකාව ඉෂ්ට කරන්න දසුන් ඇත්තටම කැපවෙනවාද?
පසුගිය දවස්වල හංසි ලංකාවේ හිටියේ නැහැ. ඒ නිසා මම දරුවෝ දෙන්නව බලාගෙන හිටියා. අම්මා කෙනෙක් කොයි තරම් දරුවෝ වෙනුවෙන් කැප වෙනවාද කියලා දරුවෝ බලාගන්න කොට තේරෙනවා. මම හොඳ නළුවෙක් සහ හොඳ තාත්තා කෙනෙක්. හැබැයි මම හොඳ සැමියෙක් කියන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ.
දුවලා දෙන්නා කවදා හරි නිළියෝ වෙන්න හිතුවොත් දසුන් ඒකට කැමැති වෙනවාද?
අනිවාර්යයෙන්. එයාලා ලංකාවේ හොඳ නිළියෝ වෙනවට මම කැමැතියි.
මොනවද ඉදිරි සැලසුම්?
ආට් හවුස් එකක් දාන්න බලාපොරොත්තුවක් තියෙනවා. බලමු.
කෞශල්‍යා කළුගම්පිටිය