වයසක යුවළට තේ සමග මත්පැන් පොවා රන් බඩු උස්සන් මෙහෙකාරිය පැනගිහින්
Monday, 14 October 2019 - 8:38 | Views - 4,164
වත්තල හැඳල ශාන්ති පාරේ නිවසක සේවය කළ මෙහෙකාරියක වයස්ගත යුවළකට තේ සම`ග මත්ද්‍රව්‍යයක් පානය කිරීමට දී ඔවුන් සිහිසුන් වු පසු අල්මාරියක තබා තිබූ රුපියල් ලක්ෂ 7 ක් පමණ වටිනා රන් ආභරණ තොගයක් රැගෙන පලාගොස් ඇතැයි වත්තල පොලිසිය පවසයි.
මෙම මෙහෙකාරිය 10දා උදෑසන මෙම සිද්ධිය සිදු කොට පලාගොස් ඇත.
මෙම වයස්ගත යුවළ මෙහෙකාරියක් අවශ්‍ය බව දන්වා දෙමළ පුවත්පතකට දැන්වීමක් පළකර ඒ ඔස්සේ ලැබුණ දුරකථන පණිවුඩයක් ඔස්සේ මීට මසකට පමණ ඉහතදී මෙම මෙහෙකාරිය සේවයට බඳවාගෙන තිබුණි.
ලිඳුල ප්‍රදේශයේ පදිංචි යෑයි කියන මෙම මෙහෙකාරියගේ පදිංචිය සනාථ කර ගැනීම සඳහා කිසිදු ලියවිල්ලක් ලබාගෙන නොතිබූ බව පොලිsසිය පවසයි.
මෙම මෙහෙකාරිය මෙම නිවසේ රැකියාව ලබා ගැනීම සඳහා දුන් දුරකථන පණිවුඩයේ අංකය ඔස්සේ ඇය අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ මෙහෙයවමින් සිටී.
වත්තල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුරවීර මහතාගේ උපදෙස් පරිදි අපරාධ පරීක්ෂණ අංශයේ ස්ථානාධිපති සම්පත් පෙරේරා මහතා පරීක්ෂණ මෙහෙයවයි.
Share This Article