පෙර පාසල් යන්න සූදානමින් සිටි ළදැරියට පනස් හය හැවිරිදි විවාහකයකු අතවර කරලා
Monday, 14 October 2019 - 7:51 | Views - 3,902
පෙර පාසල් යැමට සූදානම්ව නිවසේ සිටි වයස අවුරුදු හතරක දැරිවියක බරපතළ ලිංගික අතවරයකට ලක් කළ පනස් හය හැවිරිදි විවාහකයෙක් වේයන්ගොඩ පොලිසිය විසින් ඊයේ (11) උදෑසන ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව වේයන්ගොඩ මොට්ටුන්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යක්කල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරුගේ දරුවකු දැරිවියගේ නිවස පිහිටි ප්‍රදේශයේ පදිංචි බවත් එම දරුවා බැලීමට යන අතරතුර දැරිවියගේ නිවසට සැකකරු පැමිණ ඇති බවත් එම අවස්ථාව වන විට දැරිය පෙර පාසල් යෑවීමට සූදානම් කර මාපියන් නිවසින් බැහැරව සිට ඇති බවත් අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් සැකකරු දැරිවිය දූෂණයට ලක් කර ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.
සැකකරු ඊයේ (11දා) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටත් දැරිවිය වෛද්‍ය පරීක්ෂණ සඳහා රෝහල්ගත කිරීමටත් පොලිසිය කටයුතු කර තිබුණි. වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. පී. වීරසිංහ, උප පොලිස් පරීක්ෂක දිසානායක, කාන්තා පොලිස් කොස්තාපල් (5168) ප්‍රදීපා යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
Share This Article