හැම දේටම වඩා ආත්මගරුත්වය වටිනවා-අපි දෙන්නා තුළ හොඳ අවබෝධයක් තියෙනවා
Friday, 11 October 2019 - 8:06 | Views - 924
නර්තනයට දැක්වූ දක්ෂතා නිසාවෙන් රංගනයට දොරගුළු විවර වූ කතාව ඇත්තක්ද?

ඔව්. මම රංගනයට පිවිසෙන්නේ 2008 දී. මට ඒ අවස්ථාව උදා වෙන්නේ මගේ සැමියා නිසා. මම රඟපානවා බලන්න ඔහුට ලොකු කැමැත්තක් තිබුණා.

ඔබ නිරූපිත චරිත පේ‍්‍රක්ෂකයින් අතරට ගියේ කුමනාකාරයෙන්ද...

කියන්න සතුටුයි. මට ලැබුණු චරිත එකිනෙකට වෙනස් වූ චරිත වුණා. වඩාත්ම සතුටට කරුණ වුණේ මේ හැම චරිතයක්ම පේ‍්‍රක්ෂකයන් අතර කතා බහට නතුවූ චරිත වීම. හැබැයි මම කිසිදු චරිතයක් වෙනුවෙන් කොටු වුණේ නෑ.

සිනමාව වෙනුවෙන් කළ කී දෑ පිළිබඳව ඔබේ දැක්ම කුමනාකාරද....

චිත‍්‍රපට අධ්‍යක්ෂ සුදේශ් වසන්ත පීරිස් මහතාගේ ‘හැට හතර මායම්’ හිදී මා ප‍්‍රධාන චරිතයට ජීවය මුසු කළා. අර්ජුන කමලනාත්ගේ ‘කුසල්’ චිත‍්‍රපටයේ මා කළ රංගනය ගැනත් හොඳ ප‍්‍රතිචාර ලැබුවා. ‘ආලෝකෝ උදපාදී’ චිත‍්‍රපටයේ සෝමා දේවි චරිතය

නිරූපණය කළා. ඒ වගේම ‘ඞී.එස්. චිත‍්‍රපටයේදීත් මා සැලකිය යුතු චරිත නිරූපණයක යෙදුණා. ප‍්‍රවීණ කලා ශිල්පී මිචෙල් ෆොන්සේකාගේ නවතම චිත‍්‍රපටය වන ‘නිම් හිම්’ හීදී මා නිරූපණය කළේ සමාජය සමග ගැටෙමින් යන තවත් අපූරු චරිතයක්. මම මේ චරිතය ගැනත් විශාල බලාපොරොත්තුවක් තියනවා.

ඔබ වේදිකාව සමග සිදු කළ ගනුදෙනුව ප‍්‍රමාණවත් නෑ කියලයි මට හිතෙන්නේ...

ඔව්. මම ඔබ සමග ඒකට එකඟයි. නමුත් මට රංගනයට සහ නර්තනයට වෙන් කළ කාලයම වේදිකාව වෙනුවෙන් මිඩංගු කිරීමට හැකියාවක් තිබුණේ නෑ. ඒකෙන් කියවෙන්නේ මම වේදිකාවට එතරම් කැමැත්තක් නෑ කියන එක නෙවී. මම වේදිකාවට පිවිසුණු මුල් කාලයේ බන්දුල විතානගේ මහතාගේ ‘රාත‍්‍රි භෝජනය’ සහ ගාමිණි එස් බණ්ඩාර මහතාගේ ‘නිකරුණේ ගැවසීම තහනම්’ නම් වූ නාටක වෙනුවෙන් රංග ගත වුණා. ඊට පසුව මට හුඟක් ආරාධනා ලැබුණා. නමුත් ඒ අවස්ථාවන් අතහරින්න වුණේ කලින් කියපු කාරණා නිසාවෙන්. ඇත්තටම වේදිකාව කියන්නේ මම හරිම ආස තැනකට.

ඔබ රංගනයේදී සීමා මායිම් දමා ගනිමින් සිටින්නියක්දැයි මා විමසුවොත්...

එකෙන්ම ඔව්. මම රංගනයේදී සීමා මායිම් දමාගෙන සිටින්නේ මගේ ආත්ම ගෞරවය ගැනත් කල්පනා කරමින්. ඒ නිසා ලැබෙන හැම චරිතයම කරන්න යන්නේ නෑ. මගේ කලා ගමන මම බොහොම හෙමින් ආවෙත් මේ නිසා වෙන්න ඇති. රංගනය වගේම මගේ ඇඳුම් පැළඳුම් වුණත් යම් කිසි සීමාවක සිට තමයි කරන්නේ. සමහරු සම්මාන බලාගෙන සීමාවන්ගෙන් පිට ගමන් කරන බවක් පෙන්වනවා. නමුත් මට එහෙම බෑ. මගේ සීමාව සලකුණු කරගෙන තිබෙන්නේ මා විසින්මයි. හැම දේටම වඩා ආත්මගරුත්වය වටිනවා කියන එක මම ඉහළින්ම විශ්වාස කරන්නක්. මට ලොකුත් අන්න ඒ දේ විතරයි. එදා මාත් එක්කම රංගනයට ආපු බොහෝ දෙනෙක් අතරමඟ නතර වුණා. මේ ගමන දිගටම යන්න නම් හැකියාව වගේම වාසනාවත් තිබිය යුතුයි. ලස්සන විතරක් තිබුණට ඒක රංගනයට ආභරණයක් වෙන්නේ නෑනේ. හැකියාව නැතිව වැඩකාරයෝ වගේ හැසිරෙන බොරුකාරයන්ට කලාව ඇතුලේ පැවැත්මක් නෑ. මට ඒ අය ගැන අවංකවම දුකයි. අපේ රංගන පරපුරේ බොහෝ පිරිස් ඒ තැනට පත් කරන්නේ නාලිකාවන් විසින්. මම බලාපොරොත්තු වුණු තැන්වලදී ඇගයීම් ලැබුණා. ඉතිං නොලැබුණු දේට වඩා ලැබුණු දේට සතුටු වෙන්න මට අද හැකියාව තිබෙනවා. ඒක කලාකාරිනියක ලෙස මට ලොකු සතුටක්.

විවාහයත් සමග රංගනයෙන් ඈත්ව සිටි ඔබ නැවත කලාව සමග යනෙන ගමන වේගවත් කිරීමේ අරමුණෙන් පසුවන බව පැවසුවා...

ඔව්. මට රංගනය සමග යන ගමනට හැමදාම උපකාර කළේ නිදහස ලබාදුන්නේ මගේ සැමියා. අපි දෙන්නා තුළ හොඳ අවබෝධයක් තියෙනවා. අපේ ආදර කතාවත් පාසල් සමය දක්වා දිව යන්නක්. ඊට පස්සේ හැමෝගේම ආශිර්වාදයෙන් අපි විවාහ වුණා. ඔහු අසේල පි‍්‍රයදර්ශන. ව්‍යාපාරිකයෙක්. අපේ දියණිය ඕජී ඖරංගනාට තාම මාස තුනයි. දුව නිසා තමයි මගේ කලා ගමන ටිකක් නතර වුණේ. නමුත් මේ වසරේ අවසානයේ සිට කලාව සමග යන මගේ සුපුරුදු ගමන යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මගේ ඩාන්සින් ඇකඩමිය වන ‘යූ’ හරහා භරත නාට්‍යම් සහ උඩරට නර්තනයන් පිළිබඳව ගුරුහරුකම් ලබා දෙමින් හෙට දිනයට දක්ෂ යහපත් නර්තන පරපුරක් බිහි කිරීමටත් බලාපොරොත්තු වෙනවා.

සුජීව තත්සර

Image may contain: 1 person, standing, sunglasses, outdoor and closeupImage may contain: 1 person, smiling, standing
Share This Article
Hiru Tv Blog
රට වටේම මුහුදක් තිබුණත් අපේ රටේ මත්ස්‍ය...
Hiru Tv Blog
අපේ සිරුරේ නිසි ක්‍රියාකාරීත්වය සඳහා...
Hiru Tv Blog
ඕනෑම ආකාරයක ව්‍යායාම ක්‍රමයක් සෞඛ්‍යයට...
Hiru Tv Blog
Wednesday, 20 May 2020 - 15:27
Hiru Tv Blog 1,188 Views
පහසුවෙන්ම හොඳ ප්‍රෝටීන් සැපයුමක් ලබාගත...
Hiru Tv Blog
අමතකවීම් වළක්වා, බෝ නොවන රෝග නසා වියපත්...
Hiru Tv Blog
ජනප්‍රිය ඉන්දීය සිනමා නිළියක් වන රාධිකා අප්තේ ‘කොරෝනා’ වෛයිරසය හේතුවෙන්...
Hiru Tv Blog
පීතෘත්වය ලැබීමෙන් පසු සිය මව නැතිවූ මොහොතේ දැනුනු වේදනාකාරී හැගීම් මතකයට නැඟුණු...
Hiru Tv Blog
බොලිවුඩ් හොලිවුඩ් ජනප්‍රිය යුවළක් තමයි ප්‍රියංකා සහ නික් කියන්නේ. මේ දෙන්නා...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top