ආන්දෝලනයට තුඩු දුන් ගුරුකන්ද විහාරය අසල බොරළු කපන්නත් උත්සාහයක්
Thursday, 10 October 2019 - 20:27 | Views - 748
ආන්දෝලනයට තුඩු දුන් මුලතිව් නයාරු - ගුරුකන්ද රජමහා විහාරස්ථාන සීමාවේ බොරලූ කැපීමට පැමිණි පිරිසක් සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසරය ලබාදී ඇති බව පවසමින් අද උදෑසන මෙම පිරිස ප්‍රදේශයට පැමිණ තිබුණා.  

කෙසේ වෙතත්, විහාරස්ථානයේ, දායක සභාවේ මැදිහත්වීමෙන් මේ පිළිබඳව පොලීසිය දැනුවත් කර තිබෙනවා.

පසුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරින් පැමිණ බොරලූ කැපීම නතර කරන ලෙසටයි දැනුම් දී ඇත්තේ.

පසුගියදා ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ ආදාහන කටයුතු සම්බන්ධයෙන් ද, අධිකරණ නියෝගයක් ලබාදුන් අතර පසුව, එම නඩු කටයුතු අවසන් කෙරුණා.

මේ අතර, මුලතිව් - කොක්කුතුඩුවායි කුරුළු අභය භූමියට හා කඩොලාන රක්ෂිතයට අයත් අක්කර 500 කට ආසන්න ප්‍රදේශයක් කිසියම් පිරිසක් විසින් ගොඩකරමින් සිටින බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

විවිධ ප්‍රදේශවලින් පැමිණි පිරිස් විසින් බැකෝ යොදා ගනිමින් මෙලෙස රක්ෂිතය විනාශ කරන බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

කෙසේ වෙතත්, අද එම ස්ථානයට වනජිවි නිලධාරින් ද පැමිණ සිටි අතර, ප්‍රදේශවාසීන් එම ස්ථානයට පැමිණීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.
Share This Article
Hiru Tv Blog
රට වටේම මුහුදක් තිබුණත් අපේ රටේ මත්ස්‍ය...
Hiru Tv Blog
අපේ සිරුරේ නිසි ක්‍රියාකාරීත්වය සඳහා...
Hiru Tv Blog
ඕනෑම ආකාරයක ව්‍යායාම ක්‍රමයක් සෞඛ්‍යයට...
Hiru Tv Blog
Wednesday, 20 May 2020 - 15:27
Hiru Tv Blog 1,192 Views
පහසුවෙන්ම හොඳ ප්‍රෝටීන් සැපයුමක් ලබාගත...
Hiru Tv Blog
අමතකවීම් වළක්වා, බෝ නොවන රෝග නසා වියපත්...
Hiru Tv Blog
ඉතා කෙටි කලක් තුළ තරුණයින්ගේ සිත් පැහැරගත් ඉන්දිය නිළියක වන රශ්මිකා මන්දනා...
Hiru Tv Blog
ජනප්‍රිය ඉන්දීය සිනමා නිළියක් වන රාධිකා අප්තේ ‘කොරෝනා’ වෛයිරසය හේතුවෙන්...
Hiru Tv Blog
පීතෘත්වය ලැබීමෙන් පසු සිය මව නැතිවූ මොහොතේ දැනුනු වේදනාකාරී හැගීම් මතකයට නැඟුණු...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top