ඇල්පිටිය මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය රාත්‍රී 10ට පෙර
Thursday, 10 October 2019 - 15:59 | Views - 729
හෙට පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව ඡන්ද පෙට්ටි නිකුත් කිරීම අද පෙරවරු 7 ට පමණ ආරම්භ වුණා.

ඇල්පිටිය වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ සිට මෙලෙස ඡන්ද පෙට්ටි නිකුත් කිරීම සිදුවූ අතර, පළමු ඡන්ද පෙට්ටිය ඇල්පිටිය -  ඕපාත - තපස්ලෙන් විහාරය වෙත නිකුත් කෙරුණා.

එමෙන්ම ගාල්ල දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් යූ.කේ. චන්ද්‍රලාල් ප්‍රකාශ කළේ මෙවර ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා ඡන්දදායකයින් 53,384 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බවයි.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා බලසීමාවට කොට්ඨාශ 17 ක් අයත් අතර ඡන්ද මධ්‍යස්ථාන 47 ක් එහි ස්ථාපිත කර ඇති බවද ඔහු සඳහන් කළා.

ඒ අනුව ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිරවණය හෙට පෙරවරු 07ට ආරම්භ වී පස්වරු 04 දක්වා පැවැත්වීමට නියමිතයි.

මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය හෙට (11) රාත්‍රී 10ට පෙර නිකුත් කිරීමට හැකියාව පවතින බවද දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරයා සඳහන් කළා.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බත්තරමුල්ල - නෙලූම් මාවත පක්ෂ කාර්යාලයේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ කියා සිටියේ ජනතා මතය උරගා බලන කැඩපත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය බවයි.
Share This Article
Hiru Tv Blog
රට වටේම මුහුදක් තිබුණත් අපේ රටේ මත්ස්‍ය...
Hiru Tv Blog
අපේ සිරුරේ නිසි ක්‍රියාකාරීත්වය සඳහා...
Hiru Tv Blog
ඕනෑම ආකාරයක ව්‍යායාම ක්‍රමයක් සෞඛ්‍යයට...
Hiru Tv Blog
Wednesday, 20 May 2020 - 15:27
Hiru Tv Blog 1,190 Views
පහසුවෙන්ම හොඳ ප්‍රෝටීන් සැපයුමක් ලබාගත...
Hiru Tv Blog
අමතකවීම් වළක්වා, බෝ නොවන රෝග නසා වියපත්...
Hiru Tv Blog
ඉතා කෙටි කලක් තුළ තරුණයින්ගේ සිත් පැහැරගත් ඉන්දිය නිළියක වන රශ්මිකා මන්දනා...
Hiru Tv Blog
ජනප්‍රිය ඉන්දීය සිනමා නිළියක් වන රාධිකා අප්තේ ‘කොරෝනා’ වෛයිරසය හේතුවෙන්...
Hiru Tv Blog
පීතෘත්වය ලැබීමෙන් පසු සිය මව නැතිවූ මොහොතේ දැනුනු වේදනාකාරී හැගීම් මතකයට නැඟුණු...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top