බ්ලැක්හෙඩ්ස් නැත්තටම නැති කරන රූ රහස්
Thursday, 10 October 2019 - 12:44 | Views - 2,211
බ්ලැක්හෙඩ්ස්, යුවතියන්ගේ රූපලාවණ්‍ය ගැටලු ගොන්නේ ඉහළින්ම තිබෙන ගැටලුවක්. සැබවින්ම බ්ලැක්හෙඩ්ස් ඔබගේ මුහුණේ පැහැපත්භාවයට හානියක්. නමුත් කරදරකාරී බ්ලැක්හෙඩ්ස් ඉවත්කර ගැනීමට නිවෙසේදී කරගත හැකි සත්කාර රැසක්ම තිබෙනවා.

බ්ලැක්හෙඩ්ස් ඇතිවීමට බලපානු ලබන මූලිකම හේතුව නිසි පරිදි මැරුණු සම ඉවත් නොකිරීමයි. එයට අමතරව තෙල් සහිත සමකින් යුක්තවීම, හෝමෝන ගැටලු සහ අහිතකර ආලේපන වර්ග භාවිතයද බ්ලැක්හෙඩ්ස් ඇතිවීමට හේතු වෙනවා. ඔබට තෙල් සහිත සමක් හිමිදැයි පරීක්‍ෂා කර බැලිය හැකියි. උදෑසන අවදි වූ විගස මුහුණ මත ටිෂූ කඩදාසියක් තබා බැලූ විට ටිෂූ එක මත තෙල් තිබෙනවා නම් ඔබ තෙල් සහිත සමක හිමිකාරියක් බව කිව හැකියි. සතියකට වරක් මුහුණ ස්ක්‍රබ් කිරීම මඟින් මුහුණේ මැරුණු සම ඉවත් වනවා. එවිට බ්ලැක්හෙඩ්ස් ඇතිවීම වළක්වා ගැනීමට ඔබට හැකිවනවා.

දැනටමත් ඔබගේ මුහුණ මත බ්ලැක්හෙඩ්ස් ඇතිවී තිබේ නම් ප්‍රථමයෙන් මුහුණ ස්ක්‍රබ් කර ඉන්පසු ඒවා ඉවත් කරගත යුතුයි. බ්ලැක්හෙඩ්ස් ඉවත් කිරීමට ඔබට උපකාරි වන ස්ක්‍රබ් කිහිපයක් සකසා ගන්නා ආකාරය අප දැන් බලමු.

1  සුදුහඳුන් කුඩු, වෙනිවැල්ගැට කුඩු, සීනි සහ ජලය මිශ්‍රකර මුහුණ ස්ක්‍රබ් කරන්න.

2    පිපිඤ්ඤා බ්ලෙන්ඩර් කර එම යුෂයට සිහින් සීනි ස්වල්පයක් මිශ්‍ර කර මුහුණ ස්ක්‍රබ් කරන්න.

3   රෝස වතුර සහ සීනි මිශ්‍ර කර මුහුණ ස්ක්‍රබ් කරන්න.

4   කස්තුරි කහ සහ සියුම් සීනි මිශ්‍ර කර මුහුණ ස්ක්‍රබ් කරන්න.

5    මුං ඇට පිටි සහ සීනි මිශ්‍ර කර මුහුණ ස්ක්‍රබ් කරන්න.

6    ස්ක්‍රබ් කිරීමේදී දෑත් තද නොකර ඉතා සියුම් ලෙස මුහුණ ස්ක්‍රබ් කරගත යුතුයි.

ස්ක්‍රබ් කිරීමෙන් පසු මුහුණ ස්ටීම් කිරීම වෙත යොමු විය යුතුයි. දෙහි කොළ දමා නටවා ගත් ජලයෙන් මුහුණ ස්ටීම් කරගත හැකියි.

ස්ටීම් කිරීම මඟින් සමේ රෝම කූප විවර වී බ්ලැක්හෙඩ්ස් මෘදු වනවා. ඉන්පසු හොඳින් ජීවානුහරණය කළ බ්ලැක්හෙඩ්ස් එක්ස්ට්‍රැක්ටර් (ඕතචජඬඩඥචඤ ඡ්යබපචජබධප) එකක් ගෙන බ්ලැක්හෙඩ් එක මැදට සිටින සේ තබා එක්ට්‍රැක්ටරය තද කළ යුතුයි. මෙය ඉතා ප්‍රවේසමෙන් සිදුකිරීමට වගබලා ගත යුතුයි. ඉන් පුසු මුහුණ පිරිසුදු කර අයිස් කැටයක් ගෙන මුහුණ සම්බාහනය කළ යුතුයි.

බ්ලැක්හෙඩ්ස් ඉවත් කිරීමට භාවිත කළ හැකි සත්කාර කිහිපයක් අපි දැන් බලමු.

1    මී පැණි ස්වල්පයක් මඳක් රත්කොට (Blackhead Extractor) ගන තට්ටුවක් සේ බ්ලැක්ස්හෙඩ්ස් මත තවරා විනාඩි කිහිපයක් තබා ගලවා ඉවත් කරන්න.

2    කුරුඳු කුඩු, මී පැණි සමඟ මිශ්‍රකර ගන තට්ටුවක් ලෙස බ්ලැක්හෙඩ්ස් මත ආලේප කර විනාඩි 15ක් පමණ තබා ඉවත් කරගන්න.

3   දුඹුරු සීනි, ජොජෝබා තෙල් හොඳින් මිශ්‍රකර බ්ලැක්හෙඩ්ස් තිබෙන ස්ථාන හොඳින් ස්ක්‍රබ් කර සෝදාහරින්න.

4    කස්තුරි කහ සුපිරිසුදු පොල්තෙල් සමඟ මිශ්‍රකර බ්ලැක්හෙඩ්ස් මත ආලේප කර විනාඩි 15ක් පමණ තබා ඉවත් කරන්න.

5    බිත්තර සුදුමදයක් හොඳින් ගසා බ්ලැක්හෙඩ්ස් මත ආලේප කරන්න. ඉන්පසු ඒ මත ටිෂූ කැබැල්ලක් අතුරන්න. ඉන්පසු එයට උඩින් නැවත ගසාගත් බිත්තර සුදුමද ආලේප කර විනාඩි 20ක් වියළෙන්නට හැර ගලවා දමන්න.

6    නැවුම් කිරි සහ මී පැණි මිශ්‍රකර විනාඩි 10ක් රත්කර එය නිවුන පසු බ්ලැක්ස්හෙඩ්ස් මත ආලේප කරන්න. ඒ මත කොට්න් කැබැල්ලක් තබා විනාඩි 15කට පමණ පසු ගලවා දමන්න.

සෙව්වන්දි හෙට්ටිආරච්චි


Share This Article
Hiru Tv Blog
රට වටේම මුහුදක් තිබුණත් අපේ රටේ මත්ස්‍ය...
Hiru Tv Blog
අපේ සිරුරේ නිසි ක්‍රියාකාරීත්වය සඳහා...
Hiru Tv Blog
ඕනෑම ආකාරයක ව්‍යායාම ක්‍රමයක් සෞඛ්‍යයට...
Hiru Tv Blog
Wednesday, 20 May 2020 - 15:27
Hiru Tv Blog 1,192 Views
පහසුවෙන්ම හොඳ ප්‍රෝටීන් සැපයුමක් ලබාගත...
Hiru Tv Blog
අමතකවීම් වළක්වා, බෝ නොවන රෝග නසා වියපත්...
Hiru Tv Blog
ඉතා කෙටි කලක් තුළ තරුණයින්ගේ සිත් පැහැරගත් ඉන්දිය නිළියක වන රශ්මිකා මන්දනා...
Hiru Tv Blog
ජනප්‍රිය ඉන්දීය සිනමා නිළියක් වන රාධිකා අප්තේ ‘කොරෝනා’ වෛයිරසය හේතුවෙන්...
Hiru Tv Blog
පීතෘත්වය ලැබීමෙන් පසු සිය මව නැතිවූ මොහොතේ දැනුනු වේදනාකාරී හැගීම් මතකයට නැඟුණු...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top