ගුරුවරුන්ට හිසරදයක් වූ සුරූපි බොලිවුඩ් නිළි දීපිකා
Wednesday, 09 October 2019 - 15:39 | Views - 1,975
කියන දේ නාහන සිසුන් ගුරුවරුන්ට හිසරදයක් වන බව නොකිවමනාය. ඔවුහු හැම විටම එම සිසුන්ට අවවාද දෙති. අවවාද පිළිපදින්නේ නැත්නම් දඩුවම් ද දෙති. දෙමව්පියන්ට පැමිණිලි කරන්නේ කිසිම ආකාරයකින් හික්මවා ගත නොහැකි වුවහොත්ය.

පාසල් වියේදී කී‍්‍රඩාවට බොහෝ දස්කම් දැක්වූ නමුත් දීපිකා පදුකෝන් ගුරුවරුන්ට හිසරදයක් වූ බව ගුරුවරු ඇගේ වාර්තා පොතේ තබා ඇති සටහන්වලින් පැහැදිලි වේ. පසුගිය දිනෙක ඇය මේ සටහන් සමාජ වෙබ් අඩවියක පළ කර තිබිණි.

‘‘දීපිකා දවල් සිහින දකින්නියක්..’’

එක් ගුරුවරයෙකු එවන් සටහනක් යොදා තිබිණි.

‘‘දීපිකා උපදෙස් පිළිපදින්නට ඉගෙන ගත යුතුයි..’’

තවත් ගුරුවරයෙකු සටහන් කර තිබුණේ එසේය.

‘‘දීපිකා පන්තියේදී කතා කරනවා වැඩියි..’’

වාර්තා පොතේ එවන් සටහනක් ද තිබිණි.

මේ සියල්ලටම ඇගේ සැමියා රන්වීර් සිං උපහාසාත්මක පින්තූරවලින් ප‍්‍රතිචාර දක්වා තිබුණේ අනෙක් අය ද සිනා ගන්වමිනි.

‘‘දැන් ජනපි‍්‍රය නිළියක් වුණත් ඒ කාලයේ ඇය සාමාන්‍ය පාසල් සිසුවියක් විතරයි.. ’’ සමහරු කියා තිබුණේ එසේය.

ඇය ඉදිරියේදී රඟපාන්නට නියමිතව සිටින්නේ මේග්නා ගුල්සාර්ගේ චාපාක් චිත‍්‍රපටියේය. ඇසිඩ් ප‍්‍රහාරයකින් පසුව දිවි බේරා ගත් ලක්ෂ්මි අගාර්වල්ගේ කතාව මෙම චිත‍්‍රපටියට පාදක වී තිබේ. මෙහි ප‍්‍රධාන නළු චරිතය හිමි වී ඇත්තේ වික‍්‍රන්ත් මැසීටය. එය 2020 ජනවාරි මාසයේදී තිරගත වෙන්නට නියමිතය.

83 ලෙසින් නම් කර ඇති ඊළග චිත‍්‍රපටියේ දීපිකා රඟපාන්නේ රන්වීර් සිං සමඟමය. මෙහි දිග හැරෙන්නේ ඉන්දියාවේ හිටපු කි‍්‍රකට් නායක කපිල් දේව්ගේ ජීවිත කතාවය.

Image result for deepika padukone

Image result for deepika padukone

Image result for deepika padukone

Image result for deepika padukone

Image result for deepika padukone

Image result for deepika padukone
Share This Article
Hiru Tv Blog
රට වටේම මුහුදක් තිබුණත් අපේ රටේ මත්ස්‍ය...
Hiru Tv Blog
අපේ සිරුරේ නිසි ක්‍රියාකාරීත්වය සඳහා...
Hiru Tv Blog
ඕනෑම ආකාරයක ව්‍යායාම ක්‍රමයක් සෞඛ්‍යයට...
Hiru Tv Blog
Wednesday, 20 May 2020 - 15:27
Hiru Tv Blog 1,185 Views
පහසුවෙන්ම හොඳ ප්‍රෝටීන් සැපයුමක් ලබාගත...
Hiru Tv Blog
අමතකවීම් වළක්වා, බෝ නොවන රෝග නසා වියපත්...
Hiru Tv Blog
ජනප්‍රිය ඉන්දීය සිනමා නිළියක් වන රාධිකා අප්තේ ‘කොරෝනා’ වෛයිරසය හේතුවෙන්...
Hiru Tv Blog
පීතෘත්වය ලැබීමෙන් පසු සිය මව නැතිවූ මොහොතේ දැනුනු වේදනාකාරී හැගීම් මතකයට නැඟුණු...
Hiru Tv Blog
බොලිවුඩ් හොලිවුඩ් ජනප්‍රිය යුවළක් තමයි ප්‍රියංකා සහ නික් කියන්නේ. මේ දෙන්නා...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top