මමත් හිතුවා මේ මගේ රංගන ජීවිතයේ අවසානය තමයි කියලා
Wednesday, 09 October 2019 - 13:38 | Views - 883
බොලිවුඩයේ කාර්යබහුල නළුවන් අතර පළමු පෙළේ සිටින්නේ ආක්ෂේ කුමාර්ය. ඔහුගේ චිත‍්‍රපටි කිහිපයක්ම වාර්තා බිඳ හෙළමින් ප‍්‍රදර්ශනය වූයේය. තවත් චිත‍්‍රපටි කිහිපයක් ඉදිරියේදී ප‍්‍රදර්ශනය වෙන්නට ද නියමිතය.

‘‘එයා හරි වාසනාවන්ත නළුවෙක්..’’

බොහෝ දෙනෙක් ඔහු පිළිබඳව එසේ කියති. එහෙත් තමා හැමදාමත් වාසනාවන්ත නොවූ බව මේ මෑතකදී ආක්ෂේ සඳහන් කළේය. ඔහු රඟපෑ චිත‍්‍රපටි 14ක්ම එක දිගට අසාර්ථක වූ සමයක් ඔහුගේ රංගන ජීවිතයේ තිබිණි.

‘‘එහෙම වුණාම ඕනම කෙනෙක් කඩා වැටෙනවා.. මමත් හිතුවා මේ මගේ රංගන ජීවිතයේ අවසානය තමයි කියලා... ඒත් මම එහෙම කඩා වැටුණේ නෑ.. වෙන දෙයක් වුණාවේ කියලා බලාගෙන හිටියා..’’ ඔහු කීවේය.

ඔහුට හිත හදා ගන්නටත්, වැටුණාට වඩා ශක්තියකින් නැගී සිටින්නටත් උදව් වූයේ තමා උගත් ආත්මාරක්ෂක සටන් ක‍්‍රම තුළින් ලැබුණ හික්මීම හා දරා ගැනීමේ හැකියාව බව ඔහු විශ්වාස කරන්නේය. ඔහු අද මේ තරම් දුරකට පැමිණ සිටින්නේ එම විශ්වාසයේ ප‍්‍රතිඵලයක් ලෙසිනි.

ඔහුගේ ඉදිරි චිත‍්‍රපටි අතර හවුස්ෆුල් 3, ගුඩ් නිවුස්, බච්චන් පාණ්ඩේ , ලක්ෂ්මි බොම්බ් සහ සූර්යවංශි ද තිබේ. ඔහු අපූරු නළුවෙකු පමණක් නොව අපූරු මිනිසෙකු ද බව ආක්ෂේ කුමාර් ගැන දන්නා හැම දෙනෙක්ම කියති.

Image result for akshay kumar

Image result for akshay kumar

Image result for akshay kumar

Image result for akshay kumar
Share This Article
Hiru Tv Blog
රට වටේම මුහුදක් තිබුණත් අපේ රටේ මත්ස්‍ය...
Hiru Tv Blog
අපේ සිරුරේ නිසි ක්‍රියාකාරීත්වය සඳහා...
Hiru Tv Blog
ඕනෑම ආකාරයක ව්‍යායාම ක්‍රමයක් සෞඛ්‍යයට...
Hiru Tv Blog
Wednesday, 20 May 2020 - 15:27
Hiru Tv Blog 1,193 Views
පහසුවෙන්ම හොඳ ප්‍රෝටීන් සැපයුමක් ලබාගත...
Hiru Tv Blog
අමතකවීම් වළක්වා, බෝ නොවන රෝග නසා වියපත්...
Hiru Tv Blog
ඉතා කෙටි කලක් තුළ තරුණයින්ගේ සිත් පැහැරගත් ඉන්දිය නිළියක වන රශ්මිකා මන්දනා...
Hiru Tv Blog
ජනප්‍රිය ඉන්දීය සිනමා නිළියක් වන රාධිකා අප්තේ ‘කොරෝනා’ වෛයිරසය හේතුවෙන්...
Hiru Tv Blog
පීතෘත්වය ලැබීමෙන් පසු සිය මව නැතිවූ මොහොතේ දැනුනු වේදනාකාරී හැගීම් මතකයට නැඟුණු...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top