වැර­දි­ක­රු­වන් කවුද කියන දේ ඔප්පු වුණා- කිහිප අව­ස්ථා­ව­ක­දිම මම කලා­වෙන් ඈත් වෙන්න උත්සාහ කළා
Wednesday, 09 October 2019 - 12:53 | Views - 3,948
ටෙලි නාට්‍ය­යක චරි­ත­ය­කින් අප හද­වත් ආක­ර්ෂ­ණය  කර ගත හැකි නම්, ඔහු දක්ෂ රංගන ශිල්පි­යෙ­කි. එයට රංග­නය කීවත්,  ඊටම නොදෙ­වෙනි කඩ­ව­ම්කම, වසර 15ක් තෙක්  දිගු කාල­යක් පුංචි තිරයේ  පෙම්වතා වීමත්, ඊටත් වඩා දක්ෂ­ක­මකි. ඔහු අමිල අබේ­සේ­ක­රයි

2004 වර්ෂයේ පටන් මේ දක්වාම පුංචි තිරයේ “සිහින කුමා­රයා” වීමේ රහස කුමක්ද?
සම­හ­ර­විට මට ලැබෙන චරි­ත­යට ඉතාම සාධා­ර­ණ­යක් කරන නිසා වෙන්න ඇති. 2004 සිට මේ දක්වාම පෙම්වතා වීමත් එක්තරා විදි­යක අභි­යෝ­ග­යක්. ඒ වගේම මෙතෙක් රඟපෑ සිය­ලු චරි­ත­ව­ලට ඉතා හොඳ ප්‍රති­චාර ලැබුණා. මම හිතන්නේ ඒකට වාස­නාව කියන දෙයත් බල­පා­නවා ඇති.

පෙම්වතා වීමෙන් චරි­තාංග රංගන ශිල්පි­යෙ­කුගේ අව­ස්ථාව මඟහැරෙ­නවා කියලා හිතෙන්නේ නැද්ද?
මඟහැරී­මක් නැහැ. ඊට හොඳම උදා­හ­ර­ණය තමයි තුසිත ද සිල්වාගේ වෙනස් ආකාර‍යේ ටෙලි­ නාට්‍ය. එහි ම‍ගේ රංග­නය වූයේ මාළු වෙ‍ෙළ­ඳාම් කරන චරි­ත­යක්. එත­නදි, පෙම්ව­තා­ගෙන් මිදී උසස් රංග­න­යක් සිදු කරන්න අව­ස්ථාව ලැබුණා. පසු­ගිය වසරේ සුමති ටෙලි සම්මාන උලෙ­ළේදි මගේ නම හොඳම නළුවා සඳහා නිර්දේශ වුණා. ඉතින් ඒ දෙයම ඇති චරි­තාංග නළු­ව­කුගේ නි‍ර්දේශ­යට.

මේ දක්වාම වෙනස් චරි­ත­ව­ලට ආරා­ධනා ලැබිලා නැතිද?
ලැබිලා තියෙනවා. නමුත් මෙගා නාට්‍ය­ව­ලට කොටු­වී­ම නිසා, සම­හර අවස්ථා මඟහැරුණා.

සින­මාව හා වේදි­කාව මඟ හැරීම ගැන කන­ස්ස­ල්ලක් තියෙ­න­වද?
සින­මා­පට දෙක­කට සම්බන්ධ වෙලා තියෙනවා. නාට්‍ය­ව­ලට නැඹු­රු­වීම නිසා සම­හර අව­ස්ථා­වල භාර ගත්තේ නැහැ. නමුත් ඒ පිළි­බ­ඳව කිසිම කණ­ස්ස­ල්ලක් නැහැ.

පෙම්වතා වීමේත් තුළත් කිසි­යම් අභි­ යෝ­ග­යක් තියෙ­නවා. එය පුංචි තිරයේ අලුත් පෙම්ව­තුන්ට තර­ග­යක් නේද?
අවු­රුදු 15ක්ම පුංචි තිරයේ පෙම්වතා වීම ලොකු අභි­යෝ­ග­යක් තමයි. ඇත්ත­ටම මට කා සම­ඟ­වත් තර­ග­යක් නැහැ. සම­හර අව­ස්ථා­ව­ලදි මාව තර­ග­යක් වෙන­වද දන්නේ නැහැ. තිරයේ දුෂ්ටයා වෙන්න පුළු­වනි. නමුත් පෙම්වතා වීම තුළ විශේ­ෂ­යක් තියෙ­නවා. මම විශ්වාස කරන්නේ වාස­නාව කියන දෙයත් බල­පා­නවා කියලා.

මේ ක්ෂේත්‍රයේ කැපිලි කෙටිලි ගැන දැනිලා තියෙ­න­වද?
අන­න්ත­වත් තියෙ­නවා. ඒකට හේතුව තමයි මම කෙළින් කතා කිරීම. අමිල අබේ­සේ­කර කියන ප්‍රති­රූ­පය ගොඩ­නගා ගැනී­මට ‍‍ගොඩක් මහන්සි වුණා.

රන් බන්දේ­සි­ය­කින් ක්ෂේත්‍ර­යට පිවි­සුනේ නැහැ. කටුක අත්දැ­කීම් බොහෝ­මයි. නමුත් ඒ සිය­ල්ලම දරා­ගෙන මගේ ගමන අද­ටත් යනවා. යම්කිසි අසා­ධා­රණ දෙය­කදී මම කතා කරන්නේ එතැ­නින් එහාට ඒ අධ්‍ය­ක්ෂ­ව­රයා හෝ නිෂ්පා­ද­ක­ව­රයා ඉදිරි වැඩ­ව­ලට ගන්න­වාද? නැතිද කියන දේ හිතලා නෙමෙයි.

එක්තරා කාලෙ­කදි ඔබේ නම­ටත්ක ට­කතා හැදුනා. ඒත් ඒ සියල්ල බිඳ දම­මින් අමි­ලගේ ගමන නතර කළේ නැහැ. අද කෝ” ඒ අය?
එක්තරා සිද්ධි­ය­කදි මාව යොදා­ගෙන මට කට­කතා හැදුණා. නමුත් වැර­දි­ක­රු­වන් කවුද කියන දේ ඔප්පු වුණා. ඒ වගේ අති­ශ­යින් ම ජන­ප්‍රිය ටෙලි නාට්‍ය­ක­දිත් එවැ­නිම සිද්ධි­යක් වුණා. එත­නදි කලා ලෝකයේ කීප දෙනෙ­කුම එකතු වෙලා මාව නිර්මා­ණ­ව­ලට නොගැ­නී­මට කට­යුතු කළා. අධ්‍ය­ක්ෂ­ව­රුන්ට, රූප­වා­හිනි නාළි­කා­ව­ලට නිර්නා­මික ලිපි යවලා, මගේ ගමන වැළැ­ක්වී­මට උත්සාහ කළා. නමුත් නොසැලී මේ සියලු දේව­ලට මුහුණ දීමේ ශක්ති­යක් මට තිබුණා. ඒ අවස්ථාවේ චන්ද්‍ර­රත්න මාපි­ටි­ගම මහතා මට ඔහුගේ නිර්මා­ණ­ය­කට ආරා­ධනා කළා. අද­ටත් මට ඔහු කී දෙය මත­කයි. “අමිල ඔයා මට වැරැ­ද්දක් කළෙත් නැහැ, මම ඔයාට වැරැ­ද්දක් කළෙත් නැහැ. අපි වැඩ කරමු” ඔහුගේ නිහ­ත­මා­නි­ත්ව­යට අද­ටත් මම ගරු කර­නවා.

විශේ­ෂ­යෙන් ම කාන්තා ආක­ර්ෂ­ණය අමි­ලට වැඩියි නේද? විවාහ වුණා කියලාදැන ගත්තත් රසි­කා­වන්ගේ ප්‍රති­චාර අඩු­වක් නැති පාටයි?
ඔව්. ඒක නම් ඇත්ත. සම­හ­ර­විට මට ලැබෙන චරිතවලින් ඔවුන්ගේ හද­ව­තට ළංවෙ­නවා ඇති.

ඔබේ ආද­ර­ණීය බිරිය මේ සිය­ල්ලක්ම දරා­ගෙන ශක්ති­යක් වුණා නේද?
ඇත්ත­ටම එයා මට ලොකු ශක්ති­යක්. කිහිප අව­ස්ථා­ව­ක­දිම මම කලා­වෙන් ඈත් වෙන්න උත්සාහ ගත්තත්, ඇය මාව දිරි­මත් කළා. විදේ­ශ­යක පදිංචි වීමට ඕනෑ­ත­රම් අවස්ථා තියෙ­නවා. නමුත් කලා­ක­රු­ව­කුගේ වටි­නා­කම එයා දන්නවා.

අමිල රංගන ශිල්පි­යෙකු නොවුණා නම් කවු­රුන් වෙයිද?
ක්‍රිකට් ක්‍රීඩ­ක­යකු වෙයි. අද­ටත් ක්‍රිකට් ටීම් එකේ ගොඩක් අය මගේ ළඟම හිත මිතු­රන්. මම ක්‍රික­ට්ව­ලට ගොඩක් කැමැ­තියි. ආද­රෙයි.

බොහෝ දෙනෙ­කුගේ චෝද­නා­වක්ති යෙ­නවා රංගනයට නුසුදුසු රූපය පමණක් ඇති අය රංගන ශිල්පි­නි­යන්” කිරීම ලොකු හිස­ර­ද­යක් සහ කලාවේ ඉන්න සෑබෑ කලා­ක­රු­වන්ට කැළ­ලක් කියලා. මේ ගැන ඔබේ අද­හස?
එතන නම් විශාල ගැට­ලු­වක් තියෙ­නවා. එදා වගේ වර්ත­මා­නයේ ශිල්පි­නි­යන් තෝරා ගැනී‍මේදී ප්‍රමි­ති­යක් නැහැ. පෙනුම සහ අනි­කුත් ප්‍රති­ලාභ සඳහා අලුත් මුහුණු හඳුන්වා දුන්නත්, ඔබ කියන විදි­යට ඇය ගණිකා වෘත්තියේ නියැළී සිටින තැනැ­ත්ති­යක් නම් හෝ මුද­ලට යන කෙනෙක් නම් කලාවේ ජන­ප්‍රි­යම චරි­ත­යක් කිරීම තුළින් ඇ‍යගේ ඒ වෘත්ති­යට ලොකු උද­ව්වක්.

අධ්‍ය­ක්ෂ­ව­රුන් හෝ නිෂ්පා­ද­ක­ව­රුන් හෝ කවු­රුන් හෝ එවැනි කෙනෙක් දායක කර ගනිද්දි බුද්ධි­මත්ව සිතිය යුතුයි. කලාව කියන්නේ උතුම් ස්ථාන­යක්. එවැනි අය කරන දේවල් නිසා සිය­ලුම රංගන ශිල්පි­නි­යන් ඒ ගන­යට ගැනීම විශාල වර­දක් කියලා මම හිත­නවා.

සිළුමිණ
Image may contain: 1 person, sitting and beardImage may contain: 1 person, smiling, sitting, beard and indoorImage may contain: one or more people, people standing, tree and outdoor
Share This Article
Hiru Tv Blog
රට වටේම මුහුදක් තිබුණත් අපේ රටේ මත්ස්‍ය...
Hiru Tv Blog
අපේ සිරුරේ නිසි ක්‍රියාකාරීත්වය සඳහා...
Hiru Tv Blog
ඕනෑම ආකාරයක ව්‍යායාම ක්‍රමයක් සෞඛ්‍යයට...
Hiru Tv Blog
Wednesday, 20 May 2020 - 15:27
Hiru Tv Blog 1,189 Views
පහසුවෙන්ම හොඳ ප්‍රෝටීන් සැපයුමක් ලබාගත...
Hiru Tv Blog
අමතකවීම් වළක්වා, බෝ නොවන රෝග නසා වියපත්...
Hiru Tv Blog
ඉතා කෙටි කලක් තුළ තරුණයින්ගේ සිත් පැහැරගත් ඉන්දිය නිළියක වන රශ්මිකා මන්දනා...
Hiru Tv Blog
ජනප්‍රිය ඉන්දීය සිනමා නිළියක් වන රාධිකා අප්තේ ‘කොරෝනා’ වෛයිරසය හේතුවෙන්...
Hiru Tv Blog
පීතෘත්වය ලැබීමෙන් පසු සිය මව නැතිවූ මොහොතේ දැනුනු වේදනාකාරී හැගීම් මතකයට නැඟුණු...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top