මතකය අහිමිවීම මානසික රෝගයක්ද?
Monday, 07 October 2019 - 10:04 | Views - 1,484
සායනවලදී නිරන්තරයෙන් වැඩිහිටියන් මෙන්ම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ද න`ගන ප‍්‍රධාන පැමිණිල්ලක් හැටියට මතකය සම්බන්ධ ගැටලූ සඳහන් කළ හැකිය.
 
 අනේ ඩොක්ටර්, මම මගේ විභාගයට ගොඩක් මහන්සි වෙනවා.
 
 ඒත් මට මතක හිටින්නේ නැහැ. පිටු 2 ක් කියවන කොට පළමු පිටුවේ කියවපු දෙය මට අමතක වෙලා. මෙලෙස මෙවැනි වූ පැමිණිලි, ඉදිරියේදී පැවැත්වීමට නියමිත තරගකාරී විභාගවලට සූදානම් වන සිසුන්ගෙන් නිරන්තරයෙන් අපට අසන්නට ලැබෙනවා.
 
 මතකය කියන එක අපේ ජීවිතයට ඉතාම තදින් බලපෑම් ඇති කරන වැදගත් සාධකයක්. ඒක තමාගේ සාමාජයික දිවිපෙවෙත සාර්ථක කර ගැනීමට වගේම අධ්‍යාපනය, තරගකාරී විභාගවලට මුහුණ දීමටත් බලපාන අති ප‍්‍රබල සාධකයක් හැටියටත් නම් කරන්න පුළුවන්.
 
 ආයුර්වේදයට අනුව මතකය ප‍්‍රධාන කොටස් 3 ක් තිබේ. පළමුවැන්න නම් අපේ පංච ඉන්ද්‍රියන්ට ග‍්‍රහණය කර ගන්නා බාහිර අරමුණු පිළිබඳ හොඳින් අවධානයකින් ඒවා අල්ලා ගැනීමයි. මෙය මතකයේ ‘‘ධී’’කොටස හැටියට ආයුර්වේදයේ සඳහන් වෙනවා. අපි සමහර විට දකිනවා අපි බසයක යන විට කෙනකුගේ ජංගම දුරකථනය සාක්කුව ඇතුළත නාදවන ආකාරය. නමුත් අයිතිකරුට ඒ පිළිබඳ දැනුමක් තේරුමක් නැහැ. එයට හේතුව ඔහුගේ අවධානය වෙනතක තිබීමයි. මෙවන් අවස්ථාවල අප මනස තුළට අප පංචන්ද්‍රියන් තුළින් ගලා එන තොරතුරු නියමාකාරව ග‍්‍රහණය කර ගත්තේ නම් පමණයි ඒවා අපේ මනස තුළ ශක්තිමත්ව ගබඩා වෙන්නේ.
 
 එසේ නැතිනම් ලියාපදිංචි වෙන්නේ. මතකයේ මෙම අංශය ආයුර්වේදය තුළ සඳහන් වන්නේ ධෘති කොටස හැටියටයි. මෙම අංශය ශක්තිමත් වී නම් පමණයි, එම තොරතුරු ඕනෑම වේලාවක ඕනෑම කාලයකට පසු නැවතත් අපට ආවර්ජනය කර ගත හැකි වන්නේ.
 
 අපි අර කතාවටත් කියනවානේ, ඒ සිද්ධිය ගලේ කෙටූ අකුරක් වගේ මතක තියෙනවා කියලා. ඒ වගේම තමයි අපි එදිනෙදා ජීවිතයේදී අපට අවශ්‍ය දේ අවශ්‍ය තොරතුරු දත්ත නියමාකාරව අපේ මතකය තුළ තැන්පත් වී නම් එය අපට බාධාවකින් තොරව නැවත ආවර්ජනය කළ හැකි වන්නේ. මෙම කොටස ආයුර්වේදයේ හඳුවන්නේ ස්මුති කොටස කියලයි. ස්මුති කියන්නේ මතකය. මේ කොට ශක්තිමත් නම් අපේ මතකයේ ගබඩා වී තිබෙන තොරතුරු අවශ්‍ය පරිදි අපට හැසිරවිය හැකියි. එය තරගකාරී විභාගවලදී හෝ එදිනෙදා ජීවිතයේදී හෝ මෙම මතකය අපට ඉතාම වැදගත් වෙනවා. අප චතුර කථිකයෙක් දෙස බලා සිටින විට අපට මේ පිළිබඳ හොඳ වැටහීමක් ලබා ගන්න පුළුවන්. ඔහු හෝ ඇය පිටකරන සියලූ වචන මතකයන් හැටියට ගබඩා වී තිබුණු තොරතුරු පරිවර්තනය වීමෙන් පිටතට ගලා ඒමක් ලෙසයි. ඒ පුද්ගලයා එම දේශනය චතුර ලෙසින් ඉදිරිපත් කරන්නේ. ඒ වගේම ඔබ විභාගයකට උත්තර සපයන කොට ඔබට බොහොම ඉක්මනට ඔබ පාඩම් කළ දේ ආවර්ඡුනය කර ගන්නට පුළුවන් නම් ඔබේ අධ්‍යාපනයේ ඉතාම සාර්ථක
 
 ප‍්‍රතිඵල ලබා ගන්න පුළුවන් කියලා ඔබ හොඳින් දන්නවා. ඒ වගේම මතකය තවත් කොටස් 2 ක් පිළිබඳ අප කතා කරනවා. ඒ තමයි ප‍්‍රකාශිත (ෘැක්ඩ්එසඩ්* මතකය.
 
 මේ ප‍්‍රකාශිත මතකයෙන් තමයි අර ඉහත කී පුද්ගලයා චතුර ලෙස තමාගේ දේශනය පවත්වාගෙන යන්නේ. ඒ කියන්නේ මතකයේ තිබෙන දේ එම පුද්ගලයාට බොහොම ඉක්මනට ප‍්‍රකාශ කරන්න පුළුවන්.
 
 අනිත් කොටස තමයි අප‍්‍රකාශිත (භදබ ාැක්ඩ්එසඩ්* මතකය. මෙම අංශයේදී පුද්ගලයාට යන්තම් මතක තිබුණත් එය ප‍්‍රකාශිත කිරීමට නම් ඉ`ගියක් හෝඩුවාවක් අවශ්‍යයි. මතකයේ මෙම අංශය බහුවරණ ප‍්‍රශ්න ලිවීමේදී (ඵක්‍ූ* අපට වැදගත් වන අංශයක්. මෙහිදී පිළිතුර අප ඇස ගැටුණු විට එය හරිද වැරදිද කියා අපට දන්වන අංශය තමයි මේ.
 
 කෙසේ වෙතත් විවිධ පුද්ගලයන්ට මතකයේ ඉහත සඳහන් කළ විවිධ අංශ වල විවිධ ගැටලූ තියෙන්නට පුළුවන්. එක අංශයක හෝ අංශ කිහිපයක ගැටලූක් තියෙන්නට පුළුවන්. අපි දකිනවා, සමහර දරුවන්ගේ අවධාන පරාසය අඩුවීමේ ලක්‍ෂණ. මෙම අවධාන පරාසය අඩුවීම නිසා පන්ති කාමරය තුළදී හෝ පරිසරය තුළදී සිදුවන සිද්ධි දාමයන් හරියාකාරව ඔවුන්ගේ මනස තුළ ලියාපදිංචි වන්නේ නෑ.
 
 එය දරුවාගේ අධ්‍යාපන කුසලතා හීන වීම සඳහා බලපාන තත්ත්වයක් හැටියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම අප ඉහත කතා කළ මතකය සම්බන්ධ විවිධ අංශවල ගැටලූ ඇතිවීමට බලපාන හේතු සාධක රාශියක් තිබෙනවා. මානසික ආතතිය, තමා ජීවත්වන පරිසරය, විශාදය වැනි මානසික රෝග,වයසට යෑමේදී ඇතිවන ෙසෙල පරිහානියට පත්වීමේ රෝගී තත්ත්වයන්,
 
 නිරන්තරයෙන් මානසික ආතතිය ජනිත වන පරිසරයක ජීවත් වීමට ලැබීම. පෝෂණ ඌණතා. මත්පැන් සහ දුම්වැටි පානය, ශාරීරික රෝග, උදාහරණ ලෙසට ලේවල තිබෙන තෙල් ප‍්‍රමාණය අධික වීම (කොලෙස්ටරෝල්* දියවැඩියාව වැනි රෝග තත්ත්වයන්හිදී ශුද්‍ර රුධිර නාළිකාවල වැසී යෑම වැනි තත්ත්වයන් නිසා මෙම මතකය සම්බන්ධ ගැටලූ ඇතිවීමේ හේතු හැටියට සඳහන් කරන්න පුළුවන්.
 
 සමහර වෙලාවට සාමාන්‍ය පෙළ ඉතා උසස් ලෙස සමත් වූ දරුවෙක් උසස් පෙළ හදාරණ විට සාමාන්‍ය පෙළ විභාගය ලියූ ආකාරයෙන්ම දක්‍ෂ විදියට විභාගයට මුහුණ දීමට නොහැකි වීමට එක හේතුවක් විදිහට මතකය සම්බන්ධ ගැටලූ සඳහන් කරන්න පුළුවන්. මානසික ආතතිය වැඩි වීම නිසා විභාග ආසන්නයේදී ඇතිවන උපකල්පිත කාංසාව  වැනි තත්ත්වයන් බලපාන්න පුළුවන්.
 
 ඒවගේම දරුවන් පාඩම් කරන ක‍්‍රමවේදය අනුවත් ඔවුන් ග‍්‍රහණය කර ගැනීමට උත්සාහ කරන විෂය කරුණු නියමාකාරව තමා තුළට අවශෝෂණය කර නොගැනීම තවත් හේතුවක් හැටියට සඳහන් කරන්න පුළුවන්.
 
 ඒ නිසාම තමයි, අප දෙමාපියන්ට නිරන්තරයෙන් උපදෙස් දෙන්නේ අධ්‍යාපන කරන දරුවන්ට බාහිර කරුණුවලින් පීඩනවලින් ප‍්‍රශ්නවලින් පුළුවන් තරම් නිදහස් කරන්න කියලා. අපිට සමහර විට අපි කුඩා කල අපට කියා දුන් කතාන්දරයක් අපේ මතකය තුළ හොඳින් තාමත් රැුඳී තිබෙනවා.
 
 කියන එක අපි හැමෝම දන්නවා. ඒත් සමහර විට අපි ගොඩක් ආයාසයෙන් උත්සාහයෙන් මතක තියා ගන්න තැත් කරපු මෑතකදී කියවපු තොරතුරක් බොහොම ඉක්මනට අපේ මතකයෙන් ගිලිහෙන්න පුළුවන්. මෙන්න මෙයත් මතක තබා ගනීමේ හොඳ උපක‍්‍රමයක් හැටියට අප සඳහන් කරනවා. ඔබ පාඩම් කරන විෂය කරුණු වුවත් වෙනත් ආකාරයෙන් කතාන්දරයක් ආකාරයෙන් අපට පෙළ ගස්වා ගන්නට පුළුවන් නම් එය මනස විසින් තදින් ලියාපදිංචි කර ගන්නවා. එතකොට අපට බොහොම ඉක්මනට නැවත ආවර්ජනය කර ගන්න පුළුවන්.
 
 කෙසේ වෙතත් මෙහිදී වැදගත් වන්නේ මතකයේ තිබෙන අඩු ලූහුඬුකම් නියමාකාරව හඳුනා ගැනීමයි. එය පාරිසරික ගැටලූවක් නම් මානසික හිතකාමී පරිසරයක් සකස් කිරීම වැදගත් වෙනවා. එය මානසික ගැටලූවක් නම් ඒ සඳහා උපදේශනය හෝ ප‍්‍රතිකාර අවශ්‍ය වෙනවා. කෙසේ වෙතත් මතකය සඳහා අවැසි වැදගත්, ඖෂධයක් හැටියට ලූණුවිල සහ ගොටුකොළ අප දේශීය වෙදකම තුළ සහ ආයුර්වේදයේ මතකය උද්දීපනය කිරීම සඳහා යොදා ගන්නා ඖෂධවලට බහුලව යොදා ගැනෙනවා. මෙය සාමාන්‍ය එළවළුවක් හැටියට දිනපතා ආහාරයට එක් කර ගැනීම අපිට කළ හැකියි.
 
 මතකය අහිමි වීම හා වර්තමානයේ තාක්ෂණයේ දියුණුවත් සමග ඇති වන තවත් බලපෑමක් තමයි, අපි භාවිත කරන ඉලෙක්ට්‍රොනික මෙවලම්වලින් සම්පේ‍්‍රෂණය වන්නා වූ විකිරණවලින් මොළයට ඇති වන බලපෑම. සෙලියුලර් දුරකථන පරිහරණය. අපි වැඩිපුරම පරිහරණය කරන මෙවැනි වූ අහිතකර බලපෑම් ඇති කරන මෙවලම් විදිහට අද ලෝකයේ ඇස යොමු වී තිබෙනවා. ඒ වගේම පුද්ගලයා තුළ භෞතවේදීය සමතුලිතකරණය ඇති කරන ප‍්‍රධානම දෙයක් වන නින්දේ ඇති වන බාධාවන් ද මතකය. සම්බන්ධ ගැටලූ ඇති වීමට ප‍්‍රධාන සාධකයක් වනවා.
 
 එනම් නින්ද අවශ්‍ය ප‍්‍රමාණයට නොලැබීම, නින්දට බාධා ඇති වීම වැනි අප ගන්නා ආහාර පානවල බලපෑමත් මෙහිදී වැදගත් වෙනවා.
 
 මේ පිළිබඳ ඔබේ අවධානය යොමු කිරීමේ වැදගත්කම ඔබට වැටහෙනවා ඇති.
Share This Article
Hiru Tv Blog
කාන්තාවකගේ රුව ඉක්මණට ම වියපත් වෙන්න පටන්...
Hiru Tv Blog
හැම කාන්තාවක්ම තමන්ගේ කොණ්ඩය ලස්සනට නිරෝගී...
Hiru Tv Blog
Thursday, 17 October 2019 - 9:51
Hiru Tv Blog 146 Views
සමාජයේ එක් පිරිසකට ප්‍රිය මාංසපේශීන්ගෙන්...
Hiru Tv Blog
Wednesday, 16 October 2019 - 15:56
Hiru Tv Blog 750 Views
ලස්සනට ඉන්න කැමැති ඔබට ප්‍රයෝජනවත්වන...
Hiru Tv Blog
පේර අපේ දත්වල ශක්තිය මනින හොඳම මිනුම් දණ්ඩකි....
Hiru Tv Blog
Jennifer Aniston කියලා කියන්නේ ලෝකය පුරා අතිශය ජනප්‍රියතාවයක් දිනාගත්ත ඇමරිකානු රංගන...
Hiru Tv Blog
පාකිස්තානයේ පස් දින නිල සංචාරකට පැමිණි බි‍්‍රතාන්‍යයේ ඔටුන්න හිමි විලියම්...
Hiru Tv Blog
ඩිශ්නි රාජපක්ෂ කියන නම කෙනෙකුට නුහුරු වෙන්න පුළුවන්. නමුත් ඇයගේ රූපය මේ දිනවල...
Hiru Tv Blog
Saturday, 06 July 2019
Hiru Tv Blog 6,477 Views
1G , 2G, 3G  යන යුග පසු කරමින් වර්තමානයේ අපි ඉන්නේ 4G, 4G LTE  යුගයේ, ඔන්න දැන් 4G LTE  යුගයේත්...
Hiru Tv Blog
පසුගියදා Facebook, Instagram, WhatsApp යන සමාජ මාධ්‍ය ජාලා හදිසියේම කඩාවැටීමකට ලක්වුණා. WhatsApp සහ...
Hiru Tv Blog
Android 4.0.3, IOS 8 හෝ KaiOS 2.5.1 මෙහෙයුම් පද්ධති වලින් ක්‍රියාත්මක වන ජංගම දුරකථන WhatsApp භාවිතය...
Top