හිතුමතේ ව්‍යායාම කරන්න එපා
Friday, 04 October 2019 - 12:31 | Views - 1,526
ජීවිතය සැහැල්ලුවෙන් පවත්වාගන්නට නම් අප තුළ නීරෝගිභාවය මුළුමනින්ම පවත්වා ගත යුතුයිග ශාරීරිකව හා මානසිකව හා දෙආකාරයෙන්ම නීරෝගී වීම නිසා සැහැල්ලු බවල නිදහස් බව ඔබ තුළ ඇති වේග මේ සඳහා ජීවිතයට අත්‍යවශ්‍ය වූ බොහෝ දේ අතරට ව්‍යායාමයට ද හිමිවන්නේ මූලික ස්ථානයකි. පෝෂණීය කොටස් සිරුරට ලැබෙනවා සේම ඒවා නිසිලෙස අවශෝෂණය වී අනවශ්‍ය මේද දහනයට ද සිරුරේ නිසි ක්‍රියාකාරීත්වයට ව්‍යායාමය අත්‍යවශ්‍ය බව කළ විමසුමකදී ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ ක්‍රිඩා වෛද්‍ය ලාල් ඒකනායක සඳහන් කළේය. ව්‍යායාම භාවිතා කරන විටදී එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට එය වෙනස් වේග ඒ අනුව කායික මානසික හා සමාජයීය යන ත්‍රිත්වයෙන්ම අදාළ මට්ටම් මත ව්‍යායාමයන් පවත්වා ගත යුතුයිග මේ සඳහා නිසි ක්‍රමවේදයන් මත සැලසුම් සහගතව ව්‍යායාම් වෙත යොමු වීම තුළින් ඔබගේ නීරෝගිබව තව දුරටත් සාර්ථක කරගත හැකියි.

ව්‍යායාම

ව්‍යායාමය හිතුමතේ කළ හැකි දෙයක් නොවේග යම්කිසි කෙනෙකුගේ කායික යෝග්‍යතාවය පවත්වා ගැනීමට හෝ වැඩි දියුණුකර ගැනීමට කරන ක්‍රියාව ව්‍යායාමයයිග පරිසරයේ පවතින ස්වභාවයට අප අනුගතව හැසිරිය යුතුයිග ව්‍යායාමයේදී ද මේ ලක්ෂණ මතු වන්නේ එහි රිද්මයක් පවතින නිසයිග එනම් කායික ක්‍රියාවලියක් යම්කිසි කාලයක් තුළ රිද්මයානුකූලව සිදු කිරීමයි.

ඒ අනුව හෘදයල රුධිර සංසරණ පද්ධතියල පේශිවල ක්‍රියාකාරීත්වය වැඩි කරනු ලබයිග මේ ක්‍රියාකාරීත්වය මත කායික යෝග්‍යතාව වර්ධනය වේ.

කායික යෝග්‍යතාවය

යම්කිසි කර්යයක් කාර්යක්ෂමව දිගුවේලාවක් කිරිමේ හැකියාව කායික යෝග්‍යතාව වෙයිග තවදුරටත් ඔබට අවබෝධ වනු පිණිස එය මෙසේ දැක්විය හැකියි.

1ග සෞඛ්‍ය සම්පන්නභාවය රැක ගැනීම සඳහා කරනු ලබන යෝග්‍යතාව

මෙය බාල, මහලු හා මධ්‍යම ප්‍රමාණවල වයස් කාණ්ඩවල අයට ඉතා වැදගත්යග මේ අනුව ඔබට ලැබෙන ප්‍රයෝජන බොහෝයි.

 හෘදය වස්තුව හා ස්වසන පද්ධතිය ආශි‍්‍රතව දරා ගැනීමේ හැකියාව වැඩි දියුණු කිරීම.

 මාංෂපේශිවල දරා ගැනිමේ හැකියාව වැඩි දියුණු කිරිම.

 නම්‍යශිලිතාවයට ඇති හැකියාව වැඩි දියුණු කිරීම.

 ශරීරයේ මේදය දහනය කරමින් ශරීර සංයුතිය හිතකර ලෙස වෙනස් කිරීම.

යම්කිසි පුද්ගලයෙකුගේ කායික යෝග්‍යතාවය මැන බැලීමට ඉහත කරුණු යොදා ගත හැකි වීම මෙහි විශේෂ ලක්ෂණයකි.

2ග සුවිශේෂි කාර්යයන් කිරීම සඳහා වූ යෝග්‍යතාවය

මෙහිදී උදාහරණ වශයෙන් ක්‍රීඩා කිරීමල ආරක්ෂක සේවාවල යෙදෙන පුද්ගලයන්ල පාසල් ළමුන් හා විවිධ ආයතනික පුද්ගලයන්ගෙන් සැදුම්ලත් ක්‍රීඩා සමාජ මේ සඳහා ගත හැකියිග මොවුන්ගේ වේගය වැඩි දියුණු කළ හැකියිග ක්ෂණිකව ප්‍රතිචාර දැක්විමල පේශිවල බලයල සමබරතාවයල ශරීරයේ කොටස් එකිනෙකට සම්බන්ධිකරණය කර දීම ආදි කරුණු රාශියකින් වැඩි දියුණු කිරීමට පුළුවන.

ව්‍යායාමය තුළින් සිරුරට සිදුවන යහපත

 ශරීරයේ යෝග්‍යතාව වර්ධනය වීම

 හෘදය වස්තුවේ ක්‍රියාකාරීත්වය දියුණු විම

 වැඩිපුර රුධිර ප්‍රමාණයක් කාර්යක්ෂමව සිරුර පුරා බෙදා හැරීමේ හැකියාව වර්ධනය වීම

 එමඟින් පේශිවලට ලැබෙන පෝෂණය හා ඔක්සිජන් වැඩිවීම

 ස්වසන පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩිවීම හා ඔක්සිජන් ලබා ගැනීමේ හැකියාව වර්ධනය වීම

 පේශි පද්ධතිය ශක්තිමත් වීම තුළින් පේශි දරා සිටීමේ හැකියාව වැඩිවීම

අස්ථි පද්ධතිය ශක්තිමත් වීම නිසා සිරුර දරා ගැනීමේ හැකියාව වැඩි වේග සිරුරේ වේගවත් චලනයන් සිදු කිරීමට පහසු වේ

සිරුරට සිදුවන යහපත

නිසි ව්‍යායාමය තුළ ඇතිවන සුරක්ෂිතතාවය සිරුරේ මනා පැවැත්ම හා සැලසුම්ගත ජීවිතයකට උරුමකම් කියන්නට වටිනා ක්‍රියාකාරකම් බොහොමයක් ඇතග ස්නායුවල ක්‍රියාකාරීත්වයේ දියුණුව සලසයිග ශරීරයේ කොටස් හොඳින් සම්බන්ධීකරණය කර Coordination) ගනීග ඒ සමඟම සමබරතාවය ඇති කරගත හැකියි. අනවශ්‍ය මේදය දහනය වීම නිසා කොලෙස්ටරෝල් පාලනය වීම සිදු වේග මානසිකව ලැබෙන උද්දීපනය නිසා මානසික ආතතිය තුරන් වී සතුටින් පි‍්‍රතිමත් ජීවිතයකට මං සලසනු ඇතග ඒ නිසා සිරුර හොඳින් ක්‍රියාත්මක වන විට සිරුරට අවශ්‍ය සහ යෝග්‍ය හෝමෝනවල ක්‍රියාකාරීත්වය හොඳින් ක්‍රියාකාරී වේ. එවිට ලිංගික ක්‍රියාකාරී බව ද හොඳින් සිදුවනු ඇත. බොහෝ ගැටලු ගෙන දෙන දරුඵල අහිමි වීමට ද තිත තැබිය හැකියි.

ව්‍යායාමයේ සැබෑ තතු

ව්‍යායාමයක් දිනකට කළ යුතු කාලය වයස් කණ්ඩය මත වෙනස් වෙයිග අවම වශයෙන් ව්‍යායාමයට ළමයෙකුගේ කාලය බැලුවහොත් දිනකට මිනිත්තු 60 :පැය 1- වැය කළ හැකියිග වැඩුණු පුද්ගලයෙකුට එය සතියකට මිනිත්තු 150ක් වේ. අවම වශයෙන් සතියකට දින 3ක් වත් ව්‍යායාම කළ යුතුයි. වඩාත් ප්‍රතිඵල ලබා ගැනීමට දිනපතා කිරීම යෝග්‍ය වෙයි. සෞඛ්‍ය සම්පන්න පුරුද්දක් ලෙස දිනකට පියවර 10000 - 15000ක් අතර ඇවිදීමට හැකි නම් එය සිරුරට යෝග්‍ය වේග ව්‍යායාම සඳහා සුදුසුමල දිනයේ උදෑසන කාලයයි. එයට හේතු වන්නේ සිරුර තුළ පවතින  (bio rhythm) ජෛවීයව ඇතිවන රිද්මයට ගැලපෙන හොඳම කාලය උදෑසන වන බැවිනි.

ක්‍රීඩකයෙකුගේ ව්‍යායාම හා සාමාන්‍ය පුද්ගලයෙකුගේ ව්‍යායාම

ක්‍රීඩකයෙකු සතියකට දිනයක් විවේකිව සිටීම කළ යුතුයි. එයට හේතුව වන්නේ ඔවුන්ගේ සාමාන්‍ය ව්‍යායාමයන් උග්‍ර ව්‍යායාම බැවිනි.

නමුත් සාමාන්‍ය පුද්ගලයෙකු දිනපතා ව්‍යායාම කිරීම යෝග්‍යය. එනම් ඔවුන් මධ්‍යම ප්‍රමාණයේ තීව්‍ර‍්‍රතාවයකින්  (Intensity) යුතු බැවිනි.

කළ යුතු ව්‍යායාම මොනවාද?

ශරීරික යෝග්‍යතාවය වර්ධනය වන ව්‍යායාමයිග මේ ව්‍යායාම කිරීම තුළින් ප්‍රතිඵල ලබාගත හැකියිග ව්‍යායාම ස්වායු සහ නිර්වායු ව්‍යායාම වශයෙන් දෙආකාර වේ.

1ග ස්වායු ව්‍යායාම - සිරුරට ඔක්සිජන් හොඳින් ලබා ගැනීමට සිදු කරන ව්‍යායාමයි. මෙම ක්‍රමය මඟින් සිරුරට ශක්තිය නිපදවීම සිදු කරන අතර අනවශ්‍ය කාබෝහයිඩ්‍රේට්ල මේදය දහනය විම සිදු කෙරේග උදා: ඇරෝබික් ව්‍යායාමල ඇවිදිමල දිවිමල බයිසිකල් පැදීමල ඇරෝබික ජිම්නාස්ටික්

2ග නිර්වායු ව්‍යායාම - ඔක්සිජන් නොයොදා කාබෝහයිඩ්‍රේට් පමණක් දහනය කර ගනිමින් සිදු කරන ව්‍යායාමයයි. එය වැඩි කලක් කළ නොහැකිය. උදාග බර ඉසිලීමල කෙටි දුර දිවීමල පැනීමල විසි කිරීම.
Share This Article
Hiru Tv Blog
රට වටේම මුහුදක් තිබුණත් අපේ රටේ මත්ස්‍ය...
Hiru Tv Blog
අපේ සිරුරේ නිසි ක්‍රියාකාරීත්වය සඳහා...
Hiru Tv Blog
ඕනෑම ආකාරයක ව්‍යායාම ක්‍රමයක් සෞඛ්‍යයට...
Hiru Tv Blog
Wednesday, 20 May 2020 - 15:27
Hiru Tv Blog 1,192 Views
පහසුවෙන්ම හොඳ ප්‍රෝටීන් සැපයුමක් ලබාගත...
Hiru Tv Blog
අමතකවීම් වළක්වා, බෝ නොවන රෝග නසා වියපත්...
Hiru Tv Blog
ඉතා කෙටි කලක් තුළ තරුණයින්ගේ සිත් පැහැරගත් ඉන්දිය නිළියක වන රශ්මිකා මන්දනා...
Hiru Tv Blog
ජනප්‍රිය ඉන්දීය සිනමා නිළියක් වන රාධිකා අප්තේ ‘කොරෝනා’ වෛයිරසය හේතුවෙන්...
Hiru Tv Blog
පීතෘත්වය ලැබීමෙන් පසු සිය මව නැතිවූ මොහොතේ දැනුනු වේදනාකාරී හැගීම් මතකයට නැඟුණු...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top