සුරූපී ගායිකා ජෙනිෆර් ලෝපේස්ගේ නවතම චිත්‍රපටිය
Friday, 04 October 2019 - 9:58 | Views - 963
ජෙනිෆර් ලෝපේස් නැතිනම් J.Lo කියන්නේ ලෝකයේ සිටින ප්‍රකට චරිතයක්. ඇය ගායන ශිල්පිනියක්, නර්තන ශිල්පිනියක්, රංගන ශිල්පිනියක්, මෝස්‌තර නිර්මාණ ශිල්පිනියක්, නිෂ්පාදිකාවක් වගේම ව්‍යවසායිකාවක්.

1969 උපන් J.Lo ට දැන් වයස 50 ක්. ඒත් වයස කියන්නේ ඇයට තවත් එක් සංඛ්‍යාවක් විතරයි. J.Lo දවසින් දවස අලුත් අලුත් දේ අත්හදා බලන්නේ වයස ගැන කිසිම තැකීමක් නොකරමින් කියන කාරණය ඇගේ නවතම සිනමාපටය “Hustlers” නිසා තවත් ඔප්පු වෙනවා.

චිත්‍රපට 35 කට අධික සංඛ්‍යාවක් සඳහා මේ ගායන ශිල්පිනිය සිය රංගන දායකත්වය සපයා ඇති අතර “Hustlers” කියන්නේ පසුගිය සැප්තැම්බරයේ ප්‍රදර්ශනය ආරම්භ කළ ඇයගේ නවතම සිනමාපටය යි. ලොරේන් ස්කෆාරියාගේ අධ්‍යක්ෂණයක් වන මෙය රාත්‍රී සමාජශාලාවල නර්තනයේ යෙදෙන කාන්තාවන් කිහිපදෙනෙක් වටා දිවෙන ක්‍රයිම් ඩ්‍රාමා ඝනයට අයත් චිත්‍රපටයක්. ලෝපේස් මෙහි නිෂ්පාදිකාවක් ලෙසින් ද කටයුතු කරනවා.

“Hustlers” චිත්‍රපටයේ J.Lo පණ පොවන ලද්දේ සමාජශාලා නර්තන ශිල්පිනියකගේ චරිතයකට යි. ඒ චරිතයට අනුව, සිරස් දණ්ඩක් ආධාර කරගනිමින් සිදු කරන අසීරු නර්තන විලාසයක් වන “පෝල්” නර්තනයේ යෙදීම අත්‍යවශ්‍ය කාරණයක් වුණා. අදාළ දර්ශන සඳහා ආදේශක ශිල්පිනියක් යොදා ගැනීමට චිත්‍රපට අධ්‍යක්ෂක තීරණය කර තිබුණත් J.Lo පවසා ඇත්තේ එය තමන් විසින්ම සිදු කළ යුතු බවයි. ඒ අනුව නර්තන පුහුණුවීම් කටයුතු මාස 4 කට පෙර ආරම්භ කර තිබුණු අතර ඇය එම අභියෝගය ඉතා සාර්ථකව ජයගෙන ඇති අයුරු “Hustlers” සිනමාපටය නැරඹීමෙන් ඔබට දැක ගත හැකියි.
Share This Article
Hiru Tv Blog
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ...
Hiru Tv Blog
නිවැරදි දෑත් සේදීම සහ මුඛ ආවරණ පැළදීම කෙරෝනා...
Hiru Tv Blog
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයේ...
Hiru Tv Blog
කොරෝනා හේතුවෙන් ලොව පුරා ඇතිවෙලා තියෙන තත්ත්වය ගැන අපි ඔබට අමුතුවෙන් කියන්න...
Hiru Tv Blog
කුමාර් සංගක්කාර කියන්නේ ලංකාවේ සුපිරි ක්‍රීඩකයෙක් වගේම ලෝකයම දන්න හැමෝම ආදරය...
Hiru Tv Blog
Covid 19 මේ වෙද්දී ලෝකයක්ම කණපිට හරවලා. ලෝකයේ දන්න කියන හැම අහුමුල්ලකම රිංගගත්ත මේ...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Hiru Tv Blog
පසුගියදා පැවැති RightsCon නමැති ඩිජිටල් යුගයේ මානව හිමිකම් පිළිබඳ වූ සමුළුවේදී කතාබහට...
Top