යේමනයේ හවුති කැරළිකරුවන් ප්‍රහාර අවසන් කිරීමට සූදානම්
Sunday, 22 September 2019 - 11:34 | Views - 4,078
සෞදි අරාබියට එල්ල කරන සියලූ ප්‍රහාර අවසන් කොට සාමයට එළඹීමට සූදානම් බවට යේමනයේ හවුති කැරළිකරුවන් සිදුකර ඇති ප්‍රකාශයට ජගත් සංවිධානය ප්‍රතිචාර දක්වා තිබෙනවා.
පසුගියදා සෞදි අරාබියේ තෙල් පිරිපහදු සංකීර්ණය වෙත එල්ල කළ ප්‍රහාරයේ වගකීම භාරගත්තේද හවුති කැරළිකරුවන් විසින්.
එහෙත් ඇමරිකාව සහ සෞදි අරාබිය ඒ පිළිබඳව ඉරානය වෙත චෝදනා එල්ල කළා. කෙසේ නමුත් හවුති කැරළිකරුවන් සාමය සඳහා ඉදිරිපත් කර ඇති යෝජනාව යුද්ධය අවසන් කිරීමේ බලගතු පණිවුඩයක් ලෙසයි ජගත් සංවිධානය හැඳින්වූයේ.
ඉරානයේ සහය ලබන යේමනයේ හවුති කැරළිකරුවන්ට එරෙහිව සෞදි අරාබිය ප්රමුඛ ගල්ෆ් සන්ධානය ගුවන් ප්‍රහාර එල්ල කරන අතර, එරට සිවිල් යුද්ධයෙන් මේ වනවිට මියගිය සංඛ්‍යාව දස දහසකට අධිකයි.
Share This Article