යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී මනාල යුවළට හා තවත් දෙදෙනකුට තුවාල
Thursday, 19 September 2019 - 8:24 | Views - 594
විවාහ මංගල උත්සවයට අවශ්‍ය භාණ්ඩ කීපයක් රැගෙන ඒමට ගිය මනාල යුවළක් වවුනියාව, කුරුමන්කාඩු ප‍්‍රදේශයේදී 17 දා රාත‍්‍රි අනතුරකට ලක්වීමෙන් එම යුවළම රෝහල් ගත කොට තිබේ.

සැප්තැම්බර් 18 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබූ විවාහ මංගල උත්සවය සඳහා අවශ්‍ය භාණ්ඩ කීපයක් රැගෙන ඒම සඳහා කුරුමන්කාඩූ ගම්මානයේ සිට වවුනියාව නගරයට මේ යුවළ පැමිණෙමින් සිටියදී ඔවුන් ගමන් ගත් යතුරුපැදිය තවත් යතුරුපැදියක ගැටීම නිසා මේ අනතුර සිදුව තිබේ.

මෙම අනතුරෙන් මනාල යුවළ සමග අනෙක් යතුරුපැදියේ ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනකුද තුවාල ලබා ඇති අතර ඒ දෙදෙනා මව සහ දියණිය බව වවුනියාව පොලිසිය ප‍්‍රකාශ කරයි.

මනාලයාගේ හිසට බරපතළ තුවාල සිදුව ඇති අතර ඒ හේතුව නිසා විවාහ මංගල උත්සවයද කල් දමා තිබේ.

වවුනියාව පොලිසිය මේ අනතුර පිළිබඳව පරීක්ෂණ පවත්වා ගෙන යයි.
Share This Article
Hiru Tv Blog
මිග්‍රේන් (Migraine) කියන නම ඇහුණත් ඇති ඔළුව...
Hiru Tv Blog
කාලයෙන් කාලයට ව්‍යාප්ත වෙන රෝග අතර මේ...
Hiru Tv Blog
කෝමාරිකා ජූස් (Aloe vera juice) කියන්නෙ වර්තමානයේ...
Hiru Tv Blog
ඔබ, “ඔටිසම් රෝගය” ගැන අහල ඇති මුත් ඒ...
Hiru Tv Blog
තේ වලට වඩාත් රසයක් එක් කිරීමට අපේ ගෘහනියන්...
Hiru Tv Blog
නර්තනය කියන්නේ ඇගේ ජීවිතයේම කොටසක්..හැමදාමත් වගේ ඇයගේ සෙවනැල්ල වගේ පසුපසින්...
Hiru Tv Blog
ලෝකේ වටේම රවුම් ගහන්න යන එක එයා දැන් පුරුද්දක් කරගෙන..ඒ වගේමයි ලංකාවේ ඉන්න ඒ තරම්...
Hiru Tv Blog
රංගන ශිල්පිනියක් විදිහට ඔයාලා ගොඩක් දෙනෙක් ආදරය කරන චරිතයක් ගැන තමයි අපි මේ...
Hiru Tv Blog
නාසා ආයතතනය විසින් අඟහරු ග්‍රහයාගේ අධ්‍යන කටයුතු සිදු කිරිම සදහා යොමු කරන...
Hiru Tv Blog
ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණියේ මෙතෙක් ලබාගත් විශාලතම සහ තියුණුම රූපය ලබා ගැනීමට...
Hiru Tv Blog
පූර්ණ සූර්යග්‍රහණයක මීළඟ අත්දැකීම විඳගැනීමට ශ්‍රී ලංකාවාසීන්ට හැකිවන්නේ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Hiru Tv Blog
Friday, 19 January 2024
Hiru Tv Blog 706 Views
Top