මම වැරදිකාරයෙක් වෙනවා කියන හැඟීම දැනුණා- තරුවක්වීම වාසනාවක්
Tuesday, 17 September 2019 - 10:27 | Views - 867
කලක් කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රය තුළ කටයුතු කළ ඉඳුනිල් අන්ද්‍රමාන්න මේ වනවිට ගායකයෙකු ලෙස ස්වාධීන ගමන් මගකට යොමුව තිබෙනවා. අලුත් ගීත එක්ක ජනතාව අතරට එන ඔහු ගැනයි මේ.

මෑතකදී එළිදැක්වූ නව ගී නිර්මාණය ගැන මුලින්ම කතා කරමු?
රොෂාන් වික්‍රමසිංහ ගීතය රචනා කළේ. අමිල මුතුගල මල්ලි සංගීත අධ්‍යක්ෂණය කළේ.අපි නිර්මාණ තෝරගනිද්දි එය හරියට කරන්න ඕන.අම්මා වෙනුවෙන් ගැයෙන ගීතයක් මෙය.අම්මා ගැන ගීත බොහෝ නිර්මාණය වී තිබෙනවා.නමුත් එහි වටිනාකමින් නිමක් නැහැ.මේ ගීතය තුළ යම් වේදනාවකින් සිටින පුතෙක් ගැන තමයි තියෙන්නේ.නොහිතා කළ වැරදි නිසා තනි වූ වෙලාවක අම්මාව මතක් වෙලා කියන දෙයක් තමයි මේ ගීතයේ අන්තර්ගත වෙන්නේ.

කණ්ඩායමෙන් ඉවත්වී නිර්මාණ කටයුතු කරන්න යොමුවීම ගැන  කළොත්?
තනිව කටයුතු කරද්දි ආර්ථිකමය පැත්තෙන් හොඳ තත්ත්වයක් තිබෙනවා. මීට වසරකට දෙකකට පෙර නම් මම මේ කියන වචනය අසාධාරණයි.නමුත් දැන් එය  සාධාරණව වෙන්න ඕන කියලා හිතුවා.යම් සංගීත කණ්ඩායමක් වෙනුවෙන් මගේ ජීවිතේ කොටසක් කැපකරන්න පුළුවන් වුණා.නමුත් තනිව කටයුතු කරද්දි ඒ කාලය මම වෙනුවෙන්ම  කැපකිරීම් කළොත් මට හොඳ ගමනක් යන්න පුළුවන් කියලා හිතුණා.

සංගීත කණ්ඩායම තුළ කටයුතු කරන කාලයේම ස්වාධීන ගමනක් යන්න උත්සාහ කරන බවක් දැක්කා?
මම මුල සිටම තීරණය කරගත්ත දෙයක් තමයි මගේ ගමන නිදහසේ යන්න ඕන කියන කාරණය.අපේ ජීවිතයෙත් හැදෙන්න ඕන බොහෝ දේවල් තිබුණා. මිනිසුන්ට දේවල් ලැබෙද්දි මනස වෙනස් වෙනවා.එහෙම කලාකරුවන් බොහෝ පිරිසක් අද සිටිනවා.මීට කාලෙකට කලින් රටේ වැඩිපුර කතාබහට ලක්වූ කලාකරුවන්ගේ නමක්වත් අද ඇහෙන්නෙ නැති තත්ත්වයන් තිබෙනවා.ඒ අවුරුදු පහක් හයක් කාලය තුළ ඔවුන්ගේ වෙනස්වීම තමයි.දැන් පරම්පරාවත් එක්ක බලද්දි හොඳම දේ මේ ක්ෂේත්‍රය තුළ පැවතීමට හොඳ නිර්මාණ සිදුකිරීමයි.නිහතමානීව මේ ගමන යෑම.එක දිගට ගීත ජනතාවට දීම නෙමෙයි කාර්යය.හොඳ සින්දුවක් ගායනා කළොත් ඒ ගීතයත් එක්ක කාලයක් රසිකයන් සමග ඉන්න හැකියාව තිබෙනවා. එවැනි නිර්මාණත් එක්ක තමයි මම කණ්ඩායමෙන් එළියට බැස්සේ.

කණ්ඩායම් සංගීතය ගැන කලකිරීමකින්ද කතා කරන්නේ?
එහෙම නෑ.කණ්ඩායම් සංගීතය තුළින් තමයි අපි අද මේ වගේ තැනකට ඇවිත් තිබෙන්නේ. මම චාමර වීරසිංහ,ජූඩ් රෝගන්ස් කණ්ඩායම් සංගීතය තුළ කාලයක් කටයුතු කරලා තනිව ගමනක් යන්න යොමුවුණ අය.මගේ හිතේ කණ්ඩායම් සංගීතය කියන එක ගැන අපැහැදීමක් නැහැ.සිදුවූ යම් යම් දේවල් නිසා අපැහැදීමක් ඇතිවුණත් එයට සියලුම සංගීත කණ්ඩායම් එක්ක අපැහැදීමක් නැහැ.කාලයක් තිස්සේ එකම කණ්ඩායම තුළ හිටපු වාදන ශිල්පීන් සහිත සංගීත කණ්ඩායමක් අද නැහැ.අපි තැනකට ආවේ තාක්ෂණය අඩු කාලෙක.එයයි වැදගත්ම දේ.ඒ අතීතය අමතක නැහැ..

ආයේ කණ්ඩායමෙන් ආරාධනා ලැබුණොත් සම්බන්ධවෙනවද?
ආයෙත් මේ කණ්ඩායමට එකතු වීම මේ ආත්මෙදි සිද්ධ වෙන්නෙ නැහැ.එහෙම සිද්ධ වෙන්නැති තැනකට තමයි  කටයුතු සිද්ධ වුණේ.කලාකරුවෙක් ලෙසත් ඔවුන්ගේ වේදිකාවට ගොඩවෙනවද කියලා නැවත හිතන්න ඕන.මිනිසුන් අතර,විවිධ මතිමතාන්තර තිබෙන කාලයක් මේක.වැට ඉන්නකට,තාප්පයකට,ප්‍රශ්න ඇති වෙනවා.නොදන්න පිරිසක් එකට එකතු කරලා සංගීත කණ්ඩායම නිර්මාණය කරද්දි මෙය ඊට වඩා වැඩිවෙන්න ඕනනේ.හැම සංගීත කණ්ඩායමකටම මෙය අදාළයි.මගෙත් වැරදි ඇති. මම නිවැරදි වෙන්න හැඟීමක් ඇති වෙලාවක මම වැරදිකාරයෙක් වෙනවා කියන හැඟීම දැනුණා. මෙයට වැඩිපුර දැනෙන්නේ අපි ආපු කාලය. හැම කෙනෙකුටම තරුවක් වෙන්න හැකියාවක් නැහැ. තරු වෙන පිරිසකුත් ඉන්නවා. තරුවක්වීම වාසනාවක්. එය මට ලැබුණ නිසා තනිව ගමනක් යෑම ඉතා හොඳයි.

අද වෙද්දි ගායකයන් බොහෝ ප්‍රමාණයක් ක්ෂේත්‍රය තුළ කටයුතු කරනවා, මේ අභියෝගය ඔබ භාරගන්නේ කෙලෙසකද?
එක පැත්තකින් කනගාටුවක් තිබෙනවා.අද කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රයේ වගේම ශිල්පීන්ගේ පැත්තෙත් කනගාටුවක් තිබෙනවා.ගීත ගායනා කරන ශෛලිය පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා.අද වෙද්දි කොළඹට ආවේණික ගායන ශිල්පීන් පිරිසක් වෙනම ඉන්නවා.මේ පැලැන්තියට මේ ගායකයන් තමයි හරියන්නේ කියලා මිනුම් කරගෙන ඉන්නවා.නමුත් ඔවුන්ට ගමට ගිහින් ගීත කියන්න හැකියාවක් නැහැ.මෙලෙස බෙදුණ කලාකරුවන් හා සංගීත ශිල්පීන් ඉන්නවා.නමුත් මගේ එහෙම බෙදීමක් නැහැ.

පූර්ණකාලීනව ප්‍රසංග වේදිකාවට යොමු වී කටයුතු කිරීමටද බලාපොරොත්තුවෙන්නේ?
ආයෙ මම කණ්ඩායම් සංගීතයට සම්බන්ධ වෙන්නේ නැහැ.නමුත් මගේ එකම ආසාව වෙලා තියෙන හික්කඩුව ෂයිනි සංගීත කණ්ඩායමට දායකත්වයක් ලබාදෙන්න හිතනවා.ඒ හැරෙන්න මගේ මේ ගමන හොඳ ගීත නිර්මාණය කරමින් ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුවෙන්නේ. මගේ ජීවිතයේ හදාගන්න ඕන දේවල් තිබෙනවා.තාම මම සම්පූර්ණ නැහැ. හැම අඩුපාඩුවක්ම සම්පූර්ණ කරගෙන හොඳ පුරවැසියෙක් හොද කලාකරුවෙක් වෙන්න උත්සාහ කරනවා.මගේ අලුත් ගීතය ඒබීසී මාධ්‍ය ජාලය තුළින් එළිදක්වා සතියක පමණ කාලයක් ගත වෙන්නේ.එයට ලැබෙන ප්‍රතිචාරත් එක්ක ඉදිරියේදි හොඳ දෙයක් කරනවා.

නිදුක් මදුෂික



Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව ඝර්ම කලාපයට අයත් රටකි. මේ ඝර්ම...
Hiru Tv Blog
ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (STIs) සහ HIV සම්ප්‍රේෂණය...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ, පැණි රස කෑම ගැන, ඔබත් පැණිරස...
Hiru Tv Blog
කරවිල කිව්ව ගමන් ඉතින් අපිට මතක් වෙන්නේ...
Hiru Tv Blog
උදේ ඉදලා රෑ වෙනතෙක් මහන්සි වෙලා කවුරු කවුරුත්...
Hiru Tv Blog
තරින්දි ප්‍රනාන්දු කියන්නෙ බොහෝම කෙටි කාලයකින් ප්‍රේක්ෂකයින් ට සමීප වුණු...
Hiru Tv Blog
යුරේනි අපි හැමෝම ආදරය කරන ජනප්‍රියම නිළියක්.ඇයට ප්‍රේක්ෂකයන්ගේ ආදරේ අඩුවක්...
Hiru Tv Blog
පාලිත තෙවරප්පෙරුම හැමෝම ආදරය කරපු චරිතයක්.ඒත් අවාසනාවන්ත විදියට විදුලි සැර...
Hiru Tv Blog
පූර්ණ සූර්යග්‍රහණයක මීළඟ අත්දැකීම විඳගැනීමට ශ්‍රී ලංකාවාසීන්ට හැකිවන්නේ...
Hiru Tv Blog
මේ වසරේ පළමු සූර්යග්‍රහණය ඊයේ(08) දිස්වුණ අයුරු මේ ආකාරයෙන් සටහන් වෙලා තිබුණා.....
Hiru Tv Blog
"යක්ෂයාගේ වල්ගා තරුව" හෙවත් 12P/පොන්ස්-බෲක්ස් යනුවෙන් හඳුන්වන වල්ගා තරුව වසර 71කට...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Hiru Tv Blog
Friday, 19 January 2024
Hiru Tv Blog 642 Views
Top