මුල්ගල තියන්න ගිය මන්ත්‍රී විජේපාලට විරෝධයක්
Sunday, 15 September 2019 - 20:06 | Views - 713
අක්මීමන - ඉහළගොඩ - දකුණ ප්‍රදේශයේ නිල සෙවන කාර්යාලයක් ස්ථාපිත කිිරීම සඳහා මුල්ගල් තැබීමේ උත්සවයකදී ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චිට අද දැඩි ජනතා විරෝධයක් එල්ල වුණා.
විරෝධතාවයේ නිරත වූ ප්‍රදේශවාසීන් කියා සිටියේ අක්මීමන ඉහලගොඩ - නැගෙනහිර ප්‍රදේශයට අදාල නිල සෙවන කාර්යාලය මෙලෙස තම ප්‍රදේශයේ ඉදිකිරීමට ඉඩ දිය නොහැකි බවයි.
ග්‍රාම නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරී සහ කෘෂිකර්ම නිලධාරී එක් ස්ථානයක ස්ථානගත කරමින් නිල සෙවන නමින් දීප ව්‍යාපත්ව ප්‍රාදේශීය මට්ටමින් ඉදිකිරීමට ආරම්භ කර ඇති සංවර්ධන වැඩ සටහනක් යටතේ අදාල කාර්යාලය ඉදිකිරීමට නියමිතව තිබුණා.
ඒ සඳහා මුල්ගල් තැබීමට නියමිතව තිබුණේ අමාත්‍ය වජිර අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන්.
කෙසේ වෙතත්, අද උදෑසන 08 ට ආරම්භ කිරීමට නියමිතව තිබූ මුල්ගල් තැබීමේ උත්සවයට වජිර අබේවර්ධන අමාත්‍යවරයා සහභාගි වී නැහැ.
සිය ගම් ප්‍රදේශයට අයත් නොවන කාර්යාලයක් සඳහා මුල්ගල තැබීමට විරෝධය පල කරමින් ප්‍රදේශවාසීන් උදෑසන සිට එම ස්ථානයේ විරෝධය දක්වමින් සිටි බවයි අප ප්‍රාදේශීය වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.
උදෑසන 08 ට මෙම උත්සවය ආරම්භ කිරීමට නියමිතව තිබුණ ද ඉන් පැය 04ක් පමණ ප්‍රමාද වී මුල්ගල තැබීම සිදුකිරීමට ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි එම ස්ථානයට පැමිණියා.
එහිදී ප්‍රදේශවාසීන්ගෙන් මන්ත්‍රීවරයාට දැඩි විරෝධයක් එල්ල වුණා.
ප්‍රදේශවාසීන්ගේ විරෝධතාවය දක්වන්නේ නම් මෙම නිල සෙවන කාර්යාලය වෙනත් ස්ථානයක ඉදිකිරිමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි ප්‍රකාශ කිරීමත් සමඟ විරෝධතාකරුවන් විසිර ගියා.
Share This Article