මුහුද රළුවීමේ අවදානමක්
Sunday, 15 September 2019 - 15:48 | Views - 667
ඉදිරි පැය 24 තුළ හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු තීරයේ සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා වන මුහුදු තීරයේ වැසි ඇති වන අවස්ථාවල පැයට කිලෝමීටර් 70ත්, 80ත් දක්වා තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ සම්බන්ධයෙන් ධීවර සහ නාවික ප්‍රජාව අවධානයෙන් කටයුතු කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.
එමෙන්ම, දිවයින ආශ්‍රිතව දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපය තුළත් අපේක්ෂා කරන අතර, බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වල මිලිමීටර් 100 ඉක්ම වූ වැසි ඇති විය හැකියි.
Share This Article