ඉනි කපන්න යන් කියා 8 හැවිරිදි සිසුවාට අතවර කළ 73 හැවිරිදි පුද්ගලයා හිරේ
Thursday, 12 September 2019 - 8:08 | Views - 1,002
8 හැවිරිදි පාසල් ශිෂ්‍යයකු ඉනි කැපීම සඳහා යෑයි රවටා කැඳවාගෙන ගොස්‌ එම සිසුවාට ලිංගික අතවර සිදුකිරීම පිළිබඳව අධිචෝදනා ලබා වරද පිළිගත් 73 හැවිරිදි අයෙකුට මීගමුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා වසර 5 ක සිරදඬුවම් නියම කර රුපියල් 15,000 ක දඩයක්‌ නියම කළේය.

ඊට අමතරව අතවරයට පත්වූ සිසුවාට රුපියල් 75,000 ක වන්දියක්‌ ගෙවීමට ද වැරදිකරුට නියෝග කෙරිණි. සිරදඬුවම්, දඩ සහ වන්දි ගෙවීමට නියමවූයේ හෙට්‌ටිමුල්ල ගොඩැල්ලේ පදිංචි බී. ජී. රැපියල් පීටර් නොහොත් පීටර් මාමා (73) නමැත්තෙකි.

2013 දෙසැම්බර් මස 10 වැනිදා මොහු සිසුවාට ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ තිබිණි.

විත්තිකරුගේ වයස්‌ගත තත්ත්වයත් චෝදනාවට වරද පිළිගැනීමත් සැලකිල්ලට ගෙන ලිහිල් දඬුවම් නියම කරන ලෙසට විත්තියේ ජ්‍යෙෂ්ඨ නීතිඥ මනේෂ් වෑවිට මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. රජයේ අධිනීතිඥ මලික්‌ අයීස්‌ මහතා පැමිණිල්ල මෙහෙයවිය.
Share This Article
Hiru Tv Blog
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ...
Hiru Tv Blog
නිවැරදි දෑත් සේදීම සහ මුඛ ආවරණ පැළදීම කෙරෝනා...
Hiru Tv Blog
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයේ...
Hiru Tv Blog
කොරෝනා හේතුවෙන් ලොව පුරා ඇතිවෙලා තියෙන තත්ත්වය ගැන අපි ඔබට අමුතුවෙන් කියන්න...
Hiru Tv Blog
කුමාර් සංගක්කාර කියන්නේ ලංකාවේ සුපිරි ක්‍රීඩකයෙක් වගේම ලෝකයම දන්න හැමෝම ආදරය...
Hiru Tv Blog
Covid 19 මේ වෙද්දී ලෝකයක්ම කණපිට හරවලා. ලෝකයේ දන්න කියන හැම අහුමුල්ලකම රිංගගත්ත මේ...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Hiru Tv Blog
පසුගියදා පැවැති RightsCon නමැති ඩිජිටල් යුගයේ මානව හිමිකම් පිළිබඳ වූ සමුළුවේදී කතාබහට...
Top