බදුල්ල තල්දෙන පන්සල් වත්තෙන් හමුවුණු පාවෙන ගලට මිනිස්සු වඳින්න පටන් අරගෙන
Wednesday, 11 September 2019 - 15:26 | Views - 3,140

බදුල්ල තල්දෙන ශ්‍රී  බෝධිරාජාරාම  විහාරස්ථානයේ සාමනේර හිමිවරුන් පිරිසකට පන්සල් වත්තේ තිබී  හමුවූ ජලයේ පාවෙන ගල දැක බලා ගැනීමට මේ වන විට විශාල පිරිසක් විහාරස්ථානය වෙත පැමිනෙන අතර ඇතැමුන් ඊට වැද නමස්කාර කර පඩුරු දැමීමටද පටන්ගෙන ඇතැයි තල්දෙන ශ්‍රී බෝධිරාජාරාම විහාරාධීකාරී  තල්දෙන ධම්මවංස හිමියෝ පවසති.

මෙම අපූරු ගල ආරක්ෂා කර ගැනීම සදහා එය වතුර පිරවූ භාජණයකට දමා ඒ වටා කම්බි වැටක් ඉදිකිරීමට කටයුතු කල බවද විහාරාධීපති හිමියෝ පැවැසූහ.

පන්සල් වත්තේ සිට  බදුලු ඔය තෙක් වැටී ඇති අඩි පාරක් ශුද්ධ පවිත්‍ර කරමින් සිටියදී  බෝධිරාජාරාම   විහාරස්ථානයේ   සාමණේර හිමි නමකට මුලින්ම මෙම ගල දැකගන්නට ලැබී ඇති අතර එය ජලයට දමද්දී පාවීමට පටන්ගැනීම නිසා උන්වහන්සේ එය මුලින්ම විහාරස්ථෘනය වෙත රැගෙන විත් ඇතග.

පසුව එය විහාරස්ථානයේ ඇති පොකුනට දමා ඇති අතර එය ජලයේ  පාවෙන්නට  වූ බවද විහාරාධිපති හිමියෝ පැවසූහ.

සුදු සහ අළු පැහැයෙන් යුත්  මෙම ගල කොස් ගෙඩියක් තරම් විශාල එකක් බවද එහි පිට ස්ථරය කබොක් ගලක ස්වරූපය ගන්නා බවද උන්වහන්සේ පැවසූහ. ගල කිරා බැලීමේදී එහි බර කිලෝ ග්‍රෑම් 6.900 ක් පමණ විය.

තල්දෙන විහාරස්ථෘනය පිහිටි ප්‍රදේශයේ අතිතයේ දී රජ මාලිගාවක් හා  රජ කුමරියන් දිය නෑ වතුර වලක් තිබූ බවද ප්‍රදේශයේ පැරැන්නෝ පවසති.

මීගහකිවුල රුවන්  කුමාර 

Share This Article
Hiru Tv Blog
ස්වභාවික පානයක් වන තැඹිලි වතුරේ ඔබ නොදන්නා...
Hiru Tv Blog
සුන්දර, සිහින්, නිරෝගිමත් සිරුරක් ලබාගැනීම...
Hiru Tv Blog
සෞභාග්‍යයෙන් පිරිපුන් අපේ ශ්‍රී ලංකා...
Hiru Tv Blog
හිස කෙස් සුදු පැහැවීම වයසට යනවිට සිදුවන...
Hiru Tv Blog
මේ දිනවල ලෝකයේ බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලංකාව...
Hiru Tv Blog
අතිදක්‍ෂ ඡායාරූප ශිල්පියෙක්, හදවතටම කතා කරන ලයාන්විත හඬක් හිමි ගායකයෙක් ලෙස...
Hiru Tv Blog
ශ්‍රී ලාංකේය ටෙලිනාට්‍ය කලාවට කවදත් තරුවල හිඟයක් තිබුණේ නැත. වසරින් වසරට හෝ...
Hiru Tv Blog
චිත්‍රපටයක් බලද්දී වුණත් දුක් සීන් තිබ්බොත් ඇඬෙනවා... මම දඟකාර විදිහට හිටියට...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Hiru Tv Blog
පසුගියදා පැවැති RightsCon නමැති ඩිජිටල් යුගයේ මානව හිමිකම් පිළිබඳ වූ සමුළුවේදී කතාබහට...
Hiru Tv Blog
Saturday, 06 July 2019
Hiru Tv Blog 11,570 Views
1G , 2G, 3G  යන යුග පසු කරමින් වර්තමානයේ අපි ඉන්නේ 4G, 4G LTE  යුගයේ, ඔන්න දැන් 4G LTE  යුගයේත්...
Top