මැඩෝනා ලොයිස් සිකෝනේ, ලෝකය ඇයව හදුන්වන්නේ පොප් රැඡිණ යනුවෙන්.
එක්සත් ඡනපදයේ කීර්තිමත් ගායිකාවක් ගීත රචිකාවියක් සහ සාර්ථක ව්‍යපාරික ගැහැණියක් ලෙස ඇය සිය දෙපයින් අභිමානයෙන් යුතුව නැගී සිටියි.
මැඩෝනා ඇමෙරිකා එක්සත් ඡනපදයේ විශිෂ්ට කලාකරුවන් උදෙසා පිදෙන ඉහළම සමිමාන සහ සහතික හිමි දෙවන කලාකාරිනියයි. ලොව පුරා විකුණූ ඉහළම සංගීත තැටිවල වාර්තාවට හිමිකමි කියන්නේ මැඩෝනා ගැයු ගීතයන්ය. මිලියන 300 ද ඉක්මවූ එය ගිනස් වාර්තාවකි.
අදටද ලොව සංචාරක ගී ගයන්නන්ගේ වැඩිම ආදායමි වාර්තාව මැඩෝනා සතුය. එය ඇමෙරිකන් ඩොලර් බිලියන 1.4 කි.ඇය ලොව විශිෂ්ටතම ගායිකාවන් 100 දෙනාගෙන්ද ලොව විශිෂ්ටතම ගී පද රචකයන් 100 දෙනාගෙන්ද කෙනෙකි.
ඉතින් මෙම පොප් රැජිණ තම 61 වන උපන්දිනය විනෝදාත්මකව සමරා තිබෙන අතර එම අපුරු මොහොතේ ගත් අපූරු ඡායාරූප කිහිපයක් තමයි මේ...........