සුන්දර පැහැපත් සමකට ඔලිව් තෙල්
Monday, 19 August 2019 - 9:17 | Views - 9,489
රූ සපුව ඔප්නංවා ගැනීමට ඔලිව් තෙල් භාවිතය සිදුවූයේ අෑත අතීතයේ සිටයි. ග්‍රීසියේ විසූ රැජනයන් ඔලිව් තෙල් ස්නානයට සහ ඔලිව් තෙල් මඟින් සිරුර සම්බාහනය කීරීමට වැඩි ප්‍රියතාවක් දැක් වූ බව ඉතිහාසය තුළ දැක්වෙනවා.
වර්තමානයේදීත් බොහෝ රූපලාවණ්‍ය ආලේපන සඳහා ඔලිව් තෙල් අඩංගු කර තිබෙන බව ඔබ දැක ඇත. එයට හේතු වන්නේ සම සුන්දර කිරීමට ඔලිව් තෙල්වලට ඇති සුවිශේෂී හැකියාවයි. විටමින් ඡ්, ම්, ඕ යහමින් අඩංගු ඔලිව් තෙල් ප්‍රතිඔක්සිකාරක ගුණයෙන්ද යුක්තයි. සම පැහැපත් වීම, පිරිසුදු වීම, තෙතමනය වැඩි වීම ඔලිව් තෙල් මඟින් ඔබට ලබාගත හැකි ප්‍රතිලාභයි. වෙළෙඳපොළ තුළ ඔලිව් තෙල් වර්ග රාශියක්ම දැකගත හැකියි. නමුත් රූපලාවණ්‍ය සත්කාර සඳහා Extra - Virgin - Olive - Oil හෙවත් සුපිරිසුදු ඔලිව් තෙල් තෝරාගත යුතුයි. ඔලිව් තෙල්වලින් නිවෙසේදීම කරගත හැකි රූපලාවණ්‍ය සත්කාර කිහිපයක් අපි දැන් කියවා බලමු.
1 ඔලිව් තෙල් මේකප් රිමුවර් එකක් ලෙසින්ද භාවිතා කළ හැකියි. කොට්න් කැබැල්ලකට ඔලිව් තෙල් ස්වල්පයක් දමා මේකප් ඉවත් කිරීමට යොදාගන්න.
2 අඳුරු වූ සමට ඔලිව් තෙල් සහ ලෙමන් යුෂ ස්වල්පයක් මිශ්‍ර කර ආලේප කරන්න. විනාඩි 15ක් තබා සෝදා හරින්න.
3 හානි වූ සම නැවත යථා තත්ත්වයට පත්කිරීමට ග්ලිසරින් සහ ඔලිව් තෙල් මිශ්‍ර කර ආලේප කරන්න. විනාඩි 15ක් තබා සෝදා හරින්න.
4 මුහුණ ක්ලෙන්සර් කිරීමට කොට්න් කැබැල්ලකට ඔලිව් තෙල් ස්වල්පයක් දමා භාවිත කරන්න.
5 ස්ක්‍රබ් එකක් සාදාගැනීමට ඔලිව් තෙල් සමඟ සීනි හෝ ලුණු මිශ්‍ර කරන්න.
6 ඕට්ස් කුඩු ඔලිව් තෙල් සමඟ මිශ්‍ර කර මුහුණ ස්ක්‍රබ් කරන්න.
7 ආමන්ඩ් ඇට කිහිපයක් ගෙන එය කුඩු කරන්න. ඉන්පසු එයට ඔලිව් තෙල් මිශ්‍ර කර මුහුණ විනාඩි 5ක් පමණ ස්ක්‍රබ් කරන්න.
8 ඔලිව් තෙල් මේස හැන්දකට මී පැණි මේස හැන්දක් සහ බිත්තර කහමද හැන්දක් මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. විනාඩි 15ක් පමණ තබා සෝදා හරින්න.
9 ඔලිව් තෙල්, කහ සහ යෝගට් ස්වල්පයක් මිශ්‍ර කර මුහුණේ ආලේප කර විනාඩි 15ක් තබා සෝදා හරින්න.
10 ඔලිව් තෙල් වෙඬරු තෙල් එකට මිශ්‍ර කර තරමක් උණු කර දෑත් සහ දෙපාවල ආලේප කර හොඳින් සම්බාහනය කරන්න.
11 ඔලිව් තෙල් වලට අලිගැටපේර ගෙඩි භාගයක් සහ මී පැණි හැන්දක් මිශ්‍ර කර මුහුණේ ආලේප කර විනාඩි 20ක් පමණ තබා සෝදා හරින්න.
12 වියළි ෙදාඩම් ලෙලි කුඩු ඔලිව් තෙල් සහ මී පැණි එකට මිශ්‍ර කරන්න. එයට විටමින් E කරලක් ද එක් කර මුහුණේ ආලේප කර විනාඩි 15ක් තබා සෝදා හරින්න.
13 කෝමරිකා යුෂවලට ඔලිව් තෙල් ස්වල්පයක් එක් කර අඳුරු වී ඇති ස්ථානවල ආලේප කරන්න.
14 නැවුම් එළකිරි, කහ සහ ඔලිව් තෙල් මිශ්‍ර කර මුහුණේ ආලේප කර විනාඩි 20ක් තබා සෝදා හරින්න.
15 බටර් සහ ඔලිව් තෙල් මිශ්‍ර කර දෙතොල මත ආලේප කර විනාඩි 15ක් පමණ සම්බාහනය කරන්න.
16 කෝපිවලට ඔලිව් තෙල් ස්වල්පයක් දමා මුහුණ ස්ක්‍රබ් කරන්න.
17 රෝස පෙති කිහිපයක් පොඩි කරන්න. එයට ඔලිව් තෙල් මිශ්‍ර කර දෑත් දෙපාවල් ආලේප කරන්න.
සෙව්වන්දි හෙට්ටිආරච්චි
Share This Article