ප්‍රියංකා විවාහ කරගත් නික්ට සිදුවූ දේ
Saturday, 17 August 2019 - 16:43 | Views - 2,086
ප්‍රියංකා චොප්රා, නික් ජෝනාස් කියන්නෙ ඉතාම ජනප්‍රිය අඹු සැමි යුවළක් බව කවුරුත් දන්නවා. ප්‍රියංකා මේ වනවිට බොලිවුඩ් සිනමාවේ වගේම හොලිවුඩයේත්  ප්‍රසිද්ධ නිළියක්. ඇයගේ සැමියා නික් ජෝනාස් ඉතාම ජනප්‍රිය ඇමෙරිකානු සංගීත ශිල්පියෙක්. පසුගිය වසරේ විවාහ වුණු මේ දෙදෙනා මේ වනවිට ඉතා විචිත්‍ර යුග දිවියක් ගත කරමින් සිටින බවයි පැවැසෙන්නේ. ප්‍රියංකා සහ නික් ගැන පසුගිය දවස්වල මාධ්‍ය තුළ පළවෙලා තිබුණු කතාවකින් කියැවුණේ ඔවුන් දෙදෙනා අලුත් නිවෙසක් මිල දී ගැනීමට සොයමින් සිටින බවයි. හැබැයි ඒ සුළුපටු මුදලකට නෙවෙයි. ඔවුන් ඒ සඳහා වැය කිරීමට බලාපොරොත්තු වන මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 25ක් බවයි පැවැසෙන්නේ. එය ලංකාවේ මුදලින් කිවහොත් රුපියල් බිලියන 3.5කට හෙවත් කෝටි 350කට කිට්ටුයි. සැබැවින්ම එය නිවෙසක් නොව මන්දිරයක් ලෙස හැඳින්වීමයි වඩා සුදුසු.

මේ වනවිට 26 වැනි වියෙහි පසුවන නික් තනිකඩව සිටි කාලයේ වාසය කළ සුපිරි නිවාසයක් ද මේ වනවිට විකුණා ඇති බවත් ආරංචියි. මෙම නිවෙස පිහිටා තිබුණේ ලොස් ඇන්ජලීස්හි බෙවර්ලි හිල්ස් ප්‍රදේශයේයි. ඔහු එය විකුණා ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 7ක පමණ මුදලකටයි. එනම් ලංකා රුපියල් කෝටි 125කට ආසන්න මුදලකටයි. නික් මෙම නිවෙස පසුගිය 2018 වසරේ මිලදී ගෙන තිබුණේ ඩොලර් මිලියන 6.5ක  මුදලකට බවයි වාර්තා වන්නේ. මෙම අපූරු නිවෙස සොබා සුන්දරත්වයෙන් අනූන කඳුකර ඉසව්වක පිහිටා තිබූ බව පැවැසෙනවා. නිදන කාමර පහකින් සහ ඉතා අලංකාර පිහිනුම් තටාකයකින් ද මෙය සමන්විත වූ බැව් සඳහන්. තම අලුත් මන්දිරය ද බෙවර්ලි හිල්ස් ප්‍රදේශයෙන්ම මිල දී ගැනීමට නික් සහ ප්‍රියංකා වැඩි කැමැත්තක් දක්වන බවත් මාධ්‍ය වාර්තා කර තිබුණා.

  කෙසේ නමුත් ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක් වැනි විශාල මුදලක් මෙම නිවෙස සඳහා වෙන් කිරීම ඔවුන්ට කිසිදු ගැටලුවක් නොවන්නේ දෙදෙනාම ලොකු ධනවතුන් වීම නිසයි. මේ වනවිට නික් සතු ධනය ඇමෙරිකානු ඩොලර් මිලියන 25 ක් (රු.කෝටි 435ක් පමණ) බව පැවැසෙන අතර ප්‍රියංකාගේ වත්කම ඩොලර් මිලියන 28 ක් (රු. කෝටි 495ක් පමණ) බව සඳහන්. ප්‍රියංකා බොලිවුඩ් සිනමාවේ වැඩිම ආදායම් උපයන නිළියක් බවත් රහසක් නොවෙයි. ඇය එක් චිත්‍රපටයක් වෙනුවෙන් අය කරන මුදල ඉන්දියානු රුපියල් කෝටි 18ක් බව පැවසෙනවා. එය ලංකාවේ මුදලින් රුපියල් කෝටි 46කට කිට්ටුයි. චිත්‍රපටයක් වෙනුවෙන් වැඩිම මුදලක් අය කරන බොලිවුඩ් නිළියන් අතර ඇය තුන්වැනි තැන පසුවෙනවා. ඇයට ඉහළින් සිටින්නේ කන්ගනා රනෝත් සහ දීපිකා පදුකෝන් පමණයි. ඔවුන් අය කරන ගාස්තු පිළිවෙළින් ඉන්දියානු රුපියල් කෝටි 24ක් (ලංකා රුපියල් කෝටි 62ක්) සහ ඉන්දියානු රුපියල් කෝටි 21ක් (ලංකා රුපියල් කෝටි 56ක්) ලෙසයි සඳහන් වන්නේ. ප්‍රියංකා රඟපෑ Quantico නමැති ටෙලි නාට්‍ය මාලාව නිසා ඇමෙරිකාවේ ද ඇය ජනප්‍රියත්වයට පත් වුණා.

ප්‍රියංකා සහ නික් ඔවුන්ගේ වෘත්තීය ජීවිතවල ද අලුත් කටයුතු රැසක් ආරම්භ කිරීමට සූදානම් වෙමින් සිටින බව සඳහන්. නික්ගේ සැලසුම් අතර ප්‍රධාන තැනක් ගන්නේ ඔහු පැවැත්වීමට යන සංගීත ප්‍රසංග පෙළයි. එය නම් කර ඇත්තේ Happiness Begins  යනුවෙන්. මෙම ප්‍රසංග පෙළ පවත්වන්නේ  නික් සහ ඔහුගේ සොහොයුරන් වන කෙවින් හා ජෝ දෙදෙනා ද එක්වයි.  මේ අතර ප්‍රියංකා ද ඇයගේ අලුත්ම චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට සූදානම් වෙමින් සිටිනවා. එහි නම The Sky is Pink වන අතර ෆර්හාන් අක්තාර්, සයිරා වසීම් වැනි ජනප්‍රිය නළු නිළියන් එහි රඟපානවා. මෙම චිත්‍රපටය ලබන ඔක්තෝබර් මාසයේ තිරගත වීමට නියමිතයි. ප්‍රියංකා බොලිවුඩ් චිත්‍රපටයක  රඟපෑවේ වසර 3ක කාලයකට පසුවයි. මෙම චිත්‍රපටය ඉතා සංවේදී කතාවක් රැගත් චිත්‍රපටයක් බවයි පැවැසෙන්නේ. අඹු සැමි දෙපළකගේ, වසර 25ක කාලයක් තිස්සේ දිවෙන  ආදර කතාවයි එයට පසුබිම් වන්නේ. මේ කතාව ඉදිරිපත් වන්නේ ඔවුන්ගේ දියණියගේ කෝණයෙන් බවත්, ඇය සුව කළ නොහැකි රෝගයකින් පීඩා විඳින යුවතියක බවත් සඳහන්.

පසුගිය ජුලි 18 වැනි දින ප්‍රියංකාගේ 37 වැනි උපන් දිනය යෙදී තිබූ අතර එයත් ප්‍රියංකා-නික් දෙදෙනාට විශේෂ අවස්ථාවක් වුණා. ඔවුන් උපන් දින සාදය පවත්වා ඇත්තේ ඇමෙරිකාවේ මියාමි නුවරයි. සාදය පිළිබඳ ඉතා විචිත්‍ර ඡායාරූප පෙළක් ඔවුන්ගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවලද පළ කර තිබුණා.

මව්බිම
Image result for nick and priyanka
Image result for nick and priyanka
Image result for nick and priyanka
Image result for nick and priyanka
Share This Article
Hiru Tv Blog
ස්වභාවික පානයක් වන තැඹිලි වතුරේ ඔබ නොදන්නා...
Hiru Tv Blog
සුන්දර, සිහින්, නිරෝගිමත් සිරුරක් ලබාගැනීම...
Hiru Tv Blog
සෞභාග්‍යයෙන් පිරිපුන් අපේ ශ්‍රී ලංකා...
Hiru Tv Blog
හිස කෙස් සුදු පැහැවීම වයසට යනවිට සිදුවන...
Hiru Tv Blog
මේ දිනවල ලෝකයේ බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලංකාව...
Hiru Tv Blog
අතිදක්‍ෂ ඡායාරූප ශිල්පියෙක්, හදවතටම කතා කරන ලයාන්විත හඬක් හිමි ගායකයෙක් ලෙස...
Hiru Tv Blog
ශ්‍රී ලාංකේය ටෙලිනාට්‍ය කලාවට කවදත් තරුවල හිඟයක් තිබුණේ නැත. වසරින් වසරට හෝ...
Hiru Tv Blog
චිත්‍රපටයක් බලද්දී වුණත් දුක් සීන් තිබ්බොත් ඇඬෙනවා... මම දඟකාර විදිහට හිටියට...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Hiru Tv Blog
පසුගියදා පැවැති RightsCon නමැති ඩිජිටල් යුගයේ මානව හිමිකම් පිළිබඳ වූ සමුළුවේදී කතාබහට...
Hiru Tv Blog
Saturday, 06 July 2019
Hiru Tv Blog 11,570 Views
1G , 2G, 3G  යන යුග පසු කරමින් වර්තමානයේ අපි ඉන්නේ 4G, 4G LTE  යුගයේ, ඔන්න දැන් 4G LTE  යුගයේත්...
Top