ගුවන් තොටුපළ අවට කිලෝ මීටර් 05 ප්‍රමාණයක සරුංගල් යැව්වොත් දඩ
Wednesday, 14 August 2019 - 10:08 | Views - 25
ශ්‍රී ලංකාවට ඉහළින් ඇති ගුවන් අවකාශය තුළ දෛනිකව ගුවන් යානා මෙහෙයුම් කටයුතු සිදු කරන බැවින් ශ්‍රී ලංකාව තුළ පිහිටි ජාත්‍යන්තර සහ අභ්‍යන්තර ගුවන් තොටුපළ අවට ඉහළ අහසේ කිලෝ මීටර් 05 ප්‍රමාණයක සරුංගල් යැවීම නීතිවිරෝධී සහ දඩුවම් ලැබිය හැකි වරදක් බව ගුවන් තොටුපළ කළමනාකරු එච්.එස්.හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කර සිටී.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ , මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපළ මෙන්ම රත්මලාන , පලාලි , සීගිරිය , කොග්ගල ආදී අභ්‍යන්තර ගුවන් තොටුපළ වලට ද මෙය වලංගු වන බව මෙම ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම ගුවන් තොටුපළ අවට ප්‍රදේශ වල සිට ගුවනට යවනු ලබන සරුංගල් සහ ඒවායේ නූල් ගුවන් යානා වල අවර පෙති වල , ජෙට් ඇන්ජින් වල සහ අනෙකුත් විවිධ කොටස් වල පැටලීමෙන් සහ ගැටීමෙන් එම ගුවන් යානා වලට හානි සිදු වී ගුවන් අනතුරු ද ඇති විය හැකි බව හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.
Share This Article
Hiru Tv Blog
රූ සපුව ඔප්නංවා ගැනීමට ඔලිව් තෙල් භාවිතය...
Hiru Tv Blog
Saturday, 17 August 2019 - 10:13
Hiru Tv Blog 829 Views
ආයුර්වේද - හෝමියෝපති - යුනානි -  බටහිර වෙදකම...
Hiru Tv Blog
බොහෝවිට මේවා මුහුණේ, කොන්දේ සහ කන් මත ඇති...
Hiru Tv Blog
Friday, 16 August 2019 - 12:17
Hiru Tv Blog 1,487 Views
ලස්සන කියන්නේ තමන්ට තමන්ගේ රුව ගැන ඇතිවන...
Hiru Tv Blog
ඔබ සිතයි ඒක කරන්න පුළුවන්ද කියලා. ඔව්......
Hiru Tv Blog
රුවන්.. මුලින්ම වාසනාව මුණගැහුණේ කොහොමද..?අපි දෙන්නම එකම කැම්පස් එකේ. කොළඹ විශ්වවිද්‍යාලයේ...
Hiru Tv Blog
ප්‍රියංකා චොප්රා, නික් ජෝනාස් කියන්නෙ ඉතාම ජනප්‍රිය අඹු සැමි යුවළක් බව කවුරුත්...
Hiru Tv Blog
ලබන වසරේ මාර්තු 20 වැනිදා ප්‍රදර්ශනය වීමට සූදානම් කර ඇති රෝහිත් ෂෙට්ටිගේ සූර්යවංශි...
Hiru Tv Blog
Saturday, 06 July 2019
Hiru Tv Blog 2,931 Views
1G , 2G, 3G  යන යුග පසු කරමින් වර්තමානයේ අපි ඉන්නේ 4G, 4G LTE  යුගයේ, ඔන්න දැන් 4G LTE  යුගයේත්...
Hiru Tv Blog
පසුගියදා Facebook, Instagram, WhatsApp යන සමාජ මාධ්‍ය ජාලා හදිසියේම කඩාවැටීමකට ලක්වුණා. WhatsApp සහ...
Hiru Tv Blog
Android 4.0.3, IOS 8 හෝ KaiOS 2.5.1 මෙහෙයුම් පද්ධති වලින් ක්‍රියාත්මක වන ජංගම දුරකථන WhatsApp භාවිතය...
Top