බෙන් ස්ටොක් නවසීලන්ත සම්මානයට නිර්දේශ වෙයි
Saturday, 20 July 2019 - 15:35 | Views - 664
නවසීලන්ත රජය වාර්ෂිකව පිරිනමන වසරේ නවසීලන්ත ජාතිකයා සම්මානයට එංගලන්ත ක්රිකට් කණ්ඩායමේ බෙන් ස්ටොක් නිර්දේශ වී තිබෙනවා.
ලෝක කුසලාන එක්දින තරගාවලියේ අවසන් මහා තරඟයේදී නවසීලන්තයෙන් ජයග්රහණයෙන් උදුරා ගැනීමට වැඩිම දායකත්වය ලබාදුන් බෙන් ස්ටොක් නවසීලන්ත ජාතිකයෙක්.
මොහුට අමතරව නවසීලන්ත නායක කේන් විලියම්සන් ද මෙම සම්මානය සඳහා නිර්දේශ වී තිබුණා.
Share This Article