මොර්ටාසා ශ්‍රී ලංකා සංචාරයට නැහැ
Saturday, 20 July 2019 - 15:29 | Views - 2,613
ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා බංග්ලාදේශ නායක මෂ්රෆේ මොර්ටාසා සහභාගි නොවන බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.
ඒ, ඩකා නුවර ෂරේ - බංග්ලා ක්‍රීඩාංගණයේ ඊයේ පැවති පුහුණු සැසියක් අතරතුර ඔහු කායික ආබාධයකට ලක්වීම හේතුවෙන්.
මොර්ටාසා වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක ටස්කින් අහමඞ් කණ්ඩායමට ඇතුළත් වන අතර, තමීම් ඉක්බාල් බංග්ලාදේශ පිළ මෙහෙය වනු ඇති.
ඔහු බංග්ලාදේශ එක්දින කණ්ඩායමේ නායකත්වය දරණ ප්‍රථම අවස්ථාව මෙයයි.
මේ අතර, බංග්ලාදේශය සමඟ පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා ක්‍රීඩකයන් විසි දෙදෙනෙකුගෙන් යුත් සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ඊයේ ප්‍රකාශයට පත් කළ අතර, දිනේෂ් චන්දිමාල් නැවතත් ඊට ඇතුළත් කර නැහැ.
Share This Article