2016 වසරේ අති සාර්ථක ලෙස තිරගත වූ ‘එම්.එස්. දෝනි - ද අන්ටොල්ඩ් ස්ටෝරි’ චිත්‍රපටය පසුගිය සති අන්තයේදී ඉන්දීය සැටලයිට් නාලිකා සියල්ලේම ප්‍රදර්ශනය වී ඇත. ඒ 38 වැනි උපන්දිනය සැමරු ඉන්දීය හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනිට ගෞරව පිණිසය.
මෙම චිත්‍රපටය දෝනිගේ ජීවිත කතාව අළලා නිර්මාණය කළ අතර, දෝනි ලෙස සුශන්ත් රාජ්පුත්, වර්තමාන බිරිඳ සාක්ෂි ලෙස කියාරා අද්වානිද, දෝනිගේ හිටපු පෙම්වතිය ලෙස ඩිෂා පටානිද මෙහි රංගනයෙන් දායක විය.