පිළිකා අත්දැකීම් ගැන මනීෂාගෙන් පොතක් !
Friday, 19 July 2019 - 10:12 | Views - 1,387
කාලයක්  ඉන්දියන් සිනමාව සැරසූ නේපාල  සුන්දරිය තමයි මනීශා කොයිරාළ. මධුරි  ඩික්සිත්, ජූහි , කාජල් වගේ  තරු අතර ඉදිරියෙන් හිටිය සුපිරි තරුවක් තමයි ඇය.

කාලයක් පිළිකා රෝගයෙන් පීඩා විද යලි යථා තත්ත්වයට පත්වූ  අතර  ඇය එම අත්දැකීම් අළලා ලියූ පොතක් ඉකුත්දා එළි දැක්විණි.  " healed " නමැති එම පොත එළිදැක්වීමට රේඛා ,මහේශ් භාට්,භාග්‍ය ශ්‍රී , ගුල්ශන් ග්‍රොවර්, අනූපම් ඛේර් සහභාගි  වුහ.

ඉහළම තැන සිට පහළට ඇද වැටුනත් නැවත  නැඟිටින අතරතුර  තවත්  අයට ධෛර්යය  දෙන ශක්තිමත් මනීශාට ආදරයෙන්.

සුබාශ් ගයි  නිර්මාණය  කල සෞදාගර්  චිත්‍රපටයෙන් හින්දි  සිනමාවට  පාතැබූ මනීශාගේ සිනමා ජීවිතයේ රන් සලකුණක්  "බොම්බෙ ".  1942 ලව් ස්ටෝරි, අග්නි සාක්ශි, කාමෝශි, ගුප්ත්, අකේලේ හම් අකේලේ  තුම්, මන්, ඒක් චොටී සී ලව් ස්ටෝරි, ලජ්ජා  ඇය දායක වූ තවත්  සාර්ථක  චිත්‍රපට. බොලිවුඩය  විතරක්  නෙමෙයි  දෙමල සිනමාවටත් ඇගේ දායකත්වය  ලැබුණා.

ජනප්‍රිය  සිනමාවත් කලාත්මක  සිනමාවත් ස්පර්ශ  කරන්න  ඇයට  හැකියාව  තිබුණා.

ඒත් මත්පැනට ඇබ්බැහි  වීමත් සමහර  ප්‍රේම සම්බන්දතාත්  ඇයට  සිනමාවේ යන්නට  තිබූ දිගු ගමනට බාධා කලා. ඇය නූතන  මීනා කුමාරියයි. පසු කාලයක  නිර්මාණය  උන "හිරොයින් " ඇගේ  කතාව අනුසාරයෙන්  හැදුණු  බව   කියවෙනවා.

දක්ශතාව සුරූපී  බව තිබුණාත් කලමනාකරණය  කරගැනීමේ දුර්වල කම ඇගේ  ගමන මඟදී අඩාල  කලා. නේපාල  ජාතික  ව්‍යාපාරිකයකු හා විවාහ  වූ ඇය ඉන් වසර  දෙකකදී  වෙන් වෙනවා .

2012 දී ඇය පිළිකා රෝගයට  ගොදුරු  වෙනවා . රෝගය පැතිරී දුර්වල  වෙන තෙක් ඇයට  ඒ ගැන  කිසිදු  දැනීමක්   තිබී නැහැ . ප්‍රතිකාර  සඳහා ඇමරිකාවේ රෝහලක  ඇතුළු  වෙන මනීශා  සැත්කමකට භාජනය  කරනවා.ඉන් පසුව  මාස ගණනාවක   කීමො තෙරපි  ලබා දී අවුරුදු  හතරකට පිලිකාව   පාලනයට  වෛද්‍යවරුන්  සමත් වෙනවා

2014දී ඇය පිලිකා රෝගයෙන් සුවය ලැබීමට සමත් වෙනවා. පසුව  ක්‍රියාකාරීව පිලිකා සම්බන්ද වැඩසටහන්  වලට  මනිශා  ඇයගේ  දායකත්වය ලබා දෙනවා.  ඇගේ  රෝගී තත්ත්වය  ගැන කණගාටු  වූ ප්‍රේක්ෂක ජනතාවට  සුබ ආරංචියක්  දෙමින් ඇය නැවතත්  සිනමාවට සම්බන්ද  වන්නේ සංජු චිත්‍රපටය හරහාය.

පිලිකා  රෝගයෙන්  සුවය ලැබූ ඇය ක්‍රියාකාරී සමාජ් සේවිකාවක් ලෙස  නොයෙක්  කටයුතු  කරනවා . කාන්තා  අයිතීන් ,කාන්තා  හිංසනයට  විරුද්ධව  සහ නේපාල කාන්තාවන්   ගණිකාවන් ලෙස විවිධ  රටවලට  නීති විරෝධීව ගෙන යාමට  විරුද්ධව  හඬ නගන්නියක්.
Share This Article
Hiru Tv Blog
රූ සපුව ඔප්නංවා ගැනීමට ඔලිව් තෙල් භාවිතය...
Hiru Tv Blog
Saturday, 17 August 2019 - 10:13
Hiru Tv Blog 826 Views
ආයුර්වේද - හෝමියෝපති - යුනානි -  බටහිර වෙදකම...
Hiru Tv Blog
බොහෝවිට මේවා මුහුණේ, කොන්දේ සහ කන් මත ඇති...
Hiru Tv Blog
Friday, 16 August 2019 - 12:17
Hiru Tv Blog 1,486 Views
ලස්සන කියන්නේ තමන්ට තමන්ගේ රුව ගැන ඇතිවන...
Hiru Tv Blog
ඔබ සිතයි ඒක කරන්න පුළුවන්ද කියලා. ඔව්......
Hiru Tv Blog
රුවන්.. මුලින්ම වාසනාව මුණගැහුණේ කොහොමද..?අපි දෙන්නම එකම කැම්පස් එකේ. කොළඹ විශ්වවිද්‍යාලයේ...
Hiru Tv Blog
ප්‍රියංකා චොප්රා, නික් ජෝනාස් කියන්නෙ ඉතාම ජනප්‍රිය අඹු සැමි යුවළක් බව කවුරුත්...
Hiru Tv Blog
ලබන වසරේ මාර්තු 20 වැනිදා ප්‍රදර්ශනය වීමට සූදානම් කර ඇති රෝහිත් ෂෙට්ටිගේ සූර්යවංශි...
Hiru Tv Blog
Saturday, 06 July 2019
Hiru Tv Blog 2,929 Views
1G , 2G, 3G  යන යුග පසු කරමින් වර්තමානයේ අපි ඉන්නේ 4G, 4G LTE  යුගයේ, ඔන්න දැන් 4G LTE  යුගයේත්...
Hiru Tv Blog
පසුගියදා Facebook, Instagram, WhatsApp යන සමාජ මාධ්‍ය ජාලා හදිසියේම කඩාවැටීමකට ලක්වුණා. WhatsApp සහ...
Hiru Tv Blog
Android 4.0.3, IOS 8 හෝ KaiOS 2.5.1 මෙහෙයුම් පද්ධති වලින් ක්‍රියාත්මක වන ජංගම දුරකථන WhatsApp භාවිතය...
Top