අනුරාධපුර පුජා නගරයේ නිවසක තනිව සිටි කාන්තාවට අත් වූ අවාසනාවන්ත ඉරණම
Friday, 19 July 2019 - 9:22 | Views - 416
හිසට පහරදී ඝාතනය කල බවට සැකකරන වයෝවෘද්ධ කාන්තාවකගේ මල සිරුරක් අනුරාධපුර පැරණි පූජා නගරයේ බංඩාර පුළියන්කුළම ප්රදේශයේ නිවසක තිබී පෙරේදා (17දා) රාත්රීයේ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් සොයාගනු ලැබීය.
පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු පැමිණිල්ලකට අනුව මල සිරුර ඇගේ නිවසේ මුළුතැන්ගෙය බවට සැකකරන ස්ථානයේ තිබී පොලිසිය මගින් සොයාගත් අතර කිසියම් පුද්ගලයෙකු විසින් ඇයගේ හිසට තදබල අන්දමින් පහරදී ඝාතනයකර මරා දැමුවේද යන්න සම්බන්ධයෙන් පොලිසියට සැකමතුවීම නිසා ඊයේ (18දා) උදෑසන අදාල ස්ථානයට මහේස්ත්රාත්වරයා කැදවා මහේස්ත්රාත් පරික්ෂනය පැවත්වීය.
ඝාතනයට ලක්වු බවට සැකකරන්නේ අංක අට ගගබඩ මාවත මිහින්තලා පාර අනුරාධපුර ලිපිනයේ පදිංචිව සිටි ඉච්චාගේ දෝන කුසුමාවතී (64) නැමත්තියයි.ඇය නිවසේ තනිවම සිට ඇති අතර නිවසට ඇතුළුවු සොරෙකු හෝ කාමාතුරයෙකු විසින් පහරදි ඇය ඝාතනය කරන්නට ඇති බවට පොලිසිය සැකකරන අතර මරණකාරිය වෙනත් නිවසක කුඩා දරුවන් දෙදෙනෙකු බලාගැනීමේ රැකියාවකනිරතවු තැනත්තියක බව පොලිසිය කියයි.
ඇයට දරුවන් නොමැති අතර ඇය විසින් හදාවඩාගත් බව කියනතරුණියක ගම්පහ ප්රදේශයේ සිටින බව පොලිසය තහවුරු කරගැනීමෙන් පසුව කාන්තාව මියගොස් ඇති බව ඇයට දන්වා තිබේ. දින දෙකකට ආසන්න කාලයක් ඇය දරුවන් බලාගන්නා නිවසේ රැකියාවට ගොස් නැති අතර එම නිවසේ කාන්තාව නිවස තුලම මියගොස් සිටින අයුරුදුටු අසල්වාසියෙකු පොලිස් හදිසි ඇමතුම් අංශයට ඒ පිළිබදව දන්වා තිබේ.
මියගිය කාන්තාවගේ හිසෙහි පහරදීමකින් සිදුවූ බවට සැකකරන තුවාලයක සළකුණු දක්නට ලැබෙන අතර කාන්තාව ඝාතනය කරන්නට ඇති බවට පොලිසිය සැකකරයි.
Share This Article