මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු මාට්ටු
Thursday, 18 July 2019 - 14:55 | Views - 1,949
2008 වසරේ දී ඉන්දියාවේ මුම්බායි නගරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු චෝදනා 23ක් යටතේ අත්අඩංගුවට ගෙන තිබේ.
හෆීස් සායිඩ් නම් මෙම සැකකරු පාකිස්තාන අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඉදිරියේදී ඔහුට විරුද්ධ නඩු විභාගය සිදු කෙරෙනු ඇත.
ලක්ෂාර් ඊ ටයිබා නම් ත්‍රස්ත සංවිධානයේ නායකයා මොහු වේ. ඔහුත් සමග ත්‍රස්ත සංවිධානයේ තවත් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
පසුගිය වසර කිහිපයකදීම ඔහු වරින් වර අත්අඩංගුවට ගත් අතර චෝදනා ඔප්පු නොවීම හේතුවෙන් ඔහු නිදහස් වී තිබුණි. කෙසේ වුවද ඔහුට විරුද්ධව මෙවර චෝදනා රැසක් පවතින බැවින් නිදහස්වීම අපහසු බව විචාරකයින්ගේ අදහස වේ.
අදාළ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයින් 174 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව 300 දෙනෙකු තුවාල ලැබූහ.
Share This Article