ගාලූ වරායට ආසන්න මුහුදේ දී මත්කුඩු කිලෝ 60ක් සමඟ අත්අඩංගුවට ගත් විදේශීය යාත්‍රාවේ, දේශීය සම්බන්ධතා සියල්ල එළියට
Friday, 12 July 2019 - 14:06 | Views - 1,379
ගාලූ වරායට ආසන්න මුහුදේ දී මත්කුඩු කිලෝ 60ක් සමඟ අත්අඩංගුවට ගත් විදේශීය යාත්‍රාවේ දේශීය සබඳතා පිළිබදව තොරතුරු හෙළි වී තිබෙනවා.
 
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලූතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර සඳහන් කළේ පෙරේදා දිනයේ ශ්‍රී ලාංකික සැකකරුවන් සිව් දෙනෙකු සමඟ අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රාව සහ මෙම යාත්‍රාව අතර, සබදතා පවතින බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි.
 
ඒ ඔස්සේ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බව ද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

ගාලූ වරායට ආසන්න මුහුදේ දී ධජයක් හෝ ලියාපදිංචි සලකුණක් නොතිබූ මෙම යාත්‍රාව ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ නාවික හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුවයි.
 
යාත්‍රාව පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී මත්කුඩු කිලෝග්‍රෑම් 60ක් සොයා ගැනුණා.
 
මේවා, හෙරොයින් බවට සැක කෙරෙන අතර, එය නිශ්චිතව තහවුරු කිරීම සඳහා යාත්‍රාව ගොඩබිමට රැගෙන විත් රසායනාගාර පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.
 
යාත්‍රාවේ සිටි විදේශීය ජාතිකයන් 9 දෙනෙකු ද, නාවික හමුදා භාරයට ගත් අතර, ඔවුන් කුමන රටේ ද යන්න පිළිබදව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලූතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර කියා සිටියේ.
 
මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් විදේශීය යාත්‍රාව සමඟ සැකකරුවන් ගොඩබිමට රැගෙන ඒමේ කටයුතු අද පස්වරුව වන විට සිදුකිරීමට නියමිතයි.
 
වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහයෝගය ද ලබා ගන්නා බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
 
ගාලූ වරායට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශයේදී මෙරටට අයත් ධීවර යාත්‍රාවක තිබී මත්ද්‍රව්‍ය සාම්පල කිහිපයක් සමඟ ශ්‍රී ලාංකිකයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ පෙරේදා දිනයේදීයි.

Share This Article
Hiru Tv Blog
මුත්‍රා වල වර්ණය, ඔබ දන්නවා සාමාන්‍ය...
Hiru Tv Blog
නිය ආලේපන භාවිත කරන්නේ නියපොතුවල ආරක්ෂාවට...
Hiru Tv Blog
Thursday, 18 July 2019 - 10:35
Hiru Tv Blog 1,428 Views
ජලය අපේ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. රෝග...
Hiru Tv Blog
Thursday, 18 July 2019 - 10:15
Hiru Tv Blog 314 Views
අතීතයේ සිටම යුවතියන් සමේ පැහැය රැකගැනීමට...
Hiru Tv Blog
මවක් වන්නට සිටින අයකු කෑමට ගතයුතු ආහාර...
Hiru Tv Blog
"සමහර වෙලාවට හිතිලා තියෙනවා විවාහ වෙන්න හදිස්සි වුණාද කියලත්..""එයා එනකල් අපි...
Hiru Tv Blog
ලන්ඩනයේ පැවැති "ලයන් කිං"  සිනමා පටයේ මංගල දර්ශනය නැරඹීම සඳහා හැරී- මේගන් යුවල...
Hiru Tv Blog
ඇය තෙවැනි වතාවටත් අන්තර්ජාතික සම්මානයට පාත්‍රවූයේ ශ්‍රී ලාංකීය සිනමාවට ගෞරවයක්...
Hiru Tv Blog
Saturday, 06 July 2019
Hiru Tv Blog 1,258 Views
Hiru Tv Blog
පසුගියදා Facebook, Instagram, WhatsApp යන සමාජ මාධ්‍ය ජාලා හදිසියේම කඩාවැටීමකට ලක්වුණා. WhatsApp සහ...
Hiru Tv Blog
Android 4.0.3, IOS 8 හෝ KaiOS 2.5.1 මෙහෙයුම් පද්ධති වලින් ක්‍රියාත්මක වන ජංගම දුරකථන WhatsApp භාවිතය...
Hiru Tv Blog
මෝටර් රථ තාක්ෂනය ගැන කතා කරනකොට ලෝකයේ ප්‍රසිද්ධ මෝටර් රථ සමාගමක් වන Peugeot මෝටර්...
Top