ඕස්ට්‍රේලියානුවන්ට ලේ එන්න බෝල දාලා, 92න් පස්සේ එංගලන්තය ලෝක කුසලාන අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබූ හැටි
Friday, 12 July 2019 - 11:30 | Views - 6,350
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක 8 වැනි වරටත් අවසන් මහා තරගයකට යෑමේ අවස්ථාව ඕස්ට්‍රේලියානුවන්ට අහිමි කළ සත්කාරක එංගලන්තය වසර 27කට පසු (1992) ලෝක කුසලාන තරගාවලියක අවසන් මහ තරගයකට යෑමේ වරම ඊයේ (11) උදාකරගත්තේය.

ඒ අනුව නවසීලන්තය හා එංගලන්තය අතර 14 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගය සඳහා ලන්ඩනයේ ලෝඩ්ස් පිටිය සූදානම්ව පවතින අතර, මෙම තරගයෙන් ජයග්‍රහණය කරනු ලබන කණ්ඩායමට පළමු වරට ලෝක කුසලානයක පහස විඳ ගැනීමට අවස්ථාව ලැබී තිබීමද විශේෂත්වයකි.

එංගලන්ත පන්දු යවන්නන්ගේ අභියෝගයට යටත් වෙමින් ඕස්ට්‍රේලියාව ලැබූ ලකුණු 223ට පිළිතුරු සැපයූ එංගලන්තයට අවසානයේදී කඩුලු 8ක පහසු ජයක් ලබාගැනීම සඳහා අවශ්‍ය වූයේ පන්දුවාර 32.1ක් පමණී.

ලකුණු 224ක ඉලක්කයක් පසු කර යෑමට පිටියට පිවිසි එංගලන්ත ආරම්භක පිතිකරු යුගළය ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් තුට්ටුවකටවත් මායිම් නොකරමින් පිටියේ සෑම දිසාවකට පහර දෙමින් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 124ක සබඳතාවයක් එක් කළේය.

එහිදී කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළ ජේසන් රෝයි ලකුණු 85ක් ලබා සිටියදී දැවී ගිය බව ශ්‍රී ලංකාවේ විනිසුරු කුමාර් ධර්මසේනගේ තීරණය වුවද පුනරූපනවලින් දැක්වුණේ ඔහු දැවී නොගිය ක්‍රීඩකයකු බවය. කෙසේ වුවත් අවසානයේදී ජෝ රූට් නොදැවී ලකුණු 49ක් හා නායක මෝගන් නොදවී ලකුණු 45ක් ලබා ගනිමින් එංගලන්තය ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

බර්මින්හැම්හි එජ්බැස්ටන් පිටියේදී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ ඕස්ට්‍රේලියානු නායක ආරොන් ෆින්ච්ගේ එම තීරණය යම් ගැටලුකාරී බව පෙන්වමින් ඕස්ට්‍රේලියානු නායකයා ආචර්ගේ පන්දුවක් හමුවේ ලකුණු නොලබා පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වන විට ඕස්ට්‍රේලියාව ලකුණු 4ක් ලබා සිටියේය.

එම ලකුණු ප්‍රමාණයට තවත් ලකුණු 6ක් එකතු වූ අවස්ථාවේදී වෝක්ස්ගේ පන්දුවක් හමුවේ ලකුණු 9ක් ලබා සිටි ඩේවිඩ් වෝනර්ගේ පිත්තේ පිට අග්‍රයේ ගැටී පළමු ස්විප් ස්ථානයේ පන්දු රකිමින් සිටි බෙයාර්ස්ටෝ වෙත යෑමත් සමඟ මෙම තරගාවලියේ ඉහළම ලකුණු ලැබූ පිතිකරුවන් අතර දෙවැනි තැන පසුවන වෝනර්ගේ ඉනිම නිමාවිය. ඉන් අනතුරුව පැමිණි පීටර් හෑන්ඩ්ස්කොම්ද ලකුණු 4කට නැවතත් වෝක්ස්ගේම ගොදුරක් බවට පත්වනවිට ඕස්ට්‍රේලියාව පීඩනයට පත් වූ බවක් දස්විය.

එහෙත් ස්ටීවන් ස්මිත්ට එකතු වූ ඇලෙක්ස් කේරී සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 103ක සබඳතාවක් එක් කරමින් කඩා වැටුණු ඕස්ට්‍රේලියානු ඉනිම පිළිසකර කිරීමට වෙහෙසුනද රෂීඩ්ගේ පන්දු හමුවේ කේරී ලකුණු 46කටත්, ස්ටොනිස් කිසිදු ලකුණක් නොලබාත් දැවීයාමත් සමඟ සියලු බර ස්මිත්ගේ කරමතට වැටිණි.  අනෙක් පිතිකරුවන් එකිනෙකා දැවී යද්දී එක් අන්තයක් ආරක්ෂා කරගත් ස්ටීවන් ස්මිත් පන්දු 119කදී හතරේ පහර 6ක්ද සමඟින් ලකුණු 85ක් ලබාගත්තේය.

වෝක්ස් ලකුණු 20කට කඩුලු 3ක් හා අදිල් රෂීඩ් ලකුණු 54කට කඩුලු 3ක් වශයෙන් ලබා ගනිමින් ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට හිසරදයක් වූ පන්දු යවන්නෝ බවට පත්වූහ.

ලකුණු සාරාංශය

ඕස්ට්‍රේලියාව

(පන්දුවාර 49කදී සියලු දෙනා දැවී) 223

(ස්ටීවන් ස්මිත් 85, ඇලෙක්ස් කේරි 46,

මිචෙල් ස්ටාක් 29,

ග්ලේන් මැක්ස්වෙල් 22,

වෝක්ස් 9-0-20-3, අදිල් රෂීඩ් 10-0-54-3,

ආචර් 10-0-32-2)

එංගලන්තය

(පන්දුවාර 32.1කදී කඩුලු 2කට) 226

(ජේසන් රෝයි 85,  ජෝ රූට් නොදැවී 49, ඉයොන් මෝගන් නොදැවී 45,

(ජොනී බෙයාර්ස්ටෝ 34)
Share This Article
Hiru Tv Blog
මුත්‍රා වල වර්ණය, ඔබ දන්නවා සාමාන්‍ය...
Hiru Tv Blog
නිය ආලේපන භාවිත කරන්නේ නියපොතුවල ආරක්ෂාවට...
Hiru Tv Blog
Thursday, 18 July 2019 - 10:35
Hiru Tv Blog 1,432 Views
ජලය අපේ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. රෝග...
Hiru Tv Blog
Thursday, 18 July 2019 - 10:15
Hiru Tv Blog 316 Views
අතීතයේ සිටම යුවතියන් සමේ පැහැය රැකගැනීමට...
Hiru Tv Blog
මවක් වන්නට සිටින අයකු කෑමට ගතයුතු ආහාර...
Hiru Tv Blog
"සමහර වෙලාවට හිතිලා තියෙනවා විවාහ වෙන්න හදිස්සි වුණාද කියලත්..""එයා එනකල් අපි...
Hiru Tv Blog
ලන්ඩනයේ පැවැති "ලයන් කිං"  සිනමා පටයේ මංගල දර්ශනය නැරඹීම සඳහා හැරී- මේගන් යුවල...
Hiru Tv Blog
ඇය තෙවැනි වතාවටත් අන්තර්ජාතික සම්මානයට පාත්‍රවූයේ ශ්‍රී ලාංකීය සිනමාවට ගෞරවයක්...
Hiru Tv Blog
Saturday, 06 July 2019
Hiru Tv Blog 1,264 Views
Hiru Tv Blog
පසුගියදා Facebook, Instagram, WhatsApp යන සමාජ මාධ්‍ය ජාලා හදිසියේම කඩාවැටීමකට ලක්වුණා. WhatsApp සහ...
Hiru Tv Blog
Android 4.0.3, IOS 8 හෝ KaiOS 2.5.1 මෙහෙයුම් පද්ධති වලින් ක්‍රියාත්මක වන ජංගම දුරකථන WhatsApp භාවිතය...
Hiru Tv Blog
මෝටර් රථ තාක්ෂනය ගැන කතා කරනකොට ලෝකයේ ප්‍රසිද්ධ මෝටර් රථ සමාගමක් වන Peugeot මෝටර්...
Top