බෝට්ටු දෙකක් අතර සිර වී ධීවරයෙක් මරුට
Friday, 12 July 2019 - 10:15 | Views - 225
මුහුදේ මසුන් අල්ලමින්  සිටි  ධීවරයෙකු බෝට්ටු දෙකක් මැද සිරවීමෙන්  වූ  අනතුරකින්  මරණයට පත්වී   ඇතැයි හම්බන්තොට  පොලිසිය  පවසයි.

 එසේ මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ කුලීගොඩ  පදිංචි අබේකෝන්ගේ ජනක  කුමාර(35)    නැමති ධීවරයෙකි.

ඔහු මුහුදේ දී එක් බෝට්ටුවක සිට අනෙක් බෝට්ටුවට මාරු වීමට යාමේදී  මෙම අනතුර සිදු වී ඇතැයි කළ මූලික පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.

 අනතුර සිදුවීමෙන් පසු බෝට්ටු දෙකේ සිටි අනෙක් ධීවරයින් විසින් මේ පිළිබඳව නාවික හමුදාවට දැනුම් දී ඇති අතර නාවික හමුදාවේ නිලධාරීන්  විසින් මෙම ධීවරයා හම්බන්තොට රෝහල වෙත ගෙන විත් ඇතත් ඒ වන විටත්  ඔහු මියගොස් සිට  ඇති බවත් පොලිසිය කීය.
 මෙම  මරණය සම්බන්ධ හදිසි මරණ පරික්ෂණය අද  (12දා) පෙරවරුවේ බස්නාහිර වළකඩ  හදිසි මරණ පරික්ෂක   ඒ වෙත්තසිංහ   මහතා විසින්  පැවැත්වීමට නියමිතය  .
 
හම්බන්තොට පොලිසිය මෙම මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



Share This Article
Hiru Tv Blog
මුත්‍රා වල වර්ණය, ඔබ දන්නවා සාමාන්‍ය...
Hiru Tv Blog
නිය ආලේපන භාවිත කරන්නේ නියපොතුවල ආරක්ෂාවට...
Hiru Tv Blog
Thursday, 18 July 2019 - 10:35
Hiru Tv Blog 1,431 Views
ජලය අපේ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. රෝග...
Hiru Tv Blog
Thursday, 18 July 2019 - 10:15
Hiru Tv Blog 314 Views
අතීතයේ සිටම යුවතියන් සමේ පැහැය රැකගැනීමට...
Hiru Tv Blog
මවක් වන්නට සිටින අයකු කෑමට ගතයුතු ආහාර...
Hiru Tv Blog
"සමහර වෙලාවට හිතිලා තියෙනවා විවාහ වෙන්න හදිස්සි වුණාද කියලත්..""එයා එනකල් අපි...
Hiru Tv Blog
ලන්ඩනයේ පැවැති "ලයන් කිං"  සිනමා පටයේ මංගල දර්ශනය නැරඹීම සඳහා හැරී- මේගන් යුවල...
Hiru Tv Blog
ඇය තෙවැනි වතාවටත් අන්තර්ජාතික සම්මානයට පාත්‍රවූයේ ශ්‍රී ලාංකීය සිනමාවට ගෞරවයක්...
Hiru Tv Blog
Saturday, 06 July 2019
Hiru Tv Blog 1,264 Views
Hiru Tv Blog
පසුගියදා Facebook, Instagram, WhatsApp යන සමාජ මාධ්‍ය ජාලා හදිසියේම කඩාවැටීමකට ලක්වුණා. WhatsApp සහ...
Hiru Tv Blog
Android 4.0.3, IOS 8 හෝ KaiOS 2.5.1 මෙහෙයුම් පද්ධති වලින් ක්‍රියාත්මක වන ජංගම දුරකථන WhatsApp භාවිතය...
Hiru Tv Blog
මෝටර් රථ තාක්ෂනය ගැන කතා කරනකොට ලෝකයේ ප්‍රසිද්ධ මෝටර් රථ සමාගමක් වන Peugeot මෝටර්...
Top