ලොව වැඩිම ආදායම් ඉපැයූ 'Avatar' චිත්‍රපටයේ දෙවැනි කොටසේ වැඩ අරඹයි
Tuesday, 09 July 2019 - 12:18 | Views - 1,251
ලෝක සිනමා ඉතිහාසයේ වැඩිම ආදායම් ඉපැයූ චිත්‍රපටය ලෙස මේ වනවිට වාර්තා පිහිටුවා ඇත්තේ ජේම්ස් කැමරන් අධ්‍යක්‍ෂණය  කළ 'ඇවටාර්' (Avatar) චිත්‍රපටයයි. 2009 වසරේ තිරගත වූ මෙම චිත්‍රපටය උපයා ඇති සම්පූර්ණ ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.78ක් ලෙස වාර්තා වෙයි. එය ලංකාවේ මුදලින් ගණන් බැලුවහොත් රුපියල් බිලියන 486කට ආසන්නය. මෙය ඉතා විශාල මුදලක් බව අමුතුවෙන් කිව යුතු දෙයක් නොවෙයි.

 පසුගිය දිනවල මෙම 'ඇවටාර්' චිත්‍රපටය නැවතත් මාධ්‍ය තුළ අවධානයට ලක්වන මාතෘකාවක් බවට පත් වුණා. එයට හේතුව මෙම චිත්‍රපටයේ දෙවැනි කොටස සම්බන්ධයෙන් යම් යම් තොරතුරු අනාවරණය වීමට පටන් ගැනීමයි. ජේම්ස් කැමරන් මේ වනවිට 'ඇවටාර්' දෙවැනි කොටසෙහි ප්‍රධාන රූපගත කිරීම් අවසන් කර ඇති බවත් සඳහන් වෙනවා. 'ඇවටාර්' පළමු කොටස නරඹා රස විඳි ලොව පුරා සිනමා ප්‍රේක්‍ෂකයන් මෙම දෙවැනි කොටස ගැනත් ලොකු බලාපොරොත්තුවකින් සිටිනු ඇති බවට සැකයක් නැහැ. 'ඇවටාර්' පළමු කොටස විසින් පිහිටුවනු ලැබූ ආදායම් වාර්තා බිඳ හෙළීමට දෙවැනි කොටස සමත් වනු ඇද්ද යන්න බොහෝදෙනකුගේ කුතුහලයට ලක්වන කාරණයක් වනු ඇති.

'ඇවටාර්' පළමු කොටසෙහි ඇතුළත් වූයේ පෘථිවියෙහි ස්වාභාවික සම්පත් ක්‍ෂයව යෑමෙන් පසු අෑත පිහිටි වෙනත් ග්‍රහලෝකයකට අයත් චන්ද්‍රයකු (පැන්ඩෝරා) මත ඇති ස්වාභාවික සම්පත් අයිති කරගනු පිණිස මෙහි සිට යන කණ්ඩායමක් ගැනයි. කතා පුවත ගොඩ නැඟුණේ එම පැන්ඩෝරාහි ස්වදේශික ජනයා සහ පෘථිවියෙන් යන ආක්‍රමණිකයන් අතර ඇති වන ගැටුම හරහායි. මෙය ක්‍රි.ව. 2154 වසරේ සිදුවන සිදුවීමක් හැටියටයි නිරූපණය වන්නේ. 'ඇවටාර්' හි ජනප්‍රියත්වයට එහි කතා පුවත වගේම එහිදී භාවිත කෙරුණු විශේෂ දෘශ්‍ය ප්‍රයෝග ආදියද බෙහෙවින් බලපෑ බව පෙනුණා. පෘථිවියේ සිට යන ආක්‍රමණිකයන් අතර සිටින සාමාජිකයකු (ජේක්) සහ පැන්ඩෝරාහි තරුණියක (නේතිරි)  අතර ඇති වන ආදර සම්බන්ධයක්ද මෙයට ඇතුළත්. පසුව මෙම තරුණයාද පැන්ඩෝරාවාසීන්  සමඟ එක්ව පෘථිවි ආක්‍රමණිකයන්ට එරෙහිව සටන් කරනවා.

'ඇවටාර්' දෙවැනි කොටස ආරම්භ වන්නේ ජේක් සහ නේතිරි දරුමල්ලන් ලබා පවුල් ජීවිතයක් ආරම්භ කිරීමෙන් පසුව බවයි සඳහන් වන්නේ. කේට් වින්ස්ලේ, වින් ඩීසල් වැනි තවත් සුපිරි නළු නිළියන් කිහිපදෙනෙකුද මෙම දෙවැනි කොටසෙහි රඟපාන බවත් වාර්තා වෙනවා. 'ඇවටාර්' චිත්‍රපට පෙළ මෙම දෙවැනි කොටසින් පසු අවසන් නොවනු ඇති බවත් සඳහන්. කොටස් හතරක් දක්වා මෙම නිර්මාණ පෙළ ඉදිරියට යනු ඇති බවයි මාධ්‍ය අනාවරණය කරන්නේ. මෙහි තුන්වැනි කොටස 2023 වසරේ ද, සිවුවැනි කොටස 2025 වසරේ ද තිරගත කෙරෙනු ඇති බව එහි බෙදාහැරීම් භාරව කටයුතු කරන වෝල්ට් ඩිස්නි සමාගම ප්‍රකාශ කර තිබුණා. දෙවැනි කොටස තිරගතවීමට නියමිතව ඇත්තේ 2021 වසරේයි. මෙම සියලුම චිත්‍රපටවල අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කරනු ඇත්තේ 'ඇවටාර්' පළමු චිත්‍රපටය නිර්මාණය කළ ජේම්ස් කැමරන්මයි.

මේ අතර ලෝකයේ වැඩිම ආදායම් ඉපැයූ චිත්‍රපටය ලෙස 'ඇවටාර්' චිත්‍රපටය පිහිටුවා ඇති ලෝක වාර්තාවට යම් අභියෝගයක් මේ වනවිට එල්ල වී ඇති බව ද මේ සමඟ සඳහන් කළ යුතුයි. ඒ පසුගිය දිනවල ඉතාම ජනප්‍රිය වූ 'ඇවෙන්ජර්ස්: එන්ඩ්ගේම්' (Avengers: Endgame) නමැති චිත්‍රපටයෙනුයි. මේ වනවිට  එය ද 'ඇවටාර්' හි ආදායම වූ ඩොලර් බිලියන 2.78 සීමාව වෙත සෙමෙන් සෙමෙන් ඇදෙමින් සිටිනවා. තව ටික දවසක් යන විට මෙම චිත්‍රපටය 'ඇවටාර්' චිත්‍රපටයේ ආදායම් වාර්තාව බිඳ හෙළනු ඇති බවට ඇතැමුන් විශ්වාසය පළ කරන අතර තවත් සමහරුන් පවසන්නේ එයට 'ඇවටාර්' හි වාර්තාව බිඳින්නට නොහැකි වනු ඇති බවයි. මෙම ලිපිය ලියන අවස්ථාව වනවිට දැනගන්නට තිබූ තොරතුරු අනුව 'ඇවෙන්ජර්ස්: එන්ඩ්ගේම්' උපයා තිබූ ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.75 ක්.

'ඇවටාර්-2' චිත්‍රපටයේ සමහර දර්ශන රූපගත කිරීම සඳහා අලුත්ම තාක්‍ෂණයන් නිර්මාණය කිරීමට පවා සිදුව ඇති බව පැවසෙනවා. චිත්‍රපටයේ වැඩ කටයුතු මේ නිසා යම් ප්‍රමාදයකටත් ලක්ව තිබුණා. මෙම නව තාක්‍ෂණයන් යොදාගෙන ඇත්තේ දිය යට දර්ශන රූපගත කිරීමේදීයි. එම තාක්‍ෂණික ක්‍රම චිත්‍රපටයක භාවිත වනු ඇත්තේ පළමු වතාවට බවයි සඳහන් වන්නේ. මෙය තිරගත කිරීමට මුලින්ම නියමිතව තිබුණේ 2014 වසරේයි.


Share This Article
Hiru Tv Blog
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ...
Hiru Tv Blog
නිවැරදි දෑත් සේදීම සහ මුඛ ආවරණ පැළදීම කෙරෝනා...
Hiru Tv Blog
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයේ...
Hiru Tv Blog
කොරෝනා හේතුවෙන් ලොව පුරා ඇතිවෙලා තියෙන තත්ත්වය ගැන අපි ඔබට අමුතුවෙන් කියන්න...
Hiru Tv Blog
කුමාර් සංගක්කාර කියන්නේ ලංකාවේ සුපිරි ක්‍රීඩකයෙක් වගේම ලෝකයම දන්න හැමෝම ආදරය...
Hiru Tv Blog
Covid 19 මේ වෙද්දී ලෝකයක්ම කණපිට හරවලා. ලෝකයේ දන්න කියන හැම අහුමුල්ලකම රිංගගත්ත මේ...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Hiru Tv Blog
පසුගියදා පැවැති RightsCon නමැති ඩිජිටල් යුගයේ මානව හිමිකම් පිළිබඳ වූ සමුළුවේදී කතාබහට...
Top