බෑ කියන අයට කරලා පෙන්නන්න
Tuesday, 09 July 2019 - 9:32 | Views - 674
හීන ගොඩාක් හීනවෙලා යන්න හේතු බොහොමයි. නමුත් අනෙක් අය දෙන තක්සේරු සහතික ඔස්සේ හීන හෝ ඉලක්ක නවතිනවා නම් ඒක ලොකු අපරාධයක්. අන් අයගේ සෘණාත්මක තක්සේරු බොරු කරලා යුගයක් වෙනස් කළ ඔහු එල්විස් ප්‍රෙස්ලි.

1935 වසරේ ජනවාරි අට වැනිදා ඇමෙරිකා එක්සත් ජනපදයේ මිසිසිපි ප්‍රාන්තයේ ටුපෙලෝ නගරයේදී එල්විස් ඒරන් ප්‍රෙස්ලි උපත ලබනවා. එල්විස්ගේ පවුල අන්ත දුගී දුප්පත් තත්ත්වයෙන් හිටපු පවුලක්. එල්විස්ගේ උපත සිදුවෙද්දී රෝහලකට යන්න තරම්වත් වත්කමක් මවුපියන් වන ග්ලැඩිස් සහ වර්නන් ප්‍රෙස්ලි යුවළට තිබුණේ නෑ. ඒ නිසා ඇයට දරු උපත සිදු කරන්නේ තමන්ගේ පැල්පතේ තනිවමයි. එල්විස් සමඟ නිවුන් සහෝදරයෙක් උපත ලබන්න තිබුණත් මෙලොව එළිය දකින්න වරම් ලැබුණේ එල්විස්ට පමණයි.

එකම දරුවා වීම නිසා එල්විස් තමන්ගේ මවුපියන්ට වඩාත් සමීප වුණා. විශේෂයෙන්ම ඔහු තමන්ගේ මව ග්ලැඩිස්ට වඩාත් ළෙන්ගතුකමක් දැක්වූවා. බොහෝ අගහිඟකම් මැද අසල්වාසීන්ගෙන් සහ රජයෙන් ලැබුණු ආධාර මැද මොවුන් දිවි ගෙවමින් සිටිද්දී 1938 වසරේදී එල්විස්ගේ පියා වර්නන් මුදල් වංචාවක් නිසා සිරගත වෙනවා. ඒ වගේම තමන් සිටි කුඩා පැල්පත පවා අහිමි වීම හේතුවෙන් නෑදෑ හිතමිතුරන්ගේ නිවෙස්වල ලැගුම් ගන්නට ග්ලැඩිස්ට සහ පුංචි එල්විස්ට සිද්ධ වෙනවා. ඔහුට තේරෙනවා තමන්ගේ මව බොහෝ දුකින් ඉන්න වග. ග්ලැඩිස්ට එල්විස් පොරොන්දුවක් වෙනවා. කවදා හරි අෑව මහා මන්දිරයක පදිංචි කරවන තරමට තමන් දියුණු වෙනවා කියලා.

1941දී පාසල් ගමන අරඹන විට පාසලේ ඉතා සාමාන්‍ය දරුවෙක් විදිහටයි සැලකුණේ. නමුත් එල්විස්ට ගීත ගායනා කිරීමේ ආසාවක් මතුවෙමින් තිබුණා. පන්තියේ වටින් ගොඩින් ගායන කටයුතු කරද්දී පන්ති භාර ගුරුතුමිය ඔහුව උනන්දු කරනවා පාසල් වේදිකාවේ ගීත ගායනය සඳහා. එල්විස්ට යම් තරමක ප්‍රතිචාරයක් ලැබෙනවා පාසල් ප්‍රජාවගෙන්.

මාස ගණනකට පස්සේ එල්විස්ගේ එකොළොස් වැනි උපන්දිනයට මව තෑගි කරනවා ගිටාරයක්. එල්විස් මුලින් මේ තෑග්ගට කැමති වෙන්නේ නෑ. මොකද ඔහුට අවශ්‍ය වුණේ පාපැදියක්. නමුත් ඒ තරම් මුදලක් යට කරන්න බැරි නිසා එල්විස් ගිටාරය භාරගන්නවා. මවුපියන්ට දරුවන් ගැන දැනෙන හැටි හරි පුදුමාකාරයි. සමහරවිට ග්ලැඩිස්ට දැනෙන්න ඇති එල්විස්ගේ දෛවය තියෙන්නේ සංගීතයත් එක්ක කියලා. එල්විස්ට නොදැනීම ගිටාරය ඔහුගේ ජීවිතය වෙළාගත්තා. සියලු සිත් තැවුල්වලට සැනසුම තත් හයක් මත අත යවමින් ඔහු හොයන්න පෙලඹුණා.

නෑදෑයන්ගේ මඳ ගුරුහරුකම් යටතේ ගිටාරයට අත්පොත් තැබුවත් එතැනින් එහාට ඔහු ගිටාරය පුරුදු පුහුණු වුණේ කණේ හුරුවෙන් තනිවමයි. ඔහු ගතකළ පරිසරයේ ආභාසයත් සමඟ හිල්බිලි සංගීතයට වැඩි නැඹුරුවක් දක්වමින් සංගීතයේ වෙනස් හැඩතල මවන්න උත්සාහ කළ නමුත් පාසලේ සංගීත ගුරුතුමිය එල්විස්ට කියනවා “ඔබට කිසිම සංගීත කුසලතාවක් නෑ” කියලා.

කරුණු කාරණා එහෙම වුණත් ටිකෙන් ටික නව යොවුන් වියට එළැඹෙද්දී පාසලේ ජනප්‍රිය  චරිතයක් බවට එල්විස් පත්වෙනවා. දිගට වැවූ side burns සහ ඉහළට ඔසවා රොද දැමූ හිසකෙස් විලාසිතාවත් සමඟ ඔහු ආකර්ෂණීය තරුණයෙක් ලෙස පාසලේ වැජඹුණා. ඔහු තීරණය කරනවා සංගීතය ඔස්සේ දිවි ගමන ඉදිරියට මෙහෙයවන්න.

1953 වසරේදී එල්විස් යනවා  Sun Records ආයතනයට ගායකයෙක් ලෙස ක්ෂේත්‍රයට අවතීර්ණ වීමේ සිහිනය දරාගෙන. ඔහුට ගොඩාක්ම අවශ්‍ය වෙන්නේ තමන්ගේ මවට තම ගීත ගායනය පටිගත කරලා අහන්න සලස්වන්නයි. නමුත් හඬ පරීක්ෂණයෙන් එල්විස් අසමත්. ඔයාට සින්දු කියන්න බෑ” කියලා  Sun Records බලධාරීන් එල්විස්ව ප්‍රතික්ෂේප කරනවා.

කලකට පස්සේ එල්විස් දෙවැනි වරටත් Sun Records වෙත යනවා ගායකයෙක් වීමේ සිහිනය සමඟ. නමුත් දෙවැනි වරටත් ඔහුව ප්‍රතික්ෂේප වෙනවා. බලාපොරොත්තු සුන්වුණු එල්විස් ගිටාරය පසෙකින් තියලා සුක්කානම අතට ගන්නවා ට්‍රක් රථ රියැදුරෙක් විදිහට මුදල් ඉපයීමේ අටියෙන්. ඒ අතරවාරයේත් හිත තුළ දෝංකාර දෙන සංගීත කැමැත්ත උරගා බලන්න එවකට ජනප්‍රිය ගායකයෙක් වුණු එඩිබොන්ඩ් මුණගැහෙන එල්විස් ඔහුගේ සංගීත කණ්ඩායමේ අවස්ථාවක් ලබාගන්න උත්සාහ කරනවා. එල්විස්ගේ ගායනයට ඇහුම්කන් දෙන එඩී කියනවා “ඔබ ට්‍රක් රථ රියැදුරු රැකියාව ඔස්සේම ඉදිරියට යන්න, මේ ගොරහැ¾ඩි හඬත් එක්ක ඔබට ජීවිතේට ගායකයෙක් වෙන්න බෑ” කියලා.

මාස ගණනකට පස්සේ අනපේක්ෂිත ලෙස එල්විස්ට දුරකථන ඇමතුමක් එනවා ඔහුව ප්‍රතික්ෂේප කළ Sun Records  ආයතනයෙන් හඬ පරීක්ෂණයකට සහභාගි වෙන්න ආරාධනා කරමින්. ඔහු පටිගත කරනවා. Heat break Hotel ගීතය. නොසිතූ විරූ ලෙස ඇමෙරිකාවේ ගීත දර්ශකවල අංක එකේ ගීතය බවට එය පත් වෙනවා. විසි එක් හැවිරිදි ට්‍රක් රථ රියැදුරා ලෝකය පුරා උන්මාදයක් වීම ආරම්භ වුණේ එතැනින්.

පුංචි කාලයේ තමන්ගේ මවට වුණු පොරොන්දුව එල්විස් ඉෂ්ට කළා. අෑව මහා මන්දිරයක පදිංචි කළා විතරක් නෙවෙයි සංගීත ලෝකයේ ප්‍රබලතම සංස්කෘතික සන්නාමයක් වෙමින් ලෝක කලා ඉතිහාසයේ බිහිවුණු දක්ෂතම කලා ශිල්පියෙක් ලෙස නොමැකෙන නාමයක් සනිටුහන් කළා. එල්විස් ජීවත් වුණේ අවුරුදු 42යි. හදිසි හෘදයාබාධයකින් ඔහු මෙලොව හැර යනවා. නමුත් ඔහුගේ සලකුණ, විලාසිතා නිර්මාණ අදටත් උත්කර්ෂයට නැඟෙනවා. කවුරුහරි බෑ කියලා කිව්වොත් නෑ. මට ඒක පුළුවන් කියලා නිතරම හිතන්න.

ෂෙනාල් ගුණසේකර
Share This Article
Hiru Tv Blog
ඝර්ම කළාපීය රටක් වන ශ්‍රී ලංකාව ඉතාම ප්‍රණීත...
Hiru Tv Blog
අපේ පැරැන්නන් බොහෝ විට ලෙඩ රෝගවලට සැලකුවේ...
Hiru Tv Blog
ශරීරයේ බර අඩුකර ගැනීම තරම් ජනප්‍රිය මාතෘකාවක්...
Hiru Tv Blog
Thursday, 07 November 2019 - 14:21
Hiru Tv Blog 2,003 Views
රෑට නාන්න පුරුදු වෙලා ඉන්න ගොඩක් අය  නොදැණුවත්කම...
Hiru Tv Blog
දැඩි හිරු රශ්මියට නිරාවරණය වන්නට සිදු...
Hiru Tv Blog
ප්‍රසිද්ධ ව්‍යාපාරික අධිපති මුකේෂ් අම්බානිගේ ලේලිය (සහෝදරියගේ දුව) නයනතාරාගේ...
Hiru Tv Blog
වසර 4කට වරක් පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලිය යනු ලෝක කුසලාන ක්‍රිකට් හා...
Hiru Tv Blog
නර්ථන ශිල්පිනියක් ලෙස කලා ලෝකයට පැමිණි ඇය මේ වන විට සිය කලා දිවියේ දශකයද ඉක්මවා...
Hiru Tv Blog
Saturday, 06 July 2019
Hiru Tv Blog 7,873 Views
1G , 2G, 3G  යන යුග පසු කරමින් වර්තමානයේ අපි ඉන්නේ 4G, 4G LTE  යුගයේ, ඔන්න දැන් 4G LTE  යුගයේත්...
Hiru Tv Blog
පසුගියදා Facebook, Instagram, WhatsApp යන සමාජ මාධ්‍ය ජාලා හදිසියේම කඩාවැටීමකට ලක්වුණා. WhatsApp සහ...
Hiru Tv Blog
Android 4.0.3, IOS 8 හෝ KaiOS 2.5.1 මෙහෙයුම් පද්ධති වලින් ක්‍රියාත්මක වන ජංගම දුරකථන WhatsApp භාවිතය...
Top