පසුගියදා ඇති වූ සමාජ ජාලා ඇනහිටීමේ ඇත්තම කතාව
Saturday, 06 July 2019 - 17:00 | Views - 3,705

පසුගියදා Facebook, Instagram, WhatsApp යන සමාජ මාධ්‍ය ජාලා හදිසියේම කඩාවැටීමකට ලක්වුණා.

WhatsApp සහ Instagram යනු Facebook ආයතනයට අයත් සමාජ ජාල මාධ්‍ය අඩවි වනවා. 

සවස 7.20 පමන මෙම බිදවැටීම පිලිබදව වාර්තා වීම සමගම ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය එය ශ්‍රී ලංකාවටම පමණක් පොදුවූ තත්වයක් නොව සමස්ත ලෝකයටම බලපාන ලද බිදවැටීමක් ලෙස නිවේදනය කළා.

මෙම බිද වැටීමට හේතුව Server ගැටලුවක් නිසා බවයි ඔවුන් වැඩි දුරටත් සඳහන් කෙළේ.

Facebook, Instagram, WhatsApp යෙදුමෙහි චායාරූප,වීඩියෝපට සහ අනෙකුත් මාධ්‍ය යන භාගත නොවී පැවතීම සහ එම අඩවියන් පරිශීලක ගිණුම් වලට පිවිසීමේදී පවා යම් යම් බාධා ඇති වුණා.

ඉකුත් 2දා ලොව පුරා වෙබ් අඩවි ගණනාවකට සේවා සපයන Cloudflare ආයතනයේ තාක්ෂණික බිදවැටීමක් සිදුවීම හේතුවෙන් සමස්ත අන්තර්ජාලයේ පවතින වෙබ් අඩවි වල විශාල ප්‍රමාණයක් බිදවැටිමකට ලක්වී ඇති අතර මෙම බිදවැටීම මිලියන ගණනක් වූ වෙබ් අඩවි ප්‍රමාණයකට බලපා තිබෙනවා.

මෙම මිලියන ගණනක් වූ වෙබ් අඩවි අතරට ශ්‍රී ලාංකික වෙබ් අඩවි සුළු ප්‍රමාණයක්ද ඇතුලත්වන බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වෙත වාර්තා වී තිබෙන බවයි එහි මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කලේ.

මෙම බිදවැටීම් දෙකම එකිනෙකට සම්බන්ධයැයි කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ යම්කිසි සංවිධානාත්මක පිරිසක් කටකතා පතුරුවන ලැබුවත්  එම කටකතා සත්‍ය නොවන අතර ෆේස්බුක් වැනි ලෝකයේ වැඩිම පරිශීලකයන් පිරිසක් සිටින සමාජ මාධ්‍ය අඩවියක් තවත් ආයතනයකින් Server පහසුකම් මිලදී නොගන්නා අතර තම දත්ත ගබඩා කරගැනීමට අදාළ Data Centers ඔවුන් සතුවම පවතිනවා.

එමෙන්ම මෙම සමාජ මාධ්‍ය ජාල අඩවි මේ වසර හා පසුගිය වසර කිහිපයකදීම කිහිප වතාවක් බිදවැටුණු අතර එම බිදවැටීම් සියල්ලටම හේතුව ලෙස Server හා බැදී තාක්ෂණික ගැටළු යැයි ඔවුන් විසින් තම පරිශීලකයන් හට දන්වා තිබෙනවා.

Share This Article
Hiru Tv Blog
ජීවයේ පැවැත්මට ජලය අත්‍යවශ්‍ය සාධකයක්...
Hiru Tv Blog
Friday, 20 September 2019 - 12:18
Hiru Tv Blog 653 Views
කවුරුත් කැමැතියි ලස්සන වෙන්න. එහෙමයි කියලා...
Hiru Tv Blog
දේශ ගවේෂකයකු වූ ක්‍රිස්ටෝපර් කොළොම්බස්...
Hiru Tv Blog
උසේ ප‍්‍රමාණයට වඩා බර වැඩි වෙන එක අපේ...
Hiru Tv Blog
"ලීවින්ග් නෙවර්ලෑන්ඩ්"( Leaving Neverland) වාර්තාමය චිත්‍රපටයට "එමී" සම්මානය පිරිනැමීමට...
Hiru Tv Blog
කයිලි ජෙනර් කියන්නේ ලෝකයේ සිටින ලාබාලතම බිලියනපතිනියයි. කාලෙන් කාලෙට පුවත්...
Hiru Tv Blog
Vogue Japan සඟරාවේ 20 වැනි සංවත්සරය මිලාන් නුවර පවත්වා තිබෙනවා . එම උත්සවය සදහා ජනප්‍රිය...
Hiru Tv Blog
Saturday, 06 July 2019
Hiru Tv Blog 4,820 Views
1G , 2G, 3G  යන යුග පසු කරමින් වර්තමානයේ අපි ඉන්නේ 4G, 4G LTE  යුගයේ, ඔන්න දැන් 4G LTE  යුගයේත්...
Hiru Tv Blog
පසුගියදා Facebook, Instagram, WhatsApp යන සමාජ මාධ්‍ය ජාලා හදිසියේම කඩාවැටීමකට ලක්වුණා. WhatsApp සහ...
Hiru Tv Blog
Android 4.0.3, IOS 8 හෝ KaiOS 2.5.1 මෙහෙයුම් පද්ධති වලින් ක්‍රියාත්මක වන ජංගම දුරකථන WhatsApp භාවිතය...
Top