ස්නානය කළ විගසම ඩියොඩ්රන් ආලේපය සුදුසු ද?
Monday, 01 July 2019 - 16:00 | Views - 1,230
ඇමෙරිකානු චර්ම රෝග විශේෂඥයන්ගේ විද්‍යායතනයේ ප්‍රකාශිකා වෛද්‍ය ලොරේන් එකර්ටි ප්ලොව් පවසන්නේ ස්නානය කළ විගසම ‘ඩියොඩ්රන්ට්ස්’ ආලේප නොකළ යුතු බවයි. ස්නානයෙන් මිනිත්තු 15ක් ගිය පසු එය ආලේප කිරීම වඩා සුදුසු බැව් ඇය පවසයි. හදිසි ගමනක් යෑමට ඇත්නම් ‘ඩ්‍රයර්’ එකක් මඟින් තත්පර දහයක් පමණ කිහිළි වියළා ඩියොඩ්රන්ට් ගැල්විය හැකි බැව් ඇය වැඩිදුරට පවසයි. කොහොම නමුත් දහඩිය දුගඳ නැති කර දැමීමට නම් හොඳින් ස්නානය සිදු කර මේ ආකාරයට ඩියොඩ්රන්් පාවිච්චිය හොඳයි.
Share This Article